එ සමයෙහි දිනක් රෑ සක්දෙව් රජ මහත් දිව්‍ය සමූහයක් කැටුව අවුත්,
“වහන්ස, කවර දානයෙක් ශ්‍රේෂ්ඨ ද?
කවර රසයෙක් ශ්‍රේෂ්ඨ ද?
කවර රතියෙක් (ඇල්මෙක්) ශ්‍රේෂ්ඨ ද?
තෘෂ්ණාක්ෂයය (අර්හත් බව) කුමක් හෙයින් ශ්‍රේෂ්ඨ ද?
යන ප්‍රශ්න සතර ඇසුයේ ය.
එය විසැඳීම් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ:
“ධර්ම දානය සියලු දීම් මැඩ ජය ගනී. ලෝකෝත්තර ධර්ම රසය සියලු රසයන් මැඩ ජය ගනී. ධර්මය කීම කියැවීම ඇසීම යන මෙහි ඇල්ම සියලු ඇලීම් මැඩ ජය ගනී. තෘෂ්ණාක්ෂයය (රහත් බව) සියලු භව දුක් මැඩ ජයගනී.”165 යැ යි වදාළ සේක.
ධර්මදේශනාවසානයේ දී සුවාසූ දහසක් ප්‍රාණිනට ධර්මාභිසමය විය.
ශක්‍ර තෙම මේ ධර්ම කථාව අසා ප්‍රමුදිත ව “ස්වාමීනි, මෙ සේ උතුම් වූ ධර්මදානය කිරීමේ දී ඒ කථිකයන් ලවා අපට පින් නො දෙවන්නේ මන්ද?” වහන්ස, මෙ තැන් සිට භික්ෂු සංඝයා වහන්සේට වදාරා අපට පින් දෙවනු මැනවැ” යි භාග්‍යවතුන් වහන්සේ ඇයැදී ය.
භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන භික්ෂු සංඝයා රැස්කොට “ලොකු කුඩා මොන ම ධර්ම කථාවක් කළත් එයින් ලබන පින් ලෝවැස්සනට අනුමෝදන් කරවන්නැ”යි වදාළ සේක.