නිවන් සුව අපේක්ෂා කෙරෙමින් අප්‍රාණකධ්‍යානය දැඩි සේ වඩන බෝසතාණන් දුටු වසවත් දෙව්පුත් “සිද්‍ධාර්ථ කුමාරයන්ගේ වෑයම ඉතා මහත් ය. කිසි දවසක බුදුවනු සැක නැත. දැන් ම ඔහු රවටා දුෂ්කර ක්‍රියාව නවතාලුවොත් යහපතැ” යි සිතීය. දවසක් හේ බෝසතාණන් වෙත ගොස් හිත විලාසයක් පා, “යහලුව, ඔබ කෙට්ටු ය, දුර්වර්ණ ය, මැරෙන්නට ළඟ ය. මරණය අතට ම බරවූ අප්‍රාණකධ්‍යානාදී දෑ දහස් ගණනෙකි. එයට ඔබේ ජීවිතය එක් කොටසක් වා පමණෙකි. පින්වතාණෙනි, මේ තරම් දුක් නො විඳින්න, ජීවත් වෙන්න. ජීවත් වීම මරණයට වඩා උතුම්. හොඳට ආහාර පාන ගනිමින් ජීවත් වෙමින් දානමානාදී පින් කරන්න. ඒ අතර ඉඩ ලැබෙන පරිදි බඹසර ද පුරන්න. හෝම පූජා කරන්න. එයින් බොහෝ පින් රැස් වේ. ජීවත් වේදෝ යි සැක සිතෙන තරමට කටුක ලෙස මේ දුෂ්කර ව්‍රත පිරීමෙන් සිදු වන යහපත කිමෙක්ද? යහලුව, පෙර බුද්ධාංකුරයන් ගිය ප්‍රධාන වීර්ය මාර්ගය අද සිටින අයට දුර්ගම එකෙක, දුෂ්ප්‍රාප්‍ය එකෙකැ” යි ව්‍යාජ දයාවක් පෙන්වා කීයේ ය.