චක්ඛුද්වාරික චිත්තයන්ගේ අරමුණු
රූප අරමුණක් ගෙන හටගන්නා වූ චක්ඛුද්වාරික සිත් හතලිස් හයකි (46). මේ රූපාරම්මණය, ප්රත්යුත්පන්න රූපය, අතීත රූපය, අනාගත රූපය යයි ත්රිවිධ වේ.
රූපය පවත්නා චිත්තක්ෂණ සතළොස ඇතුළත කාලයේදී ඒ රූපය ප්රත්යුත්පන්න රූපය නම් වේ.
සතළොස් (17) චිත්තක්ෂණය ගතවූ පසු මේ රූපාරම්මණයෝ අතීත රූප නම් වෙති.
ඉදිරි කාලයෙහි හටගන්නා රූප අනාගත රූප නම් වේ. චක්ඛු ද්වාරික සිත්වලට අරමුණු වන්නේ ප්රත්යුත්පන්න රූප පමණය. අතීත රූපත්, අනාගත රූපත් චක්ඛුද්වාරික සිත්වලට අරමුණු නො වේ.