තදාරම්මණ කෘත්‍යය (13)
වෙගවත්ව උපන් ජවන් සිත්වලට අනතුරුව, ජවන් සිත් විසින් ගන්නා ලද අරමුණෙහිම එල්බ ගැනීම් වශයෙන් ඇතිවීම තදාරම්මණ කෘත්‍ය නම්. වෙගයෙන් දුවගෙන ආ තැනැත්තාට එකවර නවතින්නට බැරි බැවින් ඉදිරියට පියවර දෙකක් පමණ තබා නවතින්නේය. එමෙන්ම පිළිවෙලින් වෙගවත්ව හටගත්තා වූ ජවන් සිත් සතට අනතුරුව එම අරමුණම ගෙන එහි විපාක වශයෙන් තදාරම්මණ සිත් දෙකක් පහළ වන්නේය. බලවත් අරමුණක් ගෙන බලවත්ව හටගන්නා චිත්ත වීථියක මිස දුර්වල චිත්ත වීථියක තදාරම්මණ සිත් නූපදී. එමෙන්ම චිත්ත වීථියක තදාරම්මණ සිත් දෙකක් ඉපදීමට අවකාශ නොලදහොත් එකක් පමණක් නූපදනේය.
තදාරම්මණ කෘත්‍ය කරන සිත් එකොළොසකි. එනම් අහේතුක සන්තීරණ සිත් තුනය. කාම සෝභන මහා විපාක අටය යන සිත් එකොළොසය.