විපාකමූලකයෙහි හේතුදුකයේ පටන් කම්මදුකය දක්වා ඇති දුකයන් උක්තානුසාරයෙන් විස්තර කරනු. විපාක මූලක ආහාර දුකයෙහි සකලකුශලාකුශලක්‍රියා නාමස්කන්‍ධයෝ ය, කුශලා කුශල ක්‍රියා විසින් උපදවන චිත්තජරූපයෝ ය, ආහාරජරූපයෝ ය යන මොවුහු විපාකප්‍රත්‍යය බැහැර කෙරෙති. “නව” අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි ක්‍රියාසිත් විස්ස හා චෛතසික පන්තිස ද ඔවුන් විසින් උපදවන චිත්තජරූපයන් ද ගන්නේ ය. ප්‍රතිසන්‍ධිවාරය නො ලැබේ. රූපවාරයෙහි කුශලාකුශලක්‍රියා විසින් උපදවන චිත්තජරූපයන් හා ආහාරජරූප ගන්නේ ය. විභඞ්ගය උදුරනු. ආහාරප්‍රත්‍යය බැහැරකිරීමක් නැත. බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ, පච්චනීයයෙහි ‘එකං’ අනුලෝමය ශුද්ධවිපාකප්‍රත්‍යය අනුව විස්තර කරනු.
විපාකමූලක ඉන්‍ද්‍රිය දුකයෙහි කුශලාකුශලක්‍රියා නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ය, රූපජීවිතේන්‍ද්‍රියයෙන් අන්‍ය වූ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු විපාකප්‍රත්‍යය බැහැර කෙරෙති. “නව” අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි ක්‍රියා නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන චිත්තජරූප ගන්නේ ය. රූපවාරයෙහි කුශලාකුශලක්‍රියාවන් විසින් උපදවන චිත්තජරූප හා රූපජීවිතේන්‍ද්‍රියයෙන් අන්‍ය වූ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයන් ද ගන්නේ ය. ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය බැහැරකිරීමක් නැත. බාහ්‍ය ආහාරජ රූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ රූප ජීවිතේන්‍ද්‍රිය ය, ප්‍රවෘත්තිකර්‍මජ රූපජීවිතේන්‍ද්‍රිය ය යන මොවුහු, පච්චනීයයෙහි “එකං” අනුලෝමය ශුද්ධවිපාකප්‍රත්‍යය අනුව විස්තර කරනු.
විපාකමූලක ඣානදුකයෙහි කුශලාකුශලක්‍රියා නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ විපාකප්‍රත්‍යය බැහැර කෙරෙති. “නව” විස්තර කරනු. ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ධ්‍යානප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘එකං’ “පඤ්චවිඤ්ඤාණ සහගතං” යනු යොදා විභඞ්ගය උදුරනු. බාහ්‍ය -පෙ- ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ, “එකං” විස්තර කරනු. ද්විපඤ්චවිඥාන වර්ජිත සකලවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, විපාකචිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය යන මොව්හු, අනුලෝමයෙහි “එකං” ද්විපඤ්චවිඥානය හැර විපාක ප්‍රත්‍යය අනුව විස්තර කරනු.
විපාකමූලක මග්ගදුකයෙහි කුශලාකුශල සහේතුක ක්‍රියා නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ විපාක ප්‍රත්‍ය්‍ය බැහැර කෙරෙති. “නව” අහේතුකවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුකවිපාක චිත්තජරූපයෝ ය අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොවුහු මාර්‍ගප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” හේතුමූලක විපාකදුකය අනුව විස්තර කරනු. අහේතුක ක්‍රියා නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥ සත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි “එකං” හේතුමූලකය අනුව විස්තර කරනු. සහේතුකවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුකවිපාක චිත්තජරූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය යන මොවුහු අනුලෝමයෙහි “එකං” හේතුමූලකය අනුව විස්තර කරනු.
විපාකමූලක සම්පයුත්තදුකයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා කුශලාකුශලක්‍රියා නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජ රූපයෝ ය යන මොවුහු විපාක ප්‍රත්‍යය බැහැර කෙරෙකි. ‘නව’ වෙනසක් ඇත්තේ අබ්‍යාකතවාරයෙහි පමණෙකි. අබ්‍යාකතයෙහි ක්‍රියා නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන චිත්තජරූපයන් ගන්නේ ය. විභඞ්ගය උදුරනු.
අරූපවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ඵලසතර ය යන මොවුහු විප්‍රයුක්තය බැහැර කෙරෙති. “එකං”
අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්‍ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග නාමස්කන්‍ධයෝ ය බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු පච්චනීයයෙහි ‘තීණි’ කියන ලද නය අනුව විස්තර කරනු.
පඤ්චවෝකාරවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, විපාක චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු අනුලෝමකයෙහි “එකං” අරූපවිපාකයන් හැර විපාක ප්‍රත්‍යය අනුව අභිධෙය ගෙන “වත්‍ථු විප්පයුත්තපච්චයා” යනු යොදා විභඞ්ගය උදුරනු. අත්‍ථි අවිගතදුකයන් සහජාතදුකය මෙන් ද නත්‍ථිවිගත දුකයන් ආරම්මණ දුකය මෙන් ද විස්තර කරනු.