සන්තීරණ කෘත්‍යය (10)
සම්පටිච්ඡන සිතින් පිළිගන්නා ලද අරමුණ පරික්ෂා කිරීම හෙවත් විමසා බැලීම සන්තීරණ කෘත්‍යය නම් වේ. පඤ්චද්වාරික අරමුණක් ගෙන චිත්තවීථියක් හටගන්නා කල්හි සම්පටිච්ඡන සිතට අනතුරුව සන්තීරණ කෘත්‍ය කරන හෙවත් පිළිගන්නා ලද අරමුණ ස්ථිරව හැඳින ගැනීමට පළමුවෙන් එය විමසා බැලීම් වශයෙන් සන්තීරණ සිත පහළ වන්නේය.
සන්තීරණ කෘත්‍ය කරන සිත් තුනෙකි. අනිෂ්ට අරමුණක් ගෙන විඤ්ඤාණ සිතක් ඇතිවී එය සම්පටිච්ඡන සිතින් පිළිගත් පසු අහේතුක අකුසල විපාක උපෙක්ඛාසහගත සන්තීරණ සිත සන්තීරණ කෘත්‍ය කරමින් උපදින්නේය. ඉෂ්ට මධ්‍යස්ථ වූ අරමුණක් ලත් කල්හි අහේතුක කුසල විපාක උපෙක්ඛාසහගත සන්තීරණ සිතද, අති ඉෂ්ට අරමුණක් හමුවූ කල්හි අහේතුක කුසලවිපාක සොම නස්සසහගත සන්තීරණ සිතද පහළ වන්නේය.
උපෙක්ඛා සහගත සන්තීරණ දෙසිත සන්තීරණ කෘත්‍ය පමණක් නොව පටිසන්ධි, භවාඞ්ග, චුති, තදාරම්මණ යන කෘත්‍යයන් ද කරන් නාහුය. සෝමනස්ස සන්තීරණ සිත සන්තීරණ කෘත්‍ය සහ තදාරම්මණ කෘත්‍ය ද කරන්නේය.
සන්තීරණ සිත්හි අරමුණ එම චිත්තවීථිය හටගැනීමට උප කාර වූ අරමුණමය