නියත පඤ්ඤත්ති අරමුණුම ඇති සිත්
| රූපාවචර සිත් පසළොස | 15 |
| ආකාසානඤ්චායතන කුසල විපාක ක්‍රියා සිත් | 3 |
| ආකිඤ්චඤ්ඤායතන කුසල විපාක ක්‍රියා සිත් | 3 |
| 21 |
මෙයින් රූපාවචර සිත් පසළොස, දසකසිණාදි කමටහන් නම්වූ පඤ්ඤත්ති අරමුණක්ම අරමුණු කරති.
ආකාසානඤ්චායතන කුසල, විපාක ක්‍රියා සිත් තුන ආකාශ ප්‍රඥප්තියම අරමුණු කරති.
ආකිඤ්චඤ්ඤායතන කුසල, විපාක ක්‍රියා සිත් තුන අභාව ප්‍රඥප්තියම අරමුණු කරති.