ශමථ විදර්ශනා භාවනා මාර්ගය
මාතර ඥාණාරාම හිමි
පොත ගැන
ශමථ විදර්ශනා භාවනා මාර්ගය
සම්පාදක: මීතිරිගල නිස්සරණ වනයේ කර්මස්ථානාචාර්ය්ය මහෝපාධ්යාය මාතර ශ්රී ඥානාරාම ස්වාමීන්ද්රයන් වහන්සේ
සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියලු දානයන් අභිබවා ධර්ම දානය ජයගනී
මහ පෙළෝ තලය සමතලා කොට අසුන් පනවා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුවා ප්රණීත ම සිවුපසයෙන් උපස්ථාන කරනවාටත් වඩා, ලෝවාමහාපාය, සුවාසූ දහසක් වෙහෙර විහාර, ජේතවනාරාම, පූර්වාරාම වැනි විහාර ගොඩනැගීමටත් වඩා සතරපද ගාථාවකින් තරම්වත් කෙරෙන ධර්ම දානමය පින්කම අති උතුම්යයි බුද්ධ වචනය මුදුනින් පිළිගත් අප මේ දහම් පොත මුද්රණය කරවා ධර්ම දාන වශයෙන් පිරිනමනුයේ අසීමිත ශ්රද්ධාවෙනි.
මේ වස් සමයේ මීතිරිගල ධර්මායතනයේ වස් වසන අති පූජනීය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන්ටත් මෙම ධර්ම දානමය කුසලය උතුම් බුදුබව ලැබීම පිණිස හේතු වේවා! උන්වහන්සේට කායිකව හා මානසිකව පීඩාදෙන සියලුම කර්ම රෝග දුරු වේවා! කල්යාණ මිත්ර ඇසුරෙන් ලැබෙන්නා වු භාවනාමය ආශිර්වාදය තව තවත් යෝගාවචර ප්රතිපදාව රැක ගනිමින් අනුශාසනා කරමින් ශතවර්ෂාධික කාලයක් ආයු වළඳා, සුවසේ පාරමී පුර්ණ කර ගැනීමට හේතු වේවා! වාසනා වේවා!
අති පුජනීය මාතර ශ්රී ඥාණාරාම මාහිමිපාණන්ගේ සෙවනේ වැඩහිඳ සමථ විදර්ශනා භාවනා ප්රගුණ කර ප්රතිපත්ති ශාසනය නගා සිටුවීමට ලොව පුරා බෞද්ධ අබෞද්ධ පිරිසට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් (කමටහන් දේශනා) තමන්ගේ විවේකය ගැන නොසලකා හුදී ජනයා නිවන් මගට යොමු කරන අති පූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේට මෙම ධර්ම දානමය පුන්ය සම්භාරය නිරෝගී චිර ජීවනය ලැබීම පිණිසත්, විවේක සුවයෙන් පාරමී පුරා නිවනෙන් සැනසීම ලැබීම පිණිසත් හේතු වේවා! වාසනා වේවා!
තමන්ගේ විවේකය ගැන නොසලකා කෙතරම් බාධක තිබුනත් මෙම ග්රන්ථයේ අන්තර්ගතය හොඳින් කියවා බලා නිවැරදි කර අප අතට පත් කරදුන්නේ මහත් ධර්ම ගෞරවයකිනුයි. අති පුජනීය උඩුගම්පොළ ධම්මරංසි හිමිපාණන් වහන්සේට මෙම කුසලය නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා! කායික මානසික පීඩා දුරු වී උතුම් වූ ප්රාර්ථනා බෝධියකින් නිවන් අරමුණු වේවා! යි මෙත් සිතින් ප්රාර්ථනා කරමි.
සම්බුද්ධ ශාසනය රක්නා වූත්, බබළවන්නාවූත් සියලුම සම්යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලා ද, සියලු භික්ෂූන් වහන්සේලා ද, මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වෙත්වා!
එසේම, මෙම ධර්ම දානානිසංශ පුණ්යසම්භාරය අප නමින් මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු ඥාති බන්ධු වර්ගයාට නිවන් අවබෝධ වීම පිණිස ම හේතු වේවා! අපගේ දෙමාපියන් දෙපළටත්, මාගේ ආදරණීය බිරිඳ ඇතුළු දරුවන්ටත් නිදුක් නිරෝගී සැප ලැබ සුවසේ පාරමිතා පූරණය කර නිවන අරමුණු කර ගැනීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා! අනන්ත අප්රමාණ දෙව්මිනිසුන් සහිත ලෝකයාට නිවන් සුව පිණිස හේතු වූවා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ ශ්රී සද්ධර්මය මුලු මහත් ලෝක ධාතුව තුල බැබළේවා!
රුවන් රාජපක්ෂ
2013.07.17