වොට්ඨපන කෘත්‍යය (11)
සන්තීරණ සිතින් විමසන ලද රූපාදී අරමුණු පිළිබඳව කෙසේ පිළිපැදිය යුතුදැයි නියමකිරීම හෙවත් අරමුණ නිශ්චය කිරීම වොට්ඨපන කෘත්‍ය නමි.
චක්ඛු විඤ්ඤාණාදි විපාක සිත්වලින් ගන්නාලද අරමුණ පිළිගෙන, විමසා බලා, අරමුණ පිළිබඳව ඒ ඒ කටයුතු කිරීමට පෙර, අරමුණ මෙ බඳු යයි නිශ්චයකර ගැනීම නම්වූ වොට්ඨපන කෘත්‍ය ය සිදුකරන්නේ අහේතුක උපෙක්ඛා සහගත මනොද්වාරාවජ්ජන ක්‍රියා සිතිනි. මේ සිත මනොද්වාර චිත්තවීථියේදී මනොද්වාරයෙන් අරමුණු ගන්නා කල්හි භවාඞ්ග සිත් පරම්පරාව මනොද්වාරික අරමුණට යොමු කිරීම් වශයෙන් ආවර්ජන කෘත්‍යය සිදුකරන්නේය. ජවන් සිත් පහළවන්නාවූ හැම චිත්ත වීථියකම ජවන් සිත්වලට පෙර මේ මනොද්වාරාවජ්ජන සිත පහළ වන්නේම ය.