අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ලොකොත්තර ධර්‍මයන් අනියත වශයෙන් අරමුණු කරන සිත්

ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් සතර 4

ඤාණ සම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් සතර 4

මනොද්වාරාවජ්ජන ක්‍රියා සිත 1

අභිඥා දෙසිත 2

11

මේ එකොළොස් චිත්තයෝ ලොකොත්තර ධර්මයන් අනියත වශයෙන් අරමුණු කරත්.

නියතඅනියතඑකතුව
කාමාවචර අරමුණු ඇති සිත්253156
මහග්ගත අරමුණු ඇති සිත්63137
ප්‍රඥප්ති අරමුණු ඇති සිත්213152
ලොකොත්තර අරමුණු ඇති සිත්81119

කාමාවචර කුසලයෝ, තෘෂ්ණාව පෙරටුකොට ඇති බැවින් අර්හත් මාර්ග ඵලයන් අරමුණු කිරීමට අසමර්ථවෙති.

ඤාණවිප්‍රයුක්ත කුසල ක්‍රියා සිත් අට, ඤාණය නොයෙදන බැවින් ලොකොත්තර ධර්මයන් අරමුණු නොකරත්.

ඤාණසම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සතරත් අභිඥා කුසලයත් යන පස්දෙනා අර්හත්මාර්ගය, අර්හත්ඵලය හැර සියලුම ධර්මයන් අරමුණු කරත්. ඒ චිත්තයෝ පෘථග්ජන සහ ශෛක්ෂ සන්තානයෙහි හටගනී. රහතන්ගේ සන්තානයෙහි හට නොගනී.

මනොද්වාරාවජ්ජන සිත, ඤාණයෙන් තොරව පවත්නේවී නමුත් සර්‍වඥතාඥාන ගති ඇත්තේ යයි කියති. ඤාණසම්ප්‍රයුක්ත මහා ක්‍රියා චිත්තයෙහි යෙදුනාවූ ප්‍රඥාව සර්‍වඥතාඥානය නම් වේ. ඒ ක්‍රියා චිත්තයට පෙරටුව උපදනා මනොද්වාරාවජ්ජන චිත්තයද එම ක්‍රියා සිතට ඉතාම ආසන්න බැවින් සර්‍වඥතාඥාන ගති ඇත්තේ යයි කියති.

කාමාවචර කුසල් සිත, පෘථග්ජන සන්තානයෙහි උපදනේවී නමුත් ඤාණසම්ප්‍රයුක්ත මහා කුසලයෝ සතර දෙනා නිර්වාණය අරමුණු කිරීමට පොහොසත්වෙති. එයින්ද, සොවාන්, සකෘදාගාමි, අනාගාමි යන ආර්‍ය්‍ය පුද්ගලයන් තුන්දෙනා කෙරෙහි පවත්නාවූ මහා කුසලයෝ නිර්වාණය අරමුණු කරන්නාහුවෙති. පෘථග්ජන සන්තානයෙහි පවත්නා ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිත් අතුරෙන් සොවාන් මාර්ග ඥානයට පළමුව හටගන්නාවූ ගොත්‍රභූ චිත්තයම නිවණ අරමුණු කරයි. එම ගොත්‍රභූ සිත උපදනා කෙණෙහි හෙතෙම පෘථග්ජනවූයේ නමුත්, එයට අනතුරුව උපදනා සෝවාන් මාර්ග චිත්තයෙන් පසු හෙවත් සෝවාන් ඵලක්ෂණයෙහිදී, සෝතාපන්න ආර්‍ය්‍ය පුද්ගලයා නම්වේ.