අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ජිව්හාද්වාරික චිත්තයන්ගේ අරමුණු

රසාරම්මණයක් ගෙන හටගන්නාවූ ජිව්හාද්වාරික සිත්ද සතළිස් සයකි (46). මේ සසාළිස් (46) ජිව්හාද්වාරික චිත්තයන්ටද අරමුණු වන්නේ ප්‍රත්‍යුත්පන්න, අතීත, අනාගත රසාරම්මණයන් අතුරෙන් ප්‍රත්‍යුත්පන්න රසාරම්මණයෝ පමණය. අතීත හා අනාගත රසයෝ අරමුණු නොවෙත්.