අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අර්හත් මාර්ගඵල හැර සියලු අරමුණු ඇති සිත්

ඤාණසම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් සතර 4

අභිඥා වශයෙන් උපදවාගත් රූපාවචර

පඤ්චම ධ්‍යාන කුසල් සිත 1

5

මේ සිත් පස, අර්හත් මාර්ග සිතත්, අර්හත් ඵල සිතත් හැර ඉතිරි සිත් අසූ හතත්, චෛතසික පනස්දෙකත්, රූප විසිඅටත්, නිර්වාණයත්, ප්‍රඥප්තියත්, යන මොවුන් අරමුණු කරති.