සිප් සතර ඉගැන්ම

star_outline

18සිය දරුවනට සිප් සතර ඉගැන්මට කාල යැ යි සැලකූ ශුද්ධෝදන රජ තුමා සුදුසු ඇදුරක් හු සොයනුයේ, එදා පැවැති හැම සිප් සතරෙහි ප්‍රවීණ සර්වමිත්‍ර (විශ්වාමිත්‍ර)19 නම් බමුණු පඬිවරයා ගැන අසා ඔහු ගෙන්වා මාළිගාවෙහි ම රඳවාගෙන සිදුහත් කුමරු නන්ද කුමරු ආදී රජ පවුලේ දරුවනට ඉගැන්වීම සිදු කැරැවීය. ඔවුන් අතුරෙන් සිදුහත් කුමරුවාණෝ කල්නො යා දීම ඇදුරු බමුණා දත් සියලු සිප් සතර උගත් හ.[1] 20

  1. මෙසේ සිප් සතර උගත් සිදුහත් බෝසතාණෝ බ්‍රාහ්මී නම් විශේෂ අකුරු වගයක් අමුතුවෙන් නිපැදවූහ යි ක්ෂෙමේන්ද්‍ර පඬිහු කළ අවදාන කල්පලතාපල්ලවයෙහි දැක්වේ. අශෝක රජ භාවිත කළේ ඒ අකුරු ය. පසුව අශෝකාක්‍ෂර නමින් ද ඒවා හැඳින්වුණහ.