කඨිනෝද්ධාර කර්ම වාක්‍යය

star_outline

කඨිනෝද්ධාර කර්මවාක්‍යය මෙසේ ය.

“සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො කඨිනං උද්ධරෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො. සඞ්ඝො කඨිනං උද්ධරති. යස්සායස්මතො ඛමති කඨිනස්ස උබ්භාරො. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්‍ය. උබ්භතං සඞ්ඝෙන කඨිනං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.”

කඨිනත්ථාරමූලක ආනිසංසයට වඩා උද්ධාරමූලක ආනිසංසය මහත් වේ නම් කඨිනෝද්ධාරය කළ යුතු ය. උද්ධාරමූලක ආනිසංසය අල්ප වේ නම් නො කළ යුතුය. දායකයාගේ ශ්‍රද්ධාව රකිනු පිණිස ආනිසංසය සමවන කල්හි ද කඨිනය උදුළ යුතුය. ධාර්මික කඨිනෝද්ධාරයට විරුද්ධ වීමෙන් ඇවැත් වේ.