අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මනෝද්වාරික චිත්තයන්ගේ අරමුණු

ධම්මාරම්මණයක් ගෙන හටගන්නා වූ මනොද්වාරික සිත් හැට හතකි. ප්‍රත්‍යුත්පන්නවූද, අතීතවූද, අනාගතවූද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධර්ම සහ නිබ්බාණ පඤ්ඤත්ති යන කාල විමුක්ත ධර්මයන්ද මනොද්වාරික චිත්තයන්ට අරමුණු වෙත්.