ඣානමූලකයෙහි හේතුදුකයෙහි පටන් ඉන්‍ද්‍රිය දුකය දක්වා ඇති දුකයන්හි විශේෂයක් නැත්තේ ය. ඣානමූලක මග්ග දුකයෙහි ධ්‍යානප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. ද්විපඤ්චවිඥානවර්ජිත අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තජරූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොහු මාර්‍ගප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘එකං’ ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය, පච්චනීයයෙහි “එකං” අනුලෝමය ශුද්ධමාර්‍ගප්‍රත්‍යය මෙනි. ඣානමූලක සම්පයුත්ත දුකය ආරම්මණදුකය මෙනි.
ඣානමූලක විප්පයුත්ත දුකයෙහි ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ධ්‍යානප්‍රත්‍ය්‍ය බැහැර කෙරෙති. “එකං” අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ද, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ද විප්‍රයුක්තය බැහැර කෙරෙති. ‘තීණි’ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ, පච්චනීයයෙහි ‘එකං’ අරූපවිපාක ද්විපඤ්චවිඥානයන්ගෙන් අන්‍ය වූ පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජරූපයෝ ය. ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය, අනුලෝමයෙහි ‘නව’ ද්විපඤ්චවිඥානය හැර විප්‍රයුක්තප්‍රත්‍යය අනුව අභිධෙය ගෙන විප්‍රයුක්තය අනුව ම විභඞ්ගය උදුරනු. අත්‍ථිදුකාදිය වුක්තානුසාරයෙන් දත යුතු.