“මහණෙනි, සියල්ල ගින්නෙන් ඇවිලැ ගත්තේය. මහණෙනි, කවර සියල්ලෙක් ගින්නෙන් ඇවිලැ ගත්තේ ද? යත්: මහණෙනි, ඇස ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. රූප ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. චක්ෂූර් විඥානය ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. චක්ෂුඃස්පර්ශය ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. චක්ෂුඃස්පර්ශයෙන් පහළ වන සුඛ දුඃඛ උපේක්ෂා යන තුන් වේදනා ගින්නෙන් ඇවිලැ ගත්තේ ය.
ඒ කවර ගින්නෙකින් ද? යත් : රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන් මෝහ ගින්නෙන් ය. ජාති ජරා මරණ ශෝක දුක්ඛ දෞර්මනස්‍ය උපායාස නැමැති දුක් ගිනිවලින් යැ යි කියම්.
කණ... ශබ්ද... ශ්‍රෝත්‍ර විඥානය.. ඝ්‍රාණය... ගන්ධ.. ඝ්‍රාණ විඥානය.... දිව ..රස... ජිහ්වා විඥානය.... කය ... ස්ප්‍රෂ්ටව්‍ය .... කාය විඥාන.. මනස....ධර්ම.. මනෝ විඥානය.... මනඃ සංස්පර්ශ ප්‍රත්‍යයයෙන් පහළ වන සුඛ දුඃඛ උපේක්ෂා යන තුන් වේදනා ද ගින්නෙන් ඇවිල ගත්තේය.
කවර ගින්නෙකින් ද? යත්: රාගාග්නි, ද්වේෂාග්නි, මෝහාග්නි යන කෙලෙස් ගිනිවලින් ඇවිල ගත්තේ ය. ජාති ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස සංඛ්‍යාත දුක් ගිනිවලින් ඇවිල ගත්තේ යැ” යි මම කියමි.
මහණෙනි, මෙ සේ නැණසින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහි කලකිරේ. රූප කෙරෙහි ද කලකිරේ. චක්ෂූර් විඥානය කෙරෙහි ද කලකිරේ. චක්ෂූඃස්පර්ශයෙහිද කලකිරේ. චක්ෂුඃස්පර්ශ ප්‍රත්‍යයයෙන් පහළ වන සැප දුක් උපේක්ෂා යන තුන් වේදනා කෙරෙහි ද කලකිරේ. ශ්‍රෝත්‍රය කෙරෙහි ද කලකිරේ. ශබ්ද... ශ්‍රෝත්‍ර විඥානය... ඝ්‍රාණය..... ගන්ධ... ජීහ්වා... රස... කාය..... ස්ප්‍රෂ්ට්‍ය... මනස... ධර්මාලම්බන.. මනඃසංස්පර්ශ... මනඃසංස්පර්ශයෙන් පහළ වන සැප දුක් උපේක්ෂා යන ත්‍රිවිධ වේදනා කෙරෙහි ද කලකිරේ. කලකිරෙන්නේ නො ඇලේ. මේ රහත් බව පිණිස වෙන කළ යුත්තෙක් නැත්තේ යැ යි දැන ගනී.”
මේ ධර්ම දේශනාව අසා ඒ දහසක් භික්ෂූහු රහත් වූහ.