එ තන් පටන් සතියක් කල් ශුද්ධෝදන රහත්හු විමුක්ති සැප විඳිමින් කල් ගෙවා, සත් දින අවසන්හි භාග්‍යවතුන් වහන්සේ වැඳ, ඒ මංචකයෙහි ම හිඳ සිය ඇමැති ගණයා කැඳවා, තමන් ගෙන් වූ වරදෙක් ඇත් නම් ක්ෂමා කරන ලෙස වදාරා, කඳුළු ධාරායෙන් නැහැවෙමින් වටා රැස්ව හඬා වැලපෙන ප්‍රජාවතීගෞතමී දේවී ප්‍රමුඛ රජ පවුලෙහි ලොකු කුඩා සියල්ලට ශෝක වීමේ නිෂ්ඵල බව දක්වා අනිත්‍යතා ප්‍රතිසංයුත්ත ධර්ම කථායෙන් අවවාද කොට, එ යහන් මතැ සැතපී අනුපාදිශේෂ පරිනිර්වාණධාතුයෙන් පිරිනිවන් පෑහ.
භාග්‍යවතුන් වහන්සේ පීතෘ දේහය ආදාහන කරවා රැස් වූ මහ පිරිසට දම් දෙසා ඉන් නික්ම පෙරළා විසාලා මහනුවරට ම වැඩි සේක.