ද්වේවාචිකාදි පවාරණා

පවාරණ වාක්‍යය එක් වරක් කීමෙන් කරන පවාරණය ‘ඒකවාචික පවාරණය’ ය. පවාරණ වාක්‍යය දෙවරක් කියා කරන පවාරණය ‘ද්වේවාචික පවාරණය’ ය. සමාන වස් ඇති භික්ෂූන් සමූහ වශයෙන් එක් වර පවාරණය කිරීම ‘සමාන වස්සික පවාරණය’ ය. ඒ ක්‍රමවලින් පවාරණය කරන්නට සිදු වන්නේ බොහෝ භික්ෂූන් ඇති කාලවල ය. මෙකල එපමණ භික්ෂූන් නැති බැවින් ඒ පවාරණා කරන්නට අවස්ථා නො පැමිණේ. එබැවින් ඒවා මෙහි නො දක්වනු ලැබේ. දනු කැමතියන් මහාවග පවාරණක්ඛන්ධකයෙන් බලා ගත යුතු ය.