නියත කාමාවචර අරමුණු ඇති සිත්
නියත වශයෙන්ම කාමාවචර අරමුණුම ඇති සිත් පස් විස්සකි. (25)
එනම්.
අහේතුක අකුසල විපාක සිත් 7 අහේතුක කුසල විපාක සිත් 8 පඤ්චද්වාරාවජ්ජන සිත 1 හසිතුප්පාද සිත 1 මහාවිපාක සිත් 8 25
මේ සිත් පස්විස්සට මහග්ගත, ලොකොත්තර සහ ප්‍රඥප්ති අරමුණු ගැනීමට නොහැකි වේ. මෙයින් දෙපස් විඤ්ඤාණයෝ රූපාරම්මණාදී එක් එක් අරමුණක්ම අරමුණු කරයි. පඤ්චද්වාරා- වජ්ජනය සහ සම්පටිච්ඡන දෙසිත යන මනොධාතු ත්‍රිකය රූපාදී පසම අරමුණු කරයි.