අධිපතිමූලක හේතුදුකය හා ආරම්මණදුකය වුක්තානුසාරයෙන් විස්තර කරනු. අධිපතිමූලක අනන්තරදුකය ආරම්මණ මූලක අධිපති දුකය මෙනි. අධිපතිමූලක සහජාතදුකයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවන්හි අධිපති ධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවෙහි අකුශල අහේතුක ක්‍රියා මහාකුශල මහාක්‍රියා ලෞකික විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නිරාධිපතිචිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු අධිපතිප්‍රත්‍යය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි “න අධිපතිපච්චයා සහජාතෙ නව” කුසලපදයේ වාර තුන හා අකුසලපදයේ වාර තුන හේතුප්‍රත්‍යය අනුව විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාක්‍රියා සිත් අටය, සැම කල්හි අධිපතිය ලැබෙන මහද්ගතක්‍රියා නවය ය ඵලසිත් සතර ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපතිය නො ලැබෙන අවස්ථාවෙහි අහේතුක ක්‍රියා තුන ය, මහා ක්‍රියා අට ය, ලෞකික විපාක දෙතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන නිරාධිපති චිත්තජ රූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයේ අභිධෙය සහජාතයෙහි මෙනි. රූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි අරූපවිපාක ද්විපඤ්චවිඥානථා අර්‍හන්තච්‍යුති වර්ජිත නිරාධිපති කුශලාකුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් -පෙ- නිරාධිපති චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය, බාහ්‍ය මහාභූතයෝ ය -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ ඒ ඒ උපාදාය රූපයෝ ලැබෙත්. විභඞ්ගය සහජාතය අනුව උදුරනු. සහජාත ප්‍රත්‍යය බැහැර කිරීමක් නැත.
අධිපතිවන ධර්‍මයන් ගෙන් අන්‍ය වූ සාධිපතිජවන නාමස්කන්‍ධයෝ ය, සාධිපතිචිත්තජ රූපයෝ ය යන මොවුහු -පෙ- ‘නව’ අධිපතියෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ග උදුරනු.
අධිපතිමූලක අඤ්ඤමඤ්ඤ දුකයෙහි අධිපතිප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, නො ලබන අවස්ථාවෙහි අහේතුක ක්‍රියා මහාකුශල මහාක්‍රියා ලෞකික විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදය වස්තුවය ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන නිරාධිපති චිත්තජ රූපයෝ ය ප්‍රතිසන්‍ධි කර්‍මජ මහාභූතයෝ ය බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු අධිපතිප්‍රත්‍යය බැහැර කෙරෙති. “න අධිපති පච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි”
නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන සාධිපති චිත්තජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන සාධිපති චිත්තජ උපාදායයෝ ය යන මොහු අන්‍යෝන්‍යප්‍රත්‍යය බැහැර කෙරෙති. “පඤ්ච” කුසලෙන අබ්‍යාකතය හා අකුසලෙන අබ්‍යාකතය අධිපතියෙහි මෙන් විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති කාලයෙහි අභිධෙය ආරම්මණ දුකයෙහි මෙනි. රූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ සාධිපති කුශලා කුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන සාධිපති චිත්තජ මහාභූතයන් නිසා උපදනා සාධිපති චිත්තජ උපාදාය රූපයෝ ලැබෙත්. “අබ්‍යාකතං -පෙ- පච්චයා, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං උපාදායරූපං”
නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන නිරාධිපති චිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන නිරාධිපති චිත්තජ උපාදාය රූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ය, -පෙ- පච්චනීයයෙහි “පඤ්ච”
අධිපති වන ධර්‍මයන් ගෙන් අන්‍ය වූ සාධිපතිජවන නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන් ගෙන් ප්‍රත්‍යය ලබන සාධිපති චිත්තජ මහා භූතයෝ ය, අනුලෝමයෙහි ‘තීණි’ කුසලෙන කුසලය අකුසලෙන අකුසලය යන දෙවාරය අධිපතිය අනුව විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාක්‍රියා අට ය, නියමයෙන් අධිපතිය ලැබෙන මහද්ගත ක්‍රියා නවය හා ඵලසිත් සතරය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍ම වර්ජිත වූ මහාක්‍රියා අට ය, මහද්ගත ක්‍රියා නවය ය, ඵලසිත් සතර ය, චෛතසික අටතිසය -පෙ- ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ සාධිපති කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන සාධිපති චිත්තජ මහාභූතයන් නිසා උපදනා මහාභූතයෝ ලැබෙත්. “අබ්‍යාකතං -පෙ- පච්චයා, විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා, එකං මහාභූතං පටිච්ච -පෙ- ද්වෙ මහාභූතා”
අධිපතිමූලක නිස්සය දුකය සහජාතදුකය මෙනි. උපනිස්සය දුකය අනන්තර දුකය මෙනි. අධිපතිමූලක පුරේජාතදුකයෙහි පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, නොලබන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය, අහේතුක ක්‍රියා තුන ය, මහාක්‍රියා අට ය, අරූපවිපාක වර්ජිත ලෞකික විපාක අටවිස්ස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ අධිපතිප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි”
කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් අට ය අධිපතිය නියමයෙන් ලැබෙන මහද්ගත කුසල් නවය ය. මාර්‍ගසිත් සතර ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය. අධිපති නොබලන අවස්ථාවෙහි වූ මහා කුසල් අට ය, චෛතසික අටතිස ය යන -පෙ- ලැබෙත්. විභඞ්ගය පුරේජාතයෙහි මෙනි.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති ලබන අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අටය, දෝසමූලසිත් දෙක ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලබන අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය පුරේජාතයෙහි මෙනි.
අබ්‍යාකතවාරයෙහි පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාක්‍රියා අට ය. මහද්ගත ක්‍රියා නවය ය, ඵලසිත් සතර ය, චෛතසික අටතිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අධිපති ධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවෙහි වූ අහේතුකක්‍රියා මහාක්‍රියාවෝ ය, අරූප විපාක හැර ලෞකික විපාක අටවිස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය පුරේජාතයෙහි මෙනි.
අරූපභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ අධිපති ධර්‍මයන්ගෙන් අන්‍ය වූ ලෝභමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සර්‍වඵල නාමස්කන්‍ධයෝ ය, සාධිපතිචිත්තජ රූපයෝ ය යන මොහු පුරේජාතය බැහැර කෙරෙති. “අධිපතිපච්චයා න පුරේජාත සත්ත” “සත්ත” යනු කුසලෙන කුසලය, කුසලෙන අබ්‍යාකත ය, අකුසලෙන අකුසල ය, අකුසලෙන අබ්‍යාකත ය, අබ්‍යාකතෙන අබ්‍යාකත ය, කුසලාබ්‍යාකතෙන අබ්‍යාකත ය, අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන මොහු ය.
කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහා කුසල් අට ය, සැමකල්හිම අධිපති ප්‍රත්‍යය ලැබෙන අරූපකුසල් සතර ය, උපරිම මාර්‍ග තුනය, චෛතසික සතිස ය යන අවයව -පෙ- අධිපති ධර්‍ම වර්ජිත මහා කුසල් අට ය, අරූපකුසල් සතර ය උපරිමමාර්‍ග තුන ය, චෛතසික සතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. “කුසලං -පෙ- න පුරේජාත පච්චයා, අරූපෙ කුසලං එකං -පෙ- ඛන්‍ධා” කුසලෙන අබ්‍යාකතය අධිපතිය සේ විස්තර කරනු.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල සිත් අට ය, චෛතසික දෙවිස්ස ය යන අවයව -පෙ- අධිපති ධර්‍ම වර්ජිත ලෝභමූල සිත් අට ය, චෛතසික දෙවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය “අරූපෙ” යනු යොදා උදුරනු. අකුසලෙන අබ්‍යාකතය අධිපති අනුව විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාක්‍රියා අට ය, අරූප ක්‍රියා සතර ය, ඵල සිත් සතර ය, චෛතසික සතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍ම වර්ජිත මහාක්‍රියා අරූප ක්‍රියා ලෝකෝත්තර ඵල අවයව නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි වූ මහා ක්‍රියා අට ය, මහද්ගත ක්‍රියා නවය ය ඵලසිත් සතර ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා සාධිපති චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්. රූපාවාරයේ අභිධෙය අධිපතිප්‍රත්‍යයෙහි මෙන් ගන්නේ ය. “අබ්‍යාකතං -පෙ- න පුරෙජාතපච්චයා, අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං -පෙ- ද්වෙ ඛන්‍ධා, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙපටිච්ච චිත්තසමුට්ඨානං රූපං උපාදාය රූපං එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨාන රූපං, උපාදාය රූපං” කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙවාරය අධිපති ප්‍රත්‍යය අනුව විස්තර කරනු.
අරූපවිපාක සතර ය අරූප භූමියෙහි අධිපති ප්‍රත්‍ය්‍ය ලැබෙන අවස්ථාවහෙි අධිපතිධර්‍මයෝ ය නො ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, නිරාධිපතිචිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ ය යන මොහු, පච්චනීයයෙහි “න අධිපතිපච්චයා න පුරෙජාතෙ සත්ත”
කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුසල් අටය, සැමකල්හිම අධිපති ලැබෙන අරූප කුසල් සතර හා මාර්‍ගසිත් තුන ය චෛතසික සතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍මයෝ ය අධිපතිය නො ලැබෙන අවස්ථාවෙහි වූ මහා කුසල් අට ය චෛතසික සතිස ය යන අවයව -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්. “අරූපෙ කුසලං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා”
කුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය නො ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් අට ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. “කුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං”
අකුසලෙන අකුසලයෙහි අරූපභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල සිත් අට ය, චෛතසික දෙවිස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අධිපති ධර්‍මයෝ ය, අධිපති නොලැබෙන අවස්ථාවෙහි ලෝභමූල සිත් අට ය චෛතසික දෙවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්. “අරූපෙ අකුසලං එකං -පෙ- ඛන්‍ධා”
අකුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය නො ලැබෙන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය. චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ලැබෙත්. “අකුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං.”
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් අරූපවිපාක සතර ය. අරූපභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහා ක්‍රියා අට ය අධිපති ලැබීම නියත වූ අරූප ක්‍රියා සතර හා ඵලසිත් සතර ය, චෛතසික සතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති නොලබන අවස්ථාවෙහි වූ මනෝද්වාරාවජ්ජනය ය, මහා ක්‍රියා අට ය, චෛතසික දෙතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත ලෞකිකවිපාක අටොළොස ය, අහේතුක ක්‍රියා තුන ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්ස සහජාතයෙහි මෙන් ගන්නේ ය. රූපවාරයෙහි පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි සහජාත දුකයෙහි මෙන් අභිධෙය ගන්නේය. “අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” ප්‍රතිසන්‍ධිකාලය හා රූප පිළිබඳ සහජාත විභඞ්ගය සහජාතය අනු ව උදුරනු. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය අකුසලාබ්‍යකතෙන අබ්‍යාකතය යන දෙවාරය සහජාතදුකය අනුව විස්තර කරනු.
පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි අධිපති ධර්‍ම වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ, අනුලොමයෙහි “තීණි” අකුසලෙන කුසලය අකුසලෙන අකුසලය යන දෙක්හි පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන කුශලා කුශලයන් ගන්නේ ය. විභඞ්ගය පුරේජාතය අනුව උදුරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාක්‍රියා අට ය, සැමකල්හි අධිපති ලැබෙන මහද්ගතක්‍රියා නවය හා ඵලසිත් සතර ය, චෛතසික අටතිස ය යන අවයව -පෙ- අධිපති ධර්‍මවර්ජිත -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය පුරේජාතය අනුව උදුරනු.
අධිපතිමූලක ආසේවන දුකයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයන්හි ද සැම කල්හි අධිපති ලැබෙන මහද්ගතකුශල මහද්ගතක්‍රියා ලෝකෝත්තර මාර්‍ග ජවනයන්හි ද ඇති අධිපතිධර්‍මයෝ ය, අධිපතිප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ අකුශල හසිතෝත්පාද මහා කුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය යන මොවුහු අධිපතිප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි”
කුසලෙන කුසලයෙහි අධිපතිප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි මහාකුශල ද්විතීයාදි ජවනයෝ ය, සැමකල්හි අධිපති ලැබෙන මහද්ගත ලෝකෝත්තර කුශලයෝ ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍මයෝ ය. අධිපති නො ලබන අවස්ථාවෙහි වූ මහාකුශල ද්විතීයාදි ජවනයෝ ය, චෛතසික අටතිස ය යන අවයවනාමස්කන්‍ධයෝ ය - යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. විභඞ්ගය ආසේවනය අනුව උදුරනු.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ ලෝභමූල ද්වේෂමූල ද්විතීයාදි ජවනයෝ ය, චෛතසික සවිස්සය ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය. අධිපති නොලබන අවස්ථාවෙහි වූ අකුශල ද්විතීයාදි ජවනයෝ ය චෛතසික සත්විස්සය යන අවයව නාමස්කන්‍ධයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. විභඞ්ගය ආසේවනය අනුව උදුරනු.
අබ්‍යාකත වාරයෙහි කර්‍තෘපාඨයෙන් අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතක්‍රියා නවය ය, චෛතසික පන්තිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍මයෝ ය. අධිපති නො ලැබෙන අවස්ථාවෙහි හසිතෝත්පාද මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- ලැබෙත්. විභඞ්ගය ආසේවනය අනුව උදුරනු.
අධිපතිප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි අධිපතිධර්‍ම හැර ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, ඵලසිත්සතර ය යන නාමස්කන්‍ධයෝ ය, සාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු ආසේවන ප්‍රත්‍යය බැහැර කෙරෙති. “අධිපතිපච්චයා න ආසෙවනෙ නව”
කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපති ලැබෙන අවස්ථාවෙහි මහාකුශල ප්‍රථමජවනය ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍ම වර්ජිත මහාකුශල -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය අධිපතිය අනුව උදුරනු. කුසලෙන අබ්‍යාකතය අධිපතිය අනුව විස්තර කරනු. කුසලෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාකුශල ප්‍රථමජවනයෝ ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍ම වර්ජිත -පෙ- සාධිපතිචිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්. විභඞ්ගය උදුරනු.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ ලෝභමූල ද්වේෂමූල ප්‍රථම ජවනයෝ ය, චෛතසික සවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍ම වර්ජිත ලෝභමූල ද්වේෂමූල -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. අකුසලෙන අබ්‍යාකතය අධිපති අනුව විස්තර කරනු. අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල ද්වේෂමූල ප්‍රථම ජවනයෝ ය, -පෙ- යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ද ලැබෙත්. විභඞ්ගය උදුරනු.
අබ්‍යාකතවාරයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ඵලජවනයෝ ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍ම වර්ජිත මහාක්‍රියා ප්‍රථම ජවන ඵල ජවන නාමස්කන්‍ධයන් හා සාධිපතිචිත්තජ රූපයෝ ය, පඤ්චවෝකාරභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, මහද්ගතක්‍රියා නවය ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා සාධිපතිචිත්තජ රූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. රූපවාරයෙහි අධිපතියෙහි මෙන් අභිධෙය ගන්නේය. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය අධිපතිප්‍රත්‍යය අනුව විස්තර කරනු.
අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෙහි හා ඵලචිත්තයන්හි ලැබෙන අධිපතිධර්‍මයෝ ය, අධිපතිප්‍රත්‍යය නො ලැබෙන අවස්ථාවෙහි අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවන ආවර්ජන ලෞකිකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නිරාධිපතිචිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි “නව”
කුසලෙන කුසලයෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි මහාකුශල ප්‍රථමජවනයෝ ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍මයෝ ය, අධිපති නොලැබෙන අවස්ථාවෙහි මහාකුශල ප්‍රථම ජවනයෝ ය, චෛතසික අටතිස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. කුසලෙන අබ්‍යාකතයෙහි පඤ්චවෝකාරයෙහි අධිපති ප්‍රත්‍යය නො ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් අට ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ලැබෙත්. විභඞ්ගය උදුරනු. කුසලෙන කුසලාබ්‍යාකතයෙහි පඤ්චවෝකාරයෙහි අධිපති නො ලැබෙන අවස්ථාවෙහි මහාකුශල ප්‍රථම ජවනයෝ ය. චෛතසික අටතිස ය යන -පෙ- අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන නිරාධිපති චිත්තජරූපයෝ ද ලැබෙත්. විභඞ්ගය උදුරනු.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපති ලැබෙන අවස්ථාවෙහි වූ ලෝභමූල ද්වේෂමූල ප්‍රථම ජවනයෝ ය, චෛතසික සවිස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලබන අවස්ථාවෙහි අකුශල ප්‍රථම ජවනයෝ ය, චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්. විභඞ්ගය උදුරනු. අකුසලෙන අබ්‍යාකතයෙහි පඤ්චවෝකාරභූමියෙහි අධිපති නො ලබන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා නිරාධිපති චිත්තජරූපයෝ ලැබෙත්. විභඞ්ගය උදුරනු. අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි පඤ්චවෝකාරභූමියෙහි අධිපති නො ලබන අවස්ථාවෙහි අකුශල ප්‍රථම ජවනයෝ ය, චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන නිරාධිපති චිත්තජ රූපයෝ ද ලැබෙත්. විභඞ්ගය උදුරනු.
අබ්‍යාකතවාරයෙහි කර්‍තෘපාඨයෙන් අධිපති ලැබෙන අවස්ථාවෙහි මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ඵලජවනයෝ ය. චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවර්ජනද්වය ය, ලෞකික විපාක දෙතිස ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ආවර්ජනද්වයය, ලෞකික විපාක දෙතිසය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන නිරාධිපති චිත්තජරූපයෝ ය, පඤ්චවෝකාරභූමියෙහි අධිපති ප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි හසිතෝත්පාද මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ය යන මේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාරයෙහි හා රූපවාරයේ අභිධෙය සහජාත දුකයෙහි මෙන් ගන්නේ ය. විභඞ්ගය ද සහජාතය අනුව උදුරනු.
අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මයන් ගෙන් අන්‍ය වූ ලෝභමූල ද්වේෂමූල මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත කුශල මහද්ගතක්‍රියාවෝ ය, මාර්‍ගසිත් සතර ය යන නාමස්කන්‍ධයෝ අනුලෝමයෙහි “තීණි” කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහාකුශල ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල නවය ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍ම වර්ජිත මහාකුශල ද්විතීයාදි ජවනයෝ ය -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය ආසේවනයෙහි මෙන් උදුරනු. අකුසලෙන අකුසලයෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි වූ ලෝභමූල ද්වේෂමූල ද්විතීයාදි ජවනයෝ ය, චෛතසික සවිස්ස ය යන -පෙ- අධිපතිධර්‍ම වර්ජිත -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. අබ්‍යාකතයෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි වූ මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය මහද්ගතක්‍රියා නවය ය, චෛතසික පන්තිස ය යන -පෙ- අධිපතිධර්‍ම වර්ජිත නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය ආසේවනයෙහි මෙනි.
අධිපතිමූලක කම්මදුකයෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන තන්හි අධිපති ධර්‍මයෝ ය. අධිපති නො ලැබෙන අවස්ථාවෙහි වූ කුශලා කුශල ක්‍රියා චේතනා වර්ජිත අකුශල අහේතුක ක්‍රියා මහාකුශල මහාක්‍රියා ලෞකික විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතරය, නිරාධිපති චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු අධිපති ප්‍රත්‍යය බැහැර කෙරෙති. “නව”
කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් අට ය, මහද්ගතකුසල් නවය ය. මාර්‍ගසිත් සතර ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති නොලැබෙන අවස්ථාවෙහි මහා කුසල් අටය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා මහාකුසල් අට ය චේතනා වර්ජිත චෛතසික සත්තිස ය යන -පෙ- ලැබෙත්. විභඞ්ගය කර්‍මයෙහි මෙනි. කුසලෙන අබ්‍යාකතය සහජාතය මෙන් විස්තර කරනු. කුසලෙන කුසලාබ්‍යාකතය චේතනාව හැර සහජාතය මෙන් විස්තර කරනු.
අකුසලෙන අකුසලයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි ලෝභමූල ද්වේෂමූල සිත් දශය ය, චෛතසික සවිස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුසල සිත් දොළොස ය චෛතසික සත් විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අකුසල් දොළොස ය චේතනා වර්ජිත චෛතසික සවිස්ස ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. විභඞ්ගය කර්‍මයෙහි මෙනි. අකුසලෙන අබ්‍යාකතය අකුසලෙන අකුසලාබ්‍යාකතය යන දෙක සහජාතදුකයෙහි මෙන් විස්තර කරනු. චේතනාව හරිනු.
අබ්‍යාකතවාරයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාක්‍රියා අට ය අධිපති නියත මහද්ගතක්‍රියා නවය ය, ඵලසිත් සතර ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපතිධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අහේතුක ක්‍රියා මහාක්‍රියාවෝ ය ලෞකිකවිපාක දෙතිස ය චෛතසික පන්තිස ය යන අවයව -පෙ- අහේතුක ක්‍රියා මහාක්‍රියා ලෞකික විපාකයෝ ය ක්‍රියා චේතනා වර්ජිත චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය ඔවුන් විසින් උපදවන නිරාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍මයෙහි මෙන් අභිධෙය ගන්නේ ය. රූපවාරයෙහි නිරාධිපතිචිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍ව කර්‍මජරූපයන් ගන්නේ ය. විභඞ්ගය කර්‍මප්‍රත්‍යය අනුව උදුරනු. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙතන්හි සහජාතදුකය අනුව අභිධෙය ගන්නේ ය. කම්මදුකය අනුව විභඞ්ගය උදුරනු.
සාධිපති කුශලා කුශල ක්‍රියා චේතනාවෝ කර්‍මප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝමපච්චනීයයෙහි “තීණි” කුසලෙන කුසලයෙහි අධිපති ලබන අවස්ථාවෙහි මහා කුසල් අටය, අධිපති නියත වූ මහද්ගත කුසල් නවය හා මාර්‍ග සිත් සතරය, චේතනා වර්ජිත චෛතසික සත්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. “කුසලෙ ඛන්‍ධෙපටිච්ච කුසලාචෙතනා” අකුසලෙන අකුසලයෙහි ලෝභමූලසිත් අට ය, ද්වේෂමූල සිත් දෙක ය, විචිකිත්සාචේතනා වර්ජිත චෛතසික පස්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. “අකුසලෙ ඛන්‍ධෙ පටිච්ච අකුසලා චෙතනා” අබ්‍යාකතවාරයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහා ක්‍රියා අටය, අධිපති නියත මහද්ගත ක්‍රියා නවය ය, චේතනා වර්ජිත චෛතසික සූතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. අබ්‍යාකතෙ ඛන්‍ධෙපටිච්ච කිරියාබ්‍යාකතා චෙතනා.
නිරාධිපති කුශලා කුශල ක්‍රියා චේතනාවෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි “තීණි” කුසලෙන කුසලයෙහි අධිපති නො ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් අට ය චේතනා වර්ජිත චෛතසික සත්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනා ලැබේ. “කුසලෙ ඛන්‍ධෙ පටිච්ච කුසලා චෙතනා” අකුසලෙන අකුසලයෙහි අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය, චේතනා වර්ජිත චෛතසික සවිස්ස ය යන -පෙ- චේතනාව ලැබේ. “අකුසලෙ ඛන්‍ධෙ පටිච්ච අකුසලා චෙතනා” අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්ති කාලයෙහි අධිපති නොලැබෙන අවස්ථාවෙහි අහේතුකක්‍රියා තුනය. මහාක්‍රියා අට ය චේතනා වර්ජිත චෛතසික සූතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. “කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කිරියාබ්‍යාකතා චෙතනා” රූපවාරයෙහි බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයන් ගෙන් විභඞ්ගය උදුරනු.
අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍ම හා කුශලාකුශල ක්‍රියා චේතනා ද හැර දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන සාධිපති චිත්තජ රූපයෝ ය යන මොහු, අනුලෝමයෙහි “නව” විස්තර කරනු.
අධිපතිමූලක විපාක දුකයෙහි ඵලසිත්වල අධිපති ධර්‍මයෝ ය, ලෞකිකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, ලෞකික විපාකයන් විසින් උපදවන චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොහු අධිපතිප්‍රත්‍යය බැහැර කරති. පච්චනීයානුලෝමයෙහි ‘එකං’ එනම් අබ්‍යාකතෙන අබ්‍යාකතය යි. එහි කර්‍තෘපාඨයෙන් ඵලසිත් සතර ය, චෛතසික සතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, ලෞකික විපාක දෙතිස ය, චෛතසික පන්තිස ය යන -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයේ ලැබෙත්. ප්‍රතිසන්‍ධි වාරයේ අභිධෙය කියනු. රූපවාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත ලෞකික විපාක නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන නිරාධිපති චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් හා උපදනා කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ විපාකයන් උපදවන නිරාධිපති චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොව්හු ලැබෙත්. විභඞ්ගය විපාක ප්‍රත්‍යය අනුව උදුරනු.
අධිපතිධර්‍මයන්ගෙන් අන්‍ය වූ සාධිපති කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ ය, කුශලාකුශලක්‍රියාවන් විසින් උපදවන සාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු විපාකප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝමපච්චනීයයෙහි නව. කුසල පදයේ වාර තුන හා අකුසල පදයේ වාර තුන අධිපතිප්‍රත්‍යය අනුව අභිධෙය ගෙන විස්තර කරනු.
අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහා ක්‍රියා අට ය අධිපති නියත මහද්ගත ක්‍රියා නව ය ය චෛතසික පන්තිසය යන අවයව -පෙ- අධිපති ධර්මවර්ජිත මහාක්‍රියා අට ය, මහද්ගතක්‍රියා නවය ය, චෛතසික පන්තිස ය යන -පෙ- ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ සාධිපති කුසලා කුසල ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන සාධිපතිචිත්තජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත සාධිපති චිත්තජ උපාදායරූපයෝ ලැබෙත්. විභඞ්ගය උදුරනු.
කුශලාකුශලක්‍රියා නාමස්කන්‍ධයන්හි අධිපති ධර්‍මයෝ ය, අධිපති නොලබන අවස්ථාවෙහි වූ අකුශල අහේතුක ක්‍රියා මහා කුශල මහාක්‍රියා නාමස්කන්‍ධයෝ ය. කුශලාකුශලක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන නිරාධිපති චිත්තජ රූපයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු පච්චනීයයෙහි ‘නව’ කුශලාකුශල දෙපදයේ වාර සයෙහි සසහජාතදුකයේ පච්චනීයානුලෝමය අනුව අභිධෙය ගෙන විභඞ්ග උදුරනු.
අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපති ලැබෙන අවස්ථාවෙහි මහාක්‍රියා අට ය, අධිපති නියත මහද්ගත ක්‍රියා නවය ය. චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි අහේතුක මහාක්‍රියා ය, චෛතසික පන්තිස ය යන නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන නිරාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ නිරාධිපති කුසලා කුසල ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන නිරාධිපති චිත්තජමහාභූතයෝ ය. බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත උපාදායරූපයෝ ලැබෙත්. “කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච -පෙ- ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා -පෙ- මහාභූතෙ පටිච්ච චිත්ත සමුට්ඨානං රූපං උපාදාය රූපං බාහිරං ආහාරසමුට්ඨානං උතු සමුට්ඨානං අසඤ්ඤසත්තානං එකං -පෙ- රූපං”
අධිපතිධර්‍ම වර්ජිත ඵලනාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ය යන මොවුහු, අනුලෝමයෙහි “එකං” ‘අබ්‍යාකතො’ යන කර්‍තෘපාඨයෙන් ඵලසිත් සතර ය, චෛතසික සතිසය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍ම වර්ජිත ඵලසිත් සතර ය, -පෙ- ඔවුන් විසින් උපදවන චිත්තජ රූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනා අවස්ථාවෙහි වූ ඵලනාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජමහාභූතයන් නිසා උපදනා වූ භූතරූප සහිත වූ සාධිපති චිත්තජ උපාදාය රූපයෝ ලැබෙත්. විභඞ්ගය විපාකයෙහි මෙන් ප්‍රතිසන්‍ධි වාරය නො ගෙන උදුරනු.
අධිපතිමූලක ආහාර දුකයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවහෙි අකුශල අහේතුක ක්‍රියා මහාකුසල මහාක්‍රියා ලෞකිකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නිරාධිපතිචිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ ආහාරජ රූපයෝ ය යන මොවුහු අධිපතිප්‍රත්‍යය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි “නව” කුශලාකුශල දෙපදයේ වාර සය සහජාතදුකය අනුව විස්තර කරනු. අබ්‍යාකතපදවාරයෙහි ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි වාරදෙක්හි අභිධෙය ද සහජාතයෙහි මෙනි. රූපවාරයෙහි දී ආහාරජරූප පමණක් සහජාත දුකය අනුව ගන්නේ ය. “ආහාර සමුට්ඨානං” යනු යොදා විභඞ්ගය උදුරනු. ආහාර ප්‍රත්‍යය බැහැර කිරීමක් නැත්තේය.
බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ පච්චනීයයෙහි ‘එකං’ විස්තර කරනු.
අධිපතිධර්‍මවර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයන් හා සාධිපති චිත්තජරූපයෝ, අනුලෝමයෙහි “නව” අධිපතිය අනුව විස්තර කරනු.
අධිපතිමූලක ඉන්‍ද්‍රියදුකයෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවෙහි අකුශල අහේතුකක්‍රියා මහාකුශල මහාක්‍රියා ලෞකික විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නිරාධිපති චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය, රූප ජීවිතේන්‍ද්‍රිය වර්ජිත අසංඥසත්ත්‍ව කර්‍මජරූපයෝ ය ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ ය යන මොවුහු අධිපති ප්‍රත්‍යය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි නව කුශලා කුශල දෙපදයේ වාර සය සහජාතදුකයෙහි මෙන් විස්තර කරනු. අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි දෙවාරය සහජාතදුකයෙහි මෙනි. රූපවාරයෙහි චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන් ද රූප ජීවිතේන්‍ද්‍රිය හැර අසංඥසත්ත්‍වකර්‍මජ රූපයන් ද ප්‍රවෘත්තිකර්‍මජ රූපයන්ද ගන්නේ ය. විභඞ්ගය උදුරනු. ඉන්‍ද්‍රියප්‍රත්‍යය බැහැර කිරීමක් නැත.
බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය. අසංඥසත්ත්‍වරූප ජීවිතේන්‍ද්‍රිය ය, ප්‍රවෘත්තිරූපජීවිතේන්‍ද්‍රිය යන මොවුහු පච්චනීයයෙහි ‘එකං’ “බාහිරං එකං මහාභූතං -පෙ- ආහාර සමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච රූපජීවිතේන්‍ද්‍රියං”
අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපතිජවන නාමස්කන්‍ධයන් හා සාධිපති චිත්තජරූපයෝ, අනුලෝමයෙහි ‘නව’ විස්තර කරනු.
අධිපතිමූලක ඣානදුකයෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතීහුය, නො ලැබෙන අවස්ථාවෙහි අකුශල අහේතුක ක්‍රියා මහාකුශල මහාක්‍රියා ද්විපඤ්චවිඥාන වර්ජිත ලෞකිකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නිරාධිපති චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු අධිපතිප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘නව’ කුශලපදයේ වාර තුන හා අකුශලපදයේ වාර තුන විස්තර කරනු. අබ්‍යාකතපදයෙහි ප්‍රවෘත්ති කාලයෙහි ද්විපඤ්ච විඤ්ඤාණය හරිනු. ප්‍රතිසන්‍ධි වාරයෙහි ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධ හා කර්‍මජරූප ගන්නේය. රූපවාරයෙහි නිරාධිපතිචිත්තජරූප හා ප්‍රතිසන්‍ධිකර්‍මජරූපද ගන්නේය. විභඞ්ග ධ්‍යානප්‍රත්‍යය අනුව උදුරනු. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හා අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය සහජාතදුකය අනුව විස්තර කරනු.
ධ්‍යානප්‍රත්‍යය බැහැර කිරීමක් නැත්තේ ය. ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ, “එකං” හේතුමූලක ඣානදුකයේ පච්චනීයයය අනුව විස්තර කරනු. අධිපතිධර්‍ම වර්ජිත සාධිපති ජවන නාමස්කන්‍ධයන් හා සාධිපති චිත්තජරූපයෝ “නව” අධිපතිය මෙන් විස්තර කරනු.
අධිපතිමූලක මග්ගදුකයෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය මහාකුශල මහාක්‍රියා සහේතුකලෞකිකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නිරාධිපති සහේතුක චිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොවුහු අධිපතිප්‍රත්‍යය බැහැර කෙරෙති. “නව” කුසලාකුසල දෙපදයේ වාර සය සහජාත දුකය අනුව විස්තර කරනු. අබ්‍යාකතවාරය හේතුදුකය අනුව විස්තර කරනු. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හා අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ද හේතුදුකය අනුව ම විස්තර කරනු. මාර්‍ගප්‍රත්‍යය බැහැර කිරීමක් නැත්තේය.
අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොහු පච්චනීයයෙහි “එකං” හේතු දුකය අනුව විස්තර කරනු. අනුලෝමය ද එසේම ය.
අධිපතිමූලක සම්පයුත්ත දුකය ආරම්මණ දුකය මෙනි. අධිපතිමූලකවිප්පයුත්ත දුකයෙහි පඤ්චවෝකාරයෙහි අධිපති ලැබෙන කල්හි අධිපති ධර්‍මයෝ ය, නො ලැබෙන කල්හි අකුසල් සිත් දොළොස ය, අහේතුක ක්‍රියාවෝ ය, මහාකුශල මහාක්‍රියා ය, අරූපවිපාක වර්ජිත ලෞකික විපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නිරාධිපති චිත්තජරූප හා ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොහු අධිපති ප්‍රත්‍යය බැහැර කෙරෙති. “නව” කුසලාකුසල දෙපදයේ වාර සහ සහජාතය අනුව විස්තර කරනු.
අබ්‍යාකතවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපති ලැබෙන ධර්‍මයෝ ය, නො ලැබෙන අවස්ථාවෙහි අහේතුක ක්‍රියා ය, මහාක්‍රියා ය, අරූපවිපාක වර්ජිත ලෞකික විපාකයෝ ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, නිරාධිපති චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයේ අභිධෙය විප්‍රයුක්තයෙහි මෙනි. රූපවාරයෙහි නිරාධිපති චිත්තජරූප හා ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ලැබෙත්.
අරූපභූමියෙහි අධිපති ලැබෙන අවස්ථාවෙහි අධිපති ධර්‍ම වර්ජිත ලෝභමූල මහාකුශල මහාක්‍රියා නාමස්කන්‍ධයෝ ය, අධිපති නියත වූ අරූපකුශලක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය යන මොහු විප්‍රයුක්තය බැහැර කෙරෙති. “තීණි” පුරේජාත දුකයෙහි මෙන් විස්තර කරනු.
අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි අධිපති ලැබෙන කල්හි අධිපති ධර්‍මයෝ ය, නො ලැබෙන කල්හි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා නාමස්කන්‍ධයෝ ය, බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොවුහු පච්චනීයයෙහි “තීණි” කුසලෙන කුසලය හා අකුසලෙන අකුසලය පුරේජාත දුකයෙහි පච්චනීය ය අනුව විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි අරූපවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. අරූපභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි මහාක්‍රියා අට ය. සැමකල්හිම අධිපති ලැබෙන අරූපක්‍රියා සතර හා ඵලසිත් සතර ය, චෛතසික සතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති නො ලැබෙන අවස්ථාවෙහි මනොද්වාරාවර්ජනය ය, මහාක්‍රියා අට ය, චෛතසික සතිසය යන අවයව වූ නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- නාමස්කන්‍ධයෝ ය යන මොවුහු ලැබෙත්. රූපවාරයෙහි බාහිරරූපාදිය ගන්නේ ය. “අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච -පෙ- ඛන්‍ධා බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං එකං මහාභූතං -පෙ- උපාදායරූපං”
පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපතිධර්‍ම වර්ජිත දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය, සාධිපතිචිත්තරූපයෝ ය යන මොවුහු අනුලෝමයෙහි “නව” අධිපතිප්‍රත්‍යය අනුව පඤ්චවෝකාරභූමියෙහි අධිපතිප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි යනු යොදා විස්තර කරනු. විභඞ්ගය ද අධිපතිප්‍රත්‍යය අනුව උදුරනු. “ඛන්‍ධා වත්‍ථුං විප්පයුත්තපච්චයා, චිත්තසමුට්ඨානං රූපං ඛන්‍ධෙ විප්පයුත්තපච්චයා” යනු අගට යොදනු. අධිපතිමූලකඅත්‍ථි දුකය සහජාත දුකය මෙනි. නත්‍ථි දුකය අනන්තර දුකය මෙනි. අවිගත දුකය සහජාත දුකය මෙනි.