උපෝසථ, පවාරණ විනය කර්මයන්හි මෙන් ම කඨිනය පැවරීමේ දී කළ යුතු විනය විචාරණයක් ඇත්තේ ය. එය විනයාලඞ්කාරයෙහි මෙසේ දැක්වේ.
“කඨිනදුස්සං ලභිත්වා සඞ්ඝෙ සීමාය සන්නිපතිතෙ එකෙන භික්ඛුනා භන්තෙ! සඞ්ඝස්ස ඉදං කඨිනදුස්සං උප්පන්නං සඞ්ඝො ඉදං කඨිනදුස්සං ඉත්ථං නාමස්ස භික්ඛුනො දදෙය්‍ය කඨිනං අත්ථරිතුන්ති වුත්තේ, අඤ්ඤෙන යො ඡිණ්ණචීවරො තස්සාති වත්තබ්බං. පුන පුරිමෙන බහු ඡිණ්ණචීවරාති වා නත්ථි ඉධ ඡිණ්ණචීවරොති වා වුත්තෙ, අපරෙන තෙනහි වුඩ්ඪස්සාති වත්තබ්බං. පුන පුරිමෙන කො එත්ථ වුඩ්ඪොති වුත්තෙ, ඉතරෙන ඉත්ථං නාමො භික්ඛූති වත්තබ්බො. පුන පුරිමෙන සො භික්ඛු තදහෙව චීවරං කත්වා අත්ථරිතුං සක්කොතීති වුත්තෙ, අපරෙන සො සක්කොති වා සඞ්ඝො මහාථෙරස්ස සඞ්ගහං කරිස්සතීතිවා වත්තබ්බො. පුන පුරිමෙන සො මහාථෙරො අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතොති වුත්තෙ ඉතරෙන ආම සමන්නාගතොති වත්තබ්බො. තතො සාධු සුට්ඨු තස්ස දාතබ්බන්ති වුත්තෙ බ්‍යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.”
තේරුම මෙසේ ය:-
කඨිනදුස්සය ලැබ සඞ්ඝයා සීමාවට රැස්වූ කල්හි එක් භික්ෂුවක් විසින් ස්වාමීනි! සඞ්ඝයාහට මේ කඨින දුස්සය උපන්නේය, සංඝයා මේ කඨිනදුස්සය කඨිනය ඇතිරීම පිණිස මෙනම් භික්ෂුවට දෙන්නේයයි කී කල්හි අනික් භික්ෂුවක් විසින් ‘යමෙක් දිරා-ගිය සිවුරක් ඇත්තේ ද ඒ භික්ෂුවටය’ යි කිය යුතුය. නැවත පළමු භික්ෂුව විසින් ‘දිරූ සිවුරු ඇත්තෝ බොහෝ ය කියා හෝ මෙහි දිරූ සිවුරු ඇති භික්ෂුවක් නැත ය’යි හෝ කී කල්හි, අනික් භික්ෂුව විසින් ‘එසේ නම් වෘද්ධයාටය’යි කිය යුතුය. පළමු භික්ෂුව විසින් ‘මේ පිරිසෙහි වෘද්ධයා කවරේදැ’යි කී කල්හි, අනික් භික්ෂුව විසින් ‘මෙ නම් ඇති භික්ෂුව ය’යි කිය යුතු ය. නැවත පළමු භික්ෂුව විසින් “ඒ වෘද්ධ භික්ෂුව අද ම සිවුරු කොට කඨිනය අතුරන්නට සමත් වේ දැ’යි කී කල්හි, අනික් භික්ෂුව විසින් ‘ඔහුට එසේ කළ හැක්කේය’ කියා හෝ ‘සංඝයා මහතෙරුන් වහන්සේට සංග්‍රහ කෙරේය’ කියා හෝ කිය යුතු ය. නැවත පළමු භික්ෂුව විසින් ‘ඒ මහා ස්ථවිර තෙමේ අෂ්ටාංගයෙන් යුක්තවේදැ’ යි කී කල්හි, අනික් භික්ෂුව විසින් ‘එසේ ය; අෂ්ටාංගයෙන් යුක්තය’ යි කිය යුතු ය. ඉන්පසු, ‘යහපති; ඒ භික්ෂුවට දිය යුතුය’ යි කී කල්හි, ව්‍යක්ත භික්ෂුවක් විසින් කර්මවාක්‍යය කියා ඒ භික්ෂුවට කඨිනදුස්සය පැවරිය යුතු ය.