මරණ භය ගැන නිතර සැලකීම

භාවෙථ භො මරණ මාර විවජ්ජනා ය,

ලොකෙ සදා මරණ සඤ්ඤ මිමං යතත්තා,

එවංහි භාවිත මනස්ස නරස්ස තස්ස

තණ්හා පහීයති සරිර ගතා අසෙසා.

පින්වත්නි, මරණ නැමති මාරයා දුරැලීම පිණිස, මේ අත්මභාව සංඛ්‍යාත ලෝකයෙහි, මරණ සංඥාව, තැන්පත් කරගත් කයත් සිතත් ඇතිවැ වඩවු. මෙසේ වැඩූ සිත් ඇති ඒ සත්ත්වයාගේ සිරුර සම්බන්ධ කොට ගෙන පවත්නා හැම තණ්හාවම පහවෙයි.

රූපං ජරා පියතරං මලිනී කරොති-

සබ්බං බලං හරති අත්තනි ඝොර රොගො,

නානූපභොග පරිරක්ඛිත මත්තභාවං-

භො මච්චු සංහරති කිං ඵල මත්තභාවෙ.

ජාරාව ඉතා මනාප වූ රූපය කිළිටි කරයි. කාශස්වාසාදි බියකරු රෝග තෙමේ තමා කෙරෙහි වූ සියලු ම බලය හෙවත් ශක්තිය පැහැර ගනියි. පින්වතුනි, මරණය තෙමේ නොයෙක් උපභෝග පරිභෝග වස්තූන්ගෙන් රක්නා ලද මේ ජීවිතය වනසා දමයි. එබැවින් ජීවිතයෙහි කිනම් ප්‍රයෝජනයක් ඇද්ද.

කම්මානිලා පහතරොග තරඞ්ග භඞ්ගෙ-

සංසාර සාගර මුඛෙ විතතෙ විපන්නා,

මා මා පමාද මකරිත්‍ථ කරොථ මොක්ඛං‍

දුක්ඛොදයො නනු පමාද මයං නරානං.

කර්ම නැමැති සුළඟින් පහර දෙනලද, රෝග නැමැති රළ බිඳුම් ඇති, සංසාර සාගර මුඛයෙහි විපතට වැටුනා වූ තෙපි පමාවට කරුණු දේ නොකරවු, නිවන් ලැබගන්නා වැඩ වඩවු. සත්ත්වයන්ගේ මේ ප්‍රමාදය දුක් උපදවන්නේ නො වේද?[1]

  1. තෙ.ක.