අභිධර්මාර්ථ ප්‍රදීපිකා

නියතානියත ආරම්මණ සංග්‍රහය

ආරම්මණයෝ කොටස් සතරකට බෙදා දක්වනු ලැබේ.

එනම්:-

  1. කාමාවචර අරමුණු
  2. මහග්ගත අරමුණු
  3. ලොකොත්තර අරමුණු
  4. පඤ්ඤත්ති අරමුණු

කාමාවචර අරමුණු - කාමාවචර සිත් පනස්හතරත් (54) එහි යෙදෙන චෛතසික දෙපනසත් (52), සහ රූප විසිඅටත් (28) යන මේ ධර්මයන්ට ඇතුළත් සියළුම අරමුණු කාමාවචර අරමුණු නම් වේ.

මහග්ගත අරමුණු:- මහග්ගත සිත්වලට ඇතුළත් අරමුණු මහග්ගත අරමුණු නම් වේ.

ලොකොත්තර අරමුණු:—ලොකොත්තර සිත් අටටත්, නිර්වාණ ධර්මයටත් ඇතුළත් අරමුණු ලොකොත්තර අරමුණු නම් වේ.

පඤ්ඤත්ති අරමුණු,- දසකසිණ, දසඅසුභ, ආදී භාවනා අරමුණු වලට ඇතුළත් අරමුණු සියල්ලම පඤ්ඤත්ති අරමුණු නම් වේ.