කඨිනාස්තරණ විනය කර්මය

star_outline

සඞ්ඝාටි-උත්තරාසඞ්ග-අන්තරවාසක යන නම් වලින් තුන් සිවුරු ඉටා, පරිභෝග කරන්නා වූ භික්ෂූන් වහන්සේට එක් රාත්‍රියකුදු තුන් සිවුරෙන් වෙන්ව විසුව හොත් නිසඟි පචිති ඇවැත් වේ. එබැවින් එසේ තුන් සිවුරු පරිහරණය කරන භික්ෂූන් වහන්සේට යන යන තැනට තුන් සිවුරු ගෙන යාමට සිදුවේ.

එය භික්ෂූන් වහන්සේට තරමක කරදරයකි. කොසොල් රජතුමාගේ සොහොයුරු වූ තිස් නමක් වූ ‘භද්දවග්ගිය’ තෙරුන් වහන්සේලාට එයින් වූ කරදරය දුටු, මහාකාරුණික වූ තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට තරමක පහසුවක් ඇති කර දෙනු වස් ‘අනුජානාමි භික්ඛවෙ! වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං’ යි භික්ෂූන් වහන්සේට පඤ්චානිසංසයක් ලැබෙන්නා වූ ‘කඨිනාස්තරණ විනය කර්මය’ අනුදැන වදාළ සේක.

එය සිදු කරන්නේ මෙසේ ය:-

ගිහිවූ හෝ පැවිදි වූ හෝ යම් කිසි සැදැහැවතකු විසින් කඨිනත්ථාරයට නියමිත කාලය තුළදී, පෙර වස් වැස පවාරණය කළ භික්ෂූන් විෂයෙහි “ඉමං කඨිනචීවරං සඞ්ඝස්ස දෙම” යි චීවරයක් සඟසතු කොට පිදූ කල්හි, මහා සඞ්ඝයා වහන්සේ විසින් එය ගෙන සීමාවට රැස්ව, කඨිනාස්තරණ විනය කර්මය කරනු සඳහා, එය දීමට සුදුසු භික්ෂුවක් තෝරා, මතු දැක්වෙන කර්මවාක්‍යය කියා, කඨින වස්ත්‍රය ඒ භික්ෂුවට ප්‍රදානය කළ යුතු ය.

අනු මාතෘකා
keyboard_arrow_rightකර්ම වාක්‍යයstar_outline
keyboard_arrow_rightකඨින විපත්තිstar_outline
keyboard_arrow_rightනවීන පොතක අදහස්star_outline
keyboard_arrow_rightකඨින විචාරණයstar_outline
keyboard_arrow_rightපුබ්බ කරණයstar_outline
keyboard_arrow_rightමාතෘකා අටstar_outline
keyboard_arrow_rightපළිබෝධ දෙකstar_outline
keyboard_arrow_rightකඨිනානිසංසයstar_outline