ගෞතම බුද්ධ චරිතය
බළන්ගොඩ ආනන්ද මෛත්රෙය හිමි
පොත ගැන
ශාක්යමුනීන්ද්රාවදානය
හෙවත් සිද්ධාර්ථ ගෞතම
බුද්ධ චරිතය
සම්පාදක
බළන්ගොඩ ආනන්දමෛත්රෙය
මහනායක හිමිපාණන් වහන්සේ
බුද්ධ කාලයේ ජම්බුද්වීපය භූමි විස්තරය ඇතුළත් උපන්යාස
පිරිනැමීමයි
මේ ‘ශාක්යමුනීන්ද්රාවදාන’ ග්රන්ථය
මට දම් සතර උගන්වාවදාළ
මුර්තිමත් ගුණකදම්බයක් වූ
විනයාචාර්ය්ය ආභිධර්මික
දෙණිහේනේ ශීලානන්දාභිධාන
මගේ ආචාර්යපාදයන් වහන්සේ ගේ
ශ්රී නාමයට
ආදරභක්තියෙන් පිරිනැමෙන
උපහාරයෙක් වේවා.
බළන්ගොඩ ආනන්දමෛත්රෙය භික්ෂු
මෙම පොත (සංශෝධිත මුද්රණය 2000) අතිගරු බළන්ගොඩ ආනන්දමෛත්රෙය මහා නාහිමිපාණන් වහන්සේ විසින් අපවත්වීමට ප්රථම සංස්කරණය කරන ලදී.