දුකාදි සඞ්ඛ්‍යාවාරය
ශුද්ධසඞ්ඛ්‍යාවාරයට අනතුරුව දුකාදිසඞ්ඛ්‍යාවාරය වදාළසේක. එය ද හේතුප්‍රත්‍යය දුකාදි සඞ්ඛ්‍යාවාරය ය ආරම්මණප්‍රත්‍යය දුකාදි සඞ්ඛ්‍යාවාරය ය යනාදි වසයෙන් තෙවිසි වැදෑරුම් වේ. එයින් හේතු ප්‍රත්‍යය දුකාදි සඞ්ඛ්‍යාවාරය පළමු කොට වදාළ සේක. එය ද දුක තික -පෙ- තෙවීසතික වශයෙන් තෙ විසි වැදෑරුම් වේ. එයින් දුකවාරය පළමු කොට වදාළ සේක. එද හේතුමූලක ආරම්මණ දුකාදි වශයෙන් දෙවිසි වැදෑරුම් වේ. එයින් හේතුමූලක ආරම්මණ දුකසඞ්ඛ්‍යාවාරය පළමුකොට වදාළ සේක.