මේ වනාහි ජම්බුකාජීවකයාට ප්‍රසන්න වැ සිටි අඟු මගද දෙ රට වැසි බොහෝ ජනයා ඔහුට සත්කාර ගෙන ආ දවස ය. භාග්‍යවතුන් වහන්සේ වෙත ජම්බුකයන් ඉන්නා දුටු මහජනයාට “මේ දෙදෙනා ගෙන් කවරෙක් මහත් දැ?” යි සැක ඇති වී ය. ඔවුන්ගේ පරිවිතර්කය දත් භාග්‍යවතුන් වහන්සේ ජම්බුක තෙරුන් අමතා,
“එ පිරිසේ සැකය දුරු කරව” යි වදාළ සේක. තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ පාමුලැ වැතිර වැඳ තමන් ශ්‍රාවක බව දැක්වූහ. ඒ ඇසූ මහජනයා බුද්‍ධ ගුණයේ මහත් බව ගැන පුදුමයට පත් වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස හා කථාව පටන් ගෙන, නොකා නො බී තපස් රැකීම නිෂ්ඵල ක්‍රියාවක් බව වදාරන සේක්,
“දහම් පිරිසිඳ නො දත් යමෙක් මසකට වරක් තණ පත් කෙළවරින් බොජුන් බිඳක් ගෙන වළඳන්නේ නමුදු හෙතෙම සිවුසස් දහම් පිරිසිඳ දත් ආර්‍ය්‍ය පුද්ගලයන් ගේ සොළොස් වන කලාව පමණ වත් නො වටී යැ” යි වදාළ සේක.147