කඨිනදුස්සය පැවරීමට සුදුසු පුද්ගලයා

කඨින දුස්සය පැවරීමට සියල්ලෝ ම සුදුසු නො වෙති. “අට්ඨහංගෙහි සමන්නාගතො පුග්ගලො භබ්බො කඨිනං අත්ථරිතුං. කතමෙහි අට්ඨහංගෙහි? පුබ්බකරණං ජානාති. පච්චුද්ධාරං ජානාති. අධිට්ඨානං ජානාති. අත්ථාරං ජානාති. මාතිකං ජානාති. පළිබොධං ජානාති. උද්ධාරං ජානාති. ආනිසංසං ජානාති. ඉමෙහි අට්ඨහංගෙහි සමන්නාගතො පුග්ගලො භබ්බො කඨිනං අත්ථරිතුං”

යනුවෙන් පරිවාරපාළියෙහි පුබ්බකරණය දැනීමය, පච්චුද්ධාරය දැනීමය, අධිට්ඨානය දැනීමය, අත්ථාරය දැනීමය. මාතිකාව දැනීමය, පළිබෝධය දැනීමය, උද්ධාරය දැනීමය, ආනිසංසය දැනීමය යන අංග අටින් යුක්ත වන භික්ෂුව ම කඨිනත්ථාරයට සුදුසු වන බව වදාරා තිබේ. කඨිනයක් ගැනීමට සුදුසු පුද්ගලයකු වනු පිණිස කියන ලද කරුණු අට භික්ෂූන් වහන්සේලා විසින් උගත යුතු ය.