මතු දැක්වෙන කරුණු දෙක කලින් ම සිත තබා ගෙන සිත හදා ගැනීම ඔබේ ප්‍රධානතම යුතුකම විය යුතු ය.
1. දිවිපුදා භාවනානුයෝගී වූ ඔබගේ දිවි රැකෙන සේ උවටැන් කරන කරුණාවන්ත සිහිනුවණැති පිරිසක් අවටින් වෙසෙද්ද?
2. භාවනාවේ අතරකදී හෝ අගදී හෝ සමාජයට මුහුණු දුන් ඔබට, ඒ සමාජයේ සතර පැත්තෙන්ම, “පිස්සා, භාවනා පිස්සා” යනාදිය කියමින්, කෑ ගසමින්, හූකියමින්, විවිධ තාඩන පීඩනයෙන් නිග්‍රහ කරන විට, හිරිහැර කරන විට, යාමට තැනක් නැතිවැ නැවැතීමට නිවහනක් නැතිවැ පාරෙන් පාර මාරු වෙමින් දුක් විඳීමට ඔබට පුළුවන් ද? මෙයට යෝගාවචරයා ශක්තිමත් විය යුතුය.
මෙසේ හෙයින් ඉතා දුකසේ භාවනා මනසිකාරය තරමක් දුරට දියුණුවට පත්කර ගෙන, සිතට මදක් සැනසිල්ලක් දීමට සමාජයට පැමිණියොත් සිදු වන්නේ කිය නො හැකි පීඩා රැසක් මැද වැටී මිය යාමටය. නැත්නම් එතරම් කටුක දුක් රැසකට මැදී වීමට ය. අගම්භීර සිතැති ගිහි පැවිදි සමාජය ඔහු ඉක්මනින් අන් ලොවකට ඇතුළු කිරීමට එකතු වී සමගිසම්පන්නවැ වැඩ කරනු දක්නා ලැබේ. අද බුදුසසුනේ ඇතුළතට වැදීගෙන ඉන්නා පිරිස මෙබඳු නම්, පිටතින් ඉන්නා පිරිස කෙබඳු විය හැකි ද? මාරයාගේ හිතවතුන් මෙන් ඉන්නා මොවුන්ගෙන් නිවන් පිණිස වැඩ කරන යෝගාවචරයා කෙසේ බේරෙන්න ද? කෙසේ හෝ මොවුන්ගෙන් බේරීමට යෝගාවචරයා සමත් විය යුතු ය.