බෝසතාණන් මව කුසින් බිහි වූ කෙණෙහි දෙවියෝ ලුම්බිනී උයනෙහි රැස්වූහ. ඔවුන් අතුරෙන් සතර දෙනෙක් බඹහු මව කුසින් බිහිවූ බෝසතාණන් රන් දැලින් පිළිගත්හ. ඔවුන් අතින් වරම් රජුහු ද[1] ඔවුනතින් ඇමතියෝ ද ඔබ පිළිගත්හ.
බෝසතාණන් වහන්සේ ඇමැතියන් අතින් බිමට බැස පියුම් පිට සත් පියක් වැඩ සත්වන පියවරෙහි සිටැ
“මම ලොවට අග්‍රයෙමි, ජ්‍යෙෂ්ඨයෙමි,
ශ්‍රේෂ්ඨයෙමි, මේ මගේ අන්තිම අත්බව ය.
මෙයට පසු මට භවෝත්පත්තියක් නැතැයි”
වදාළාහ.[2]
පෙරළා කිඹුල්වත් පුරයට යෑම
මෙයට පසු, කිඹුල්වත් පුරයෙන් ද දෙව්දහ නුවරින් දැයි දෙපෙදෙසින් ම එක්රැස් වැ සිටි නෑදෑයෝ බෝසතාණනුන් මෑණියනුත් මහ පෙරහැරින් කිඹුල්වත් පුරයට වැඩම කැරැවූහ.10