අනන්තර සමනන්තර මූලක හේතුදුකාදිය ආරම්මණමූලක හේතුදුකාදිය මෙනි. සහජාතමූලක හේතුදුකාදිය ඉහත දැක්වුණු දුකයන් අනුව දත හැකි ය.
සහජාතමූලක අඤ්ඤමඤ්ඤ දුකයෙහි සහජාතය බැහැර කිරීමක් නැත. නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජරූප හා හෘදයවස්තුවෙන් අන්‍ය ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය. මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන උපාදාය රූපයෝ ය යන මොහු අන්‍යෝන්‍යප්‍රත්‍යය බැහැර කෙරෙති. “පඤ්ච” කුසලෙන අබ්‍යාකතය ය, අකුසලෙන අබ්‍යාකතය යන දෙතන්හි අභිධෙය වශයෙන් රූප ගන්නේ ය. අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්ති කාලයට විපාකක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජරූප ගන්නේ ය. ප්‍රතිසන්‍ධිකාලයෙහි පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස ය. චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා හෘදය වස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනා අවස්ථාවෙහි අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තචුති වර්ජිත කුශලා කුශල විපාකක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජමහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා උපදනා කර්‍මජ මහාභූතයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා උපාදාය රූපයෝ ලැබෙත්. “විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තාරූපං උපාදායරූපං, බාහිරෙ මහාභූතෙ පටිච්ච උපාදායරූපං, -පෙ- අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච කටත්තාරූපං උපාදායරූපං” කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හා අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හේතුමූලක අඤ්ඤමඤ්ඤදුකය අනුව විස්තර කරනු. පච්චනීයවාරය නැත්තේය. අනුලෝමවාරය ශුද්ධ අන්‍යෝන්‍යප්‍රත්‍යය අනුව විස්තර කරනු.
සහජාතමූලක නිස්සය දුකයෙහි සහජාතය බැහැර කිරීමක් නැත. නිඃශ්‍රය බැහැර කිරීමක්ද නැත. පච්චනීවාරය ද නැත. අනුලෝමවාරය ශුද්ධ සහජාතය අනුව විස්තර කරනු. සහජාතමූලක උපනිස්සය දුකය ආරම්මණ මූලක සහජාත දුකය අනුව ප්‍රත්‍යයෙන් බැහැර කරමින් විස්තර කරනු.
සහජාතමූලක පුරේජාත දුකයෙහි සහජාතය බැහැර කිරීමක් නැත. අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජාදිරූපයෝ ය යන මොවුහු පුරේජාතය බැහැර කෙරෙති. “සත්ත” කුසලපදයේ දෙවාරය හේතුමූලකයෙහි මෙන් විස්තර කරනු. අකුසල පදයේ දෙවාරය මෝහමූලයේ මෝහය නො හැර හේතුමූලකය අනුව විස්තර කරනු.
අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අරූප විපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මනෝද්වාරාවර්ජනය ය, මහාක්‍රියා අට ය, අරූපක්‍රියා සතර ය, ඵලසිත් සතර ය, චෛතසික සතිස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි අරූපවිපාක ද්විපඤ්චවිපාක අර්‍හන්තච්‍යුති වර්ජිත විපාක සිත් දෙවිස්ස ය ක්‍රියාසිත් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාරයෙහි හා රූපවාරයෙහි සහජාතයෙහි මෙන් අභිධෙය කියනු. “අරූපෙ විපාකබ්‍යොකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” ප්‍රතිසන්‍ධි වාරය හා රූපවාරය සහජාතයෙහි මෙන් කියනු. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හා අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ද සහජාතයෙහි මෙනි. පච්චනීයවාරය නැත්තේ ය. පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” පුරේජාතය මෙනි.
සහජාතමූලක ආසේවන දුකයෙහි සහජාතය බැහැරකිරීමක් නැත. අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ආවර්ජන දෙක ය, විපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොහු ආසේවනප්‍රත්‍යය බැහැර කෙරෙති. “නව” කුසල පදයේ වාර තුන හා අකුසලපදයේ වාර තුන හේතුමූලක ආසේවන දුකයේ අනුලෝමපච්චනීය ය අනුව මෝහමූලයෙහි මෝහය නො හැර විස්තර කරනු.
අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්තිකාලයේ කර්‍තෘපාඨයෙන් හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවර්ජනද්ව ය, විපාකසතිස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ය, පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය මහද්ගතක්‍රියා නවය ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ය යන මොහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාරය හා රූපවාරය සහජාතය මෙනි. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හා අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ද සහජාතයෙහි මෙන් විස්තර කරනු. පච්චනීය නො ලැබේ. අනුලෝමය ශුද්ධ ආසේවන ය මෙන් විස්තර කරනු.
සහජාතමූලක කම්මදුකයෙහි සහජාතය බැහැර කිරීමක් නැත. කුශලාකුශල ක්‍රියා චේතනා ය, බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය යන මොහු කර්‍මප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” කුසලෙනකුසලය අකුසලෙන අකුසලය යන දෙවාරය හේතු මූලක කම්මදුකයේ අනුලෝම පච්චනීය ය අනුව විස්තර කරනු.
අබ්‍යාකතවාරයෙහි ක්‍රියාසිත් විස්ස ය, චේතනා වර්ජිත චෛතසික සූතිසය යන අවයව වූද සමූහ වූද නාමස්කන්‍ධයන් නිසා උපදනාචේතනාව ලැබේ. ප්‍රතිසන්‍ධිවාරය නො ලැබේ. රූපවාරයෙහි බාහ්‍යමහා භූතයෝ ය, ආහාරජ මහාභූතයෝ ය සෘතුජ මහා භූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත උපාදාය රූපයෝ ලැබෙත්. කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චෙතනා කිරියාබ්‍යාකතා බාහිරං එකං -පෙ- මහාභූතෙ පටිච්ච උපාදාය රූපං බාහිරං ආහාරසමුට්ඨානං -පෙ- රූපං පච්චනීයවාරය නො ලැබේ. අනුලෝම වාරය කර්‍මශුද්ධවාරය සේ විස්තර කරනු.
සහජාතමූලක විපාකදුකයෙහි සහජාතය බැහැර කිරීමක් නැත. සකල කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ය, බාහිරරූපයෝ ය, -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොහු විපාක ප්‍රත්‍ය බැහැර කෙරෙති. “නව” කුසලා කුසල දෙපදයේ වාර සය සහජාතය මෙන් විස්තර කරනු.
අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි ක්‍රියා සිත් විස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාරය නො ලැබේ. රූපවාරයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජ මහාභූතයෝ ය, බාහ්‍ය මහාභූතයෝ ය, -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ උපාදායරූපයෝ ලැබෙත්. “කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ඛන්‍ධා, චිත්තසමුට්ඨානඤ්ච රූපං, එකං මහාභූතං පටිච්ච -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං උපාදායරූපං, බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං -පෙ- රූපං” කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හා අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය සහජාතය අනුව විස්තර කරනු. පච්චනීය ය නො ලැබේ. අනුලෝමය විපාකශුද්ධවාරය අනුව විස්තර කරනු.
සහජාතමූලක ආහාර දුකයෙහි සහජාතය බැහැර කිරීමක් නැත. බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ආහාරප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝමපච්චනීයෙහි “එකං” කර්‍තෘපාඨයෙන් බාහිරමහාභූතයෝ ය -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ මහා භූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ බාහ්‍ය -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. “බාහිරං එකං -පෙ- උතුසමුට්ඨානං, අසඤ්ඤසත්තානං -පෙ- උපාදායරූපං” පච්චනීයවාරය නො ලැබේ. අනුලෝම වාරය ආහාර ශුද්ධවාරය මෙනි.
සහජාතමූලක ඉන්‍ද්‍රියදුකයෙහි සහජාතය බැහැර නො කෙරේ. බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව රූපජීවිතේන්‍ද්‍රියය, ප්‍රවෘත්ති රූපජීවිතේන්‍ද්‍රිය ය යන මොවුහු ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය බැහැර කරති. “එකං” කර්‍තෘපාඨයෙන් බාහ්‍ය ආහාරජ සෘතුජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත වූ බාහ්‍ය ආහාරජ සෘතුජ උපාදායරූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයන් නිසා උපදනා රූපජීවිතේන්‍ද්‍රිය යන මොවුහු ලැබෙත්. බාහිරං එකං මහාභූතං -පෙ- ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං මහාභූතං පටිච්ච -පෙ- උපාදායරූපං, අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච රූපජීවිතින්‍ද්‍රියං. පච්චනීයය නො ලැබේ. අනුලෝමවාරය ඉන්‍ද්‍රියශුද්ධවාරය අනුව විස්තර කරනු.
සහජාතමූලක ඣාන දුකයෙහි සහජාතය බැහැර කිරීමක් නැත. ද්විපඤ්ච විඥාන නාමස්කන්‍ධයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු ධ්‍යාන ප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” ද්විපඤ්චවිඥාන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. රූපවාරයෙහි බාහ්‍ය -පෙ- ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත වූ බාහ්‍යාදි උපාදාය රූපයෝ ලැබෙත්. “පඤ්චවිඤ්ඤාණ සහගතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා. බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං -පෙ- රූපං” පච්චනීය නො ලැබේ. අනුලෝමය ශුද්ධ ධ්‍යානප්‍රත්‍යය වාරය මෙනි.
සහජාතමූලක මග්ග දුකයෙහි සහජාතය බැහැර කිරීමක් නැත. අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොහු මාර්‍ගප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” පච්චනීය නො ලැබේ. අනුලෝමය මග්ගසුද්ධවාරය මෙනි.
සහජාතමූලක විප්පයුත්ත දුකයෙහි සහජාතය බැහැර කිරීමක් නැත. අරූපවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහා කුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකල ඵල නාමස්කන්‍ධයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු විප්‍රයුක්තය බැහැර කෙරෙති. “තීණි” කුසලෙන කුසලය අකුසලෙන අකුසලය ය යන දෙවාරයෙහි පුරේජාත දුකයෙහි මෙන් අභිධෙය ගන්නේ ය. “වත්‍ථුං විප්පයුත්තපච්චයා” යනු යොදා විභඞ්ගය උදුරනු.
අබ්‍යාකතවාරයෙහි අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාම ස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මනෝද්වාරාවජ්ජන ය, මහා ක්‍රියා අට ය, අරූපක්‍රියා සතර ය, ඵලසිත් සතර ය, චෛතසික සතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. රූපවාරයෙහි බාහිර මහා භූතයෝ ය -පෙ- ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ -පෙ- උපාදායරූපයෝ ලැබෙත්. “අරූපෙ විපාකාබ්‍යාකතං එකං -පෙ- බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං -පෙ- උපාදායරූපං” පච්චනීය නො ලැබේ. අනුලෝමය විප්පයුත්තය මෙනි.
සහජාතමූලක අත්‍ථිදුකය නිස්සය දුකය මෙන් ද, නත්‍ථි විගත දුක දෙක අනන්තරදුකය මෙන් ද, අවිගතදුකය නිස්සය දුකය මෙන් ද විස්තර කරනු.