ප්‍රාසාද

උතුරු දඹදිවැ කාලගුණය අනුව ශීත සෘතුව, ග්‍රීෂ්ම සෘතුව, වර්ෂා සෘතුව යැයි සෘතු තුනෙකි. ශීත සෘතුවට අයත් මාස සතරෙහි දැඩි ශීතය ද ග්‍රීෂ්ම සෘතුවෙහි සාර මසෙහි ම උෂ්ණය ද, වැසි සාර මසෙහි නො තොර වැස්ස ද පවතී. එබැවින් සමහරු තමනට අහිතකර සෘතු ගුණය ඇති වූ විට ඈත පෙදෙස්වලට යෙති. බොහෝ පොහොසත් උදවිය තමන් ඉන්නා පෙදෙහි ම වෙනස් වන සෘතු ගුණය අනුව එයට ගැළපෙන පරිදි නිවාස පිළියෙල කරවා ගෙන ඒ ඒ සෘතුවලදී ඒවාට මාරු වෙති.[1]

ශුද්ධෝදන මහ රජාණෝ ද තම දරුවනට තුන් සෘතුවට සරිලන වෙන් වෙන් උයන් හා ප්‍රාසාද කැරැවූහ. සිද්‍ධාර්ථ කුමාරයන් සඳහා රම්‍ය සුරම්‍ය ශුභ නමින් ප්‍රාසාද තුනක් කැරැවූහ.

අනු මාතෘකා
  1. යසකුල පුතුනට ද සිය පියා විසින් තුන් සෘතුවට සරිලන සේ වූ ප්‍රාසාද තුනක් කරවා දී තිබුණු බව මහාවග්ග (විනය)පාළියෙහි දැක්වෙයි.