ගන්ධාරම්මණය
යම් රූප පරමාර්ථයක් ඝාණප්‍රසාදය හා ස්පර්ශවීමෙන් ඝාණ විඤ්ඤාණය ඉපදීමට ගොචර වේද, ඒ රූපයට ගන්ධාරම්මණය යයි කියනු ලැබේ. පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතරූප එක්වූ කල්හි, එහි ඇති යම්කිසි ගන්ධයක්, ඒ සමඟම පහළ වන්නේය. එය මහා භූතරූපයන් නිසා හටගත් උපාදා රූපයකි. රූපකලාපයන් රාශියක් එක්වීමේ දී ඒ ඒ රූපකලාපයන්හි ඒ ඒ ගන්ධ යෝ එකතුවීමෙන් ගන්ධ මිශ්‍රණයක් ඇතිවන්නේය. ඝාණප්‍රසාද යට හමුවන්නේ ඒ ගන්ධ මිශ්‍රණය මිස ඒ ඒ රූපකලාපයන්ගේම වෙන් වෙන්වූ ගන්ධයෝ නොවන බව දත යුතුයි. ඇතැම් රූප කලාපයන්හි ඇති ගන්ධරූපයෝ ඉතා දුර්වල බැවින් ඒ දුර්වල ගන්ධ ඇති රූප කලාපයන්ගෙන් සෑදුනු ද්‍රව්‍යයන්ගේ ගන්ධය නැහැ යට ප්රකටව නොවැටහෙන්නේය, බලවත්වූ ගන්ධරූප ඇති කලාප වල්ට අයත් ගන්ධයෝ ම නැහැයට ප්රකටව වැටහෙන්නාහ. ඈතක තිබෙන යම් ද්‍රව්‍යයක ගන්ධයක් දැනෙන කල්හි, ඒ තැන හටගත් ගන්ධරූපයෝ පැමිණ ඝාණප්රසාදයෙහි නො ගැටෙන්නාහ. චිත්තක් ෂණ සතොළොසකට (17) වැඩි ආයු නැති මේ ගන්ධරූපය නාසය සමීප යට පැමිණවීමට නම් කාලයක් ගතවිය යුතුයි. කම්ම, චිත්ත, ඍතු, ආහාර යන සතරාකාරයෙන්ම හට ගන්නා වූ මේ ගන්ධරූපයෝ ඒ හේතුන් පවත්නාතෙක් නැවත නැවතත් රූප පරම්පරාවන් උපද වන්නේය. වායෝ ධාතුහුගේ හෙවත් වායුවේ උපකාරයෙන් ඒ ඒ දිසාවන්හි මේ රූප පරම්පරාව පැතිර යන්නේය. එබඳු බලවත් ගන්ධ රූප ඇති රූප කලාපයන් ඝාණ ප්‍රසාදය සමීපයෙහි හටගත් කල්හි ඒ ගන්ධාරම්මණය ඝාණ ප්‍රසාදය හා ගැටීමෙන් ගන්ධය දැනගන්නා ඝාණ විඤ්ඤාණ සිත උපදින්නේය. එබැවින් ඝාණ විඤ්ඤාණය විසින් අරමුණු කරනු ලබන්නේ ඝාණ ප්‍රසාදය සමීප යෙහිම හටගත් වර්තමාන හෙවත් ප්‍රත්‍යුත්පන්න ගන්ධාරම්මණය බව දත යුතුයි.