8. මරණානුස්සති භාවනාව

ජීවිතං අනියතං - මරණං නියතං

ජීවිතං අනියතං - මරණං නියතං

ජීවිතං අනියතං - මරණං නියතං

-

ජීවත්වීම නියම නැත. මැරීම නියම වී ඇත.

ජීවත් වීම නියම නැත. මැරීම නියම වී ඇත.

ජීවත් වීම නියම නැත. මැරීම නියම වී ඇත.

පමා වීම හැම වැඩකට ම බාධාවෙකි. භාවනාව වැනි මනොමූලික[1] වැඩට ඒ පමා වීම විශේෂයෙන් බාධාවක් සලසන සැටි අපට පෙනෙයි. ඒ පමා නැමැති වැරැද්ද පහසුවෙන් අයින්කර ගැනුමට, ඈත්කර ගැනීමට තමාට කවර මොහොතක හෝ මරණය ළඟාවෙන වග මරණයෙන් සියල්ල යටකරගන්නා වග සලකන කල භාවනාදී හොඳ වැඩෙහි සිත උනන්දු කර ගතහැකි වෙයි. එයින් අප්‍රමාදය (නොපමාව) මතු වීමෙන් වැඩවල යෙදීම සඳහා සතියට ඉඩ සැලැසෙයි.

  1. වැඩ කළ බව සිතා හෝ කරන්නට ඇති වැඩ ගැන සිතා හෝ කුසීත වීමට ඉඩ නැත.
  2. ගිය ගමන් ගැන සිතා හෝ යන්නට ඇති ගමන් ගැන සිතා හෝ කුසීත වීමට ඉඩ නැත.
  3. හටගත් ලෙඩක දී හෝ ලෙඩින් නැගී සිටිවිට හෝ ලෙඩ ගැන සලකා කුසීත වීමට ඉඩ නැත.
  4. සැහෙන පමණට කුසට අහරක් නොලැබීමෙන් ඒ පාඩුව සිතා ගෙන හෝ කුසට අහර සෑහෙන පමණ ලැබීමෙන් ඒ ගැන සිතාගෙන හෝ කුසීත වීමට ඉඩ නැත. ඒ හැම අවස්ථාවකදී ම දැන් දැන් පැමිණීමට ඉඩ තිබෙන මරණයට කළ යුතු වැඩට ඉදිරිපත් වීමට සිත පහළ වනු ඇත.

මෙසේ ද සලකන්න:-

  1. උදේ ඉර පායන විට තණකොළ අගිස්සේ පිනි බිඳුව මුතු ඇටයක් මෙන් බබළනු පෙනෙයි. එය තව සුළු වේලාවකින් වියලී නො පෙනෙන තත්ත්වයට වැටෙයි. මේ සත්ත්වයන්ගේ ජීවිතය ද කොතරම් අගයක වැජඹුණත් මරණ නැමැති හිරුගෙන් වියලී යනු පෙනේ. මරණයේ සැටි පෙරත් මෙසේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි.
  2. තදින් සුළඟ හමන විට දැල්වූ පහන ඒ සුළඟින් නිවී යන්නාසේ මේ ආයුෂ නම් වූ ජීවිතෙන්‍ද්‍රිය සහිත නාමරූප සන්තතිය ගෙවී යයි. මෙසේ මේ ජීවිතය අනියතය, මරණය නියතය.
  3. මහා සම්පත්තියෙන් ආඪ්‍යව සම්පූර්ණ ව සිටි මහා සම්මතා දී රජවරු ද සිටුවරු ද තවත් මහා ගුණවත් බලවත් තෙදවත් උතුමෝ ද මරණයෙන් ඒ ගුණ බල තෙද අවසන් කොට මරණයට පත් වූහ. මෙසේ ජීවිතය අනියත ය, මරණය නියත ය.
  4. ඇතුළත වූ ද පිටත වූ ද පඨවිධාතු කෝපය නිසා ද මේ ජීවිතයට හානි පැමිණෙයි. මෙසේ හෙයින් ද ජීවිතය අනියතය, මරණය නියතය.
  5. ආපෝධාතුව කිපීමෙන් සෙම් දොස් කිපීමෙන් මේ ජීවිතය නැතිවී යයි. එහෙයින් මේ ජීවිතය අනියතය, මරණය නියතය.
  6. තේජෝධාතුව පිත කිපීමෙන් ද මේ ජීවිතය වැනසී යයි. එහෙයින් ද ජීවිතය අනියතය, මරණය නියතය.
  7. වායෝධාතුව කිපීමෙන් ද මේ ජීවිතය වැනසීයයි. එහෙයින් ද ජීවිතය අනියතය, මරණය නියතය.
  8. ආශ්වාස ප්‍රශ්වාස දෙක නැවැතී යාමෙන් පැවැත්මට ඉඩ නො ලැබීමෙන් ද මේ ජීවිතය වැනැසී යනු ඇත. එහෙයින් ද ජීවිතය අනියතය, මරණය නියතය.

මෙහි ක්‍රමය මෙසේය

ප්‍රධාන භාවනාවක් සාර්ථක අන්දමින් පවත්වා ගෙන යාම සඳහා මුල දී සලකා ගත යුතු ආකාර කීපයෙකි. මේ සතර කමටහන් පිළිබඳ භාවනාවක් කිරීමේ දී එතරම් කරුණු සෙවීම ඇවැසි නැත.

ප්‍රධාන භාවනාවක් කිරීමට පටන් ගැනීමේ දී මේ භාවනා සතර හොඳට දියුණුවට තබා ගැනීම බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. මූල කර්මස්ථානය නම් වූ ප්‍රධාන භාවනාව පටන්ගෙන කරගෙන යාමේදී දවස මුල දී මේ භාවනා සතරින් ආරම්භ කිරීම මැනැවි. මේ සතර මැනැවින් පුහුණුව ලද්දහු විසින් ආරම්භයේ දී කෙටියෙන් කිරීම ද ඍද්ධිපාදයන් වැඩුණු විට ඒ ඉද්ධිපාද ධර්මයනට ඉඩතබා කෙළින් ම මූල කර්මස්ථානයට සිත යොමු කිරීම ද සිරිත් වශයෙන් සිදුවනු ඇත.

  1. සිත මුල්කරගත්