ආරම්මණ සංග්රහය
ආරම්මණයන්ගේ වශයෙන් චිත්ත චෛතසිකයන් බෙදා දැක්වීම ආරම්මණ සංග්රහ නම් වේ.
සිතක් හට ගැනීමට යම් කිසි සිතිය යුතු දෙයක් තිබිය යුතුය. ඒ සිතනු ලබන දෙය කරණකොට ගෙණ සතුටු වීමක් රමණය වීමක් ඇතිවන බැවින් එයට ආරම්මණයයි කියති. ඒ දෙය එල්බගෙන සිත උපදින බැවින් එයටම ආලම්බණ යයි ද කියති.
සිතින් සිතිය නො හැකි දෙයක් නැත. ලෞකික වූද ලෝකෝත් තරවූද, පරමාර්ථවූද, ප්රඥප්තිවූද හැම දෙයක්ම සිතින් සිතිය හැකිවේ. එමෙන්ම, ප්රත්යුත්පන්නවූද, අතීතවූද, අනාගතවූද, කාලවිමුක්තවූද, සියළුම අරමුණු සිත් වලින් ගනු ලබන්නේය.
මේ අරමුණු සයාකාරවේ. එනම් රූපාරම්මණ, සද්දාරම්මණ, ගන්ධාරම්මණ, රසාරම්මණ, පොට්ඨබ්බාරම්මණ, ධම්මාරම්මණ යන මොහුය.