සායන කෘත්‍යය (7)
ජිව්හා ද්වාරයෙන් ගනු ලබන රස අරමුණු දැනගැනීම හෙවත් දිවට වැදගත් රස දැනගැනීම සායන කෘත්‍ය නම් වේ.
රස අරමුණක් ජිව්හා ප්‍රසාද වස්තුව හා ගැටුනු කල්හි පඤ්චද්වාරා වජ්ජන සිතින් රස අරමුණට යොමුකරන ලද සිත් පරම්පරාවෙන් රස දැනගන්නා ජිව්හා විඤ්ඤාණ නම් සිත සායන කෘත්‍ය කරමින් පහළ වන්නේය. රසයාගේ වැද ගැනීමමුත් එහි මිහිරි අමිහිරි කටුක, තිත්ත ආදී රසයන් වෙන් කොට දැන ගැනීමට අසමර්ථය.
සායන කෘත්‍ය කරන සිත් දෙකකි. අමිහිරි වූ, අප්‍රිය වූ, අනිෂ්ට රසයක් හමුවූ කල්හි අහේතුක අකුසල විපාක ජිව්හා විඤ්ඤාණය, සායන කෘත්‍යය කරමින් පහළවන්නේය. ඉෂ්ටවූ ද මිහිරි වූද රසයක් වැදගත් කල්හි අහේතුක කුසල විපාක ජිව්හා විඤ්ඤාණය සායන කෘත්‍ය සිද්ධ කරමින් පහළ වන්නේය.
සායන කෘත්‍ය කරන ජිව්හා විඤ්ඤාණ දෙසිතෙහි අරමුණ සතර මහා භූතයන් නිසා පවත්නා වූ, ජිව්හා විඤ්ඤාණයට ගොචරවන හෙවත් දිවින් විඳගත යුතු අමිහිරිවූ ද, මිහිරිවූ ද රස අරමුණුය.