කෘත්‍ය සංග්‍රහය
කෘත්‍යයන් ගේ වශයෙන් චිත්ත චෛතසික ධර්මයන් බෙදා දැක්වීම කෘත්‍ය සංග්‍රහය නම් වේ. සෑම සිතක් ම, සෑම චෛතසිකයක් ම වෙන්වෙන් වූ කෘත්‍ය හෙවත් කාර්ය්ය ඇති ධර්මයෝ වෙති. කෘත්‍යයක් නැති සිතක් හෝ චෛතසිකයක් හෝ නැත.
චිත්තචෛතසිකයන්ට අයත් කෘත්‍යයෝ තුදුසෙකි. (14) ඇතැම් සිත් එකම කෘත්‍යයක් කරන සිත් වෙති. ඇතැම් සිත් කෘත්‍ය දෙක, තුන, සතර හෝ පහ බැගින් කරන සිත් වෙති.
තුදුස් කෘත්‍යයෝ නම්:- පටිසන්ධි, භවාඞ්ග, ආවජ්ජන, දස්සන, සවණ, ඝායන, සායන, ඵුසන, සම්පටිච්ඡන, සන්තීරණ, වොට්ඨපන, ජවන, තදාරම්මණ, චුති යන කෘත්‍යයෝ යි.