දෙවෙනි තෙවෙනි වස් රජගහ පුරැ වේළුවනයෙහි

star_outline

භාග්‍යවතුන් වහන්සේ රජගහපුර වැඩීම, විසල්පුරැ වැඩීම.

භාග්‍යවතුන් වහන්සේ ටික කලක් අනුපිය, නිගමයෙහි වැස ඉන් නික්ම රජගහ පුරයට වැඩි සේක. මෙ සමයෙහි විසාලා මහනුවර රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ යන තුන් හේතුයෙන් හට ගත් උපද්‍රවයෙන් පෙළුණේ විය. විසාලා මහනුවර රජුහු බුදුරජාණන් වහන්සේ ගැන අසා මහාලී ලිච්ඡවී රජුත් පුරෝහිත පුත්‍රයාත් රජගහ පුර යවා භාග්‍යවතුන් වහන්සේට විසල්පුර වඩින්නට අයදැවූහ. ඔවුන් ආයාචනා පරිදි භාග්‍යවතුන් වහන්සේ මහ පෙරහැරින් එහි වැඩ, රතන සූත්‍රය දෙසා සෙත් කොට පුරය නිරුපද්‍රැත කළ සේක. මෙය වූයේ පොසොන් මාසයෙහි ය.

පෙරලා රජගහ පුර වැඩීම

මෙසේ අඩ මසක් පමණ කල් එහි වැස පෙරළා රජගහපුරයට ම වැඩි සේක.

දෙවැනි වස රජගහ පුර වේළුවනාරාමයෙහි

වැසි කාලය පැමිණියෙන් බුද්‍ධත්වයෙන් දෙවැනි ඒ වර්ෂර්තුව රජගහපුර සමීපයෙහි වූ වේළුවනාරාමයෙහි ම ගත කළ සේක.

අනු මාතෘකා
keyboard_arrow_rightසුමන මාලාකාර සමාගමයstar_outline
keyboard_arrow_rightපුණ්ණයන් පැවිදි වීමstar_outline
keyboard_arrow_rightජම්බුකාජීවක සමාගමstar_outline
keyboard_arrow_rightසිටුහු සෝවාන්වීමstar_outline
keyboard_arrow_rightසැවැත් නුවර වැඩීමstar_outline
keyboard_arrow_rightජේතවන පූජාවstar_outline
keyboard_arrow_rightසිටු නිවසstar_outline
keyboard_arrow_rightනන්ද භික්ෂුstar_outline
keyboard_arrow_rightමංගල සූත්‍ර සමාගමයstar_outline