ඉන්‍ද්‍රිය මූලකය

star_outline

ඉන්‍ද්‍රියමූලකයෙහි හේතුදුකයේ පටන් ආහාරදුකය දක්වා ඇති දුකයෝ උක්තානුසාරයෙන් දත යුත්තාහ. ඉන්‍ද්‍රියමූලක ඣාන දුකයෙහි ඉන්‍ද්‍රියප්‍රත්‍යය බැහැරකිරීමක් නැත. ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ය, ජීවිතේන්‍ද්‍රියයෙන් අන්‍ය වූ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය, පච්චනීයයෙහි “එකං” බාහ්‍ය ආහාරජ රූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය, පච්චනීයයෙහි “එකං” බාහ්‍ය ආහාරජ රූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපජීවිතේන්‍ද්‍රිය ය පච්චනීයයෙහි “එකං” අනුලෝමය ශුද්ධධ්‍යානප්‍රත්‍යය මෙනි.

ඉන්‍ද්‍රියමූලක මග්ග දුකයෙහි ඉන්‍ද්‍රියප්‍රත්‍යය බැහැරකිරීමක් නැත. අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුකචිත්තජරූපයෝ ය, අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය, රූපජීවිතේන්‍ද්‍රියෙන් අන්‍ය වූ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජරූපයෝය යන මොවුහු මාර්‍ගප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘එකං’ හේතුමූලකය මෙනි. බාහ්‍යරූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජරූපයෝ ය, අසංඥසත්ත්‍වරූප ජීවිතේන්‍ද්‍රිය ය, ප්‍රවෘත්තිරූපජීවිතේන්‍ද්‍රිය ය, පච්චනීයයෙහි “එකං” අනුලෝමය ශුද්ධමාර්‍ගප්‍රත්‍යය අනුව විස්තර කරනු. ඉන්‍ද්‍රියමූලක සම්පයුත්ත දුකය ආරම්මණදුකය මෙනි.

ඉන්‍ද්‍රියමූලක විප්පයුත්ත දුකයෙහි ඉන්‍ද්‍රියප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. අරූපවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය, රූපජීවිතේන්‍ද්‍රියවර්ජිත අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු විප්‍රයුක්තය බැහැර කෙරෙති. “තීණි” බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ, පච්චනීයයෙහි “එකං” අනුලෝමය ශුද්ධ විප්‍රයුක්තය මෙනි. අත්‍ථිදුකාදිය වුක්තානුසාරයෙන් දත හැකිය.