අජපල් නුග රුක මුල වැඩ ඉන්නා භාග්‍යවතුන් වහන්සේට “අනර්ථ නිඃශ්‍රිත දුෂ්කර ක්‍රියායෙන් තමන් මිදී මැදුම් පිළිවෙතෙහි පිහිටා බුදු වූ බව කොතරම් යෙහෙක් දැ,යි සිතෙක් වී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ වූ කල්පනාව දැනගත් දේවපුත්‍ර මාර තෙම එහි විත්,
“සත්වයන් ගේ ශුද්‍ධියට හේතු වූ තපස් කිරීමෙන් ඉවත් වැ අශුද්ධ වැ “ශුද්ධ වෙමි”යි සිතවු ද? ඔබ ශුද්‍ධිමාර්ගයෙන් බොහෝ ඈත් වැ ඉඳිති”යි කී ය.71
එවිට භාග්‍යවතුන් වහන්සේ “මේ මාරයා”යි දැන,
“නො මැරෙන පිණිස යැ යි කරන ලද ආත්මක්ලමථය, වනයෙහි නැවක් හබලෙන් පදනට තැත් කිරීමක් මෙන්, නිෂ්ඵල හිස් අවැඩ ගෙන දෙන එකෙකැයි දැන, මාර්ගඥාන ලාභය පිණිස මහත් වූ ශීල සමාධි ප්‍රඥා යන ධර්මත්‍රයය වඩා පරම ශුද්‍ධියට (රහත් බවට) පැමිණියෙමි. මාරය තෝ පැරදුණෙහි” යි වදාළ සේක.
එ විට මාර තෙම “බුදු රජු තමා හැඳින ගත්තේ වනැ”යි දැනැ දොම්නසින් එහි ම අතුරුදහන් විය.