කඨිනෝද්ධාර විනය කර්මය

යම්කිසි විහාරයක කඨිනය අතුළ හොත් හේමන්ත සෘතුවේ අවසානය තෙක් ඒ විහාරයෙහි උපදනා සිවුරු සියල්ල කඨිනය අතුළ භික්ෂූන්ටම හිමි වේ. සෙස්සන්ට හිමි නොවේ. එබැවින් යම් කිසි සැදැහැවතකුට අන්‍ය භික්ෂූන්ට ද හිමිවන ලෙස බොහෝ සිවුරු සඞ්ඝයාහට පුදන්නට වුවමනා වී කඨිනෝද්ධාරය කරන ලෙස සඞ්ඝයාගෙන් ඉල්ලා සිටියහොත් සඞ්ඝයා විසින් කඨිනෝද්ධාරය කළ යුතු ය. ඉන්පසු ඒ විහාරයට ලැබෙන සිවුරු සියලු ම භික්ෂූන්ට සමසේ බෙදා දිය යුතු ය.