අනියත අරමුණු ඇති සිත්
කාමාවචර, මහග්ගත, පඤ්ඤත්ති අරමුණු ඇති සිත් විස්සෙකි.
එනම්
අකුසල් සිත් දොළොස 12
ඤාණවිප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් සතර 4
ඤාණවිප්‍රයුක්ත කාමාවචර ක්‍රියා සිත් සතර 4
20
මේ විසි චිත්තයෝ අරමුණු නොකරන්නේ ලොකොත්තර අරමුණු පමණය. ලෞකික ධර්ම, එනම් ලෞකික සිත් අසූඑකත් එහි යෙදෙන චෛතසික පනස්දෙකත්, රූප විසිඅටත් යන ධර්ම සියල් ලම අරමුණු කරත්.