අඤ්ඤමඤ්ඤමූලක හේතුදුකාදිය ඉහත කී පරිදි ප්‍රත්‍යයන් බැහැර කරමින් විස්තර කරනු. අඤ්ඤමඤ්ඤමූලක නිස්සය දුකය සහජාතදුකය අනුව විස්තර කරනු. උපනිස්සය දුකය ආරම්මණ දුකය අනුව විස්තර කරනු.
අඤ්ඤමඤ්ඤමූලක පුරේජාත දුකයෙහි අඤ්ඤමඤ්ඤය බැහැර කිරීමක් නැත. අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදය වස්තුව ය, ඔවුනොවුන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු පුරේජාතය බැහැර කෙරෙති. “තීණි” කුසලෙන කුසලය හේතුමූලක පුරේජාතය මෙන් විස්තර කරනු. අකුසලෙන අකුසලය මෝහ මූලයෙහි මෝහය නො හැර හේතුමූලක පුරේජාතය මෙන් විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අරූපවිපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මනෝද්වාරාවජ්ජන ය, මහාක්‍රියා අට ය, අරූපක්‍රියා සතර ය, ඵල සතර ය, චෛතසික සතිස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාර රූපවාර දෙක්හි අභිධෙය අඤ්ඤමඤ්ඤයෙහි මෙන් ගන්නේ ය. විභඞ්ගය “අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං” යනු යොදා උදුරනු.
නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජරූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි “පඤ්ච” සහජාත මූලක අඤ්ඤමඤ්ඤදුකයේ අනුලෝම පච්චනීය අනුව විස්තර කරනු. අනුලෝමය ශුද්ධ පුරේජාතය අනුව විස්තර කරනු.
අඤ්ඤමඤ්ඤමූලක ආසේවන දුකයෙහි අඤ්ඤමඤ්ඤය බැහැර කිරීමක් නැත. අකුශල හසිතෝත්තපාද මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවර්ජනද්වය ය, සතිස් විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු ආසේවනය බැහැර කෙරෙති. “තීණි” කුසලෙන කුසලයෙහි මහාකුශලප්‍රථමජවනය ගෙන විභඞ්ගය උදුරනු. අකුසලෙන අකුසලයෙහි අකුශල ප්‍රථම ජවනයන් ගන්නේ ය. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙිහ හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවර්ජනද්වය ය, විපාක සතිස ය චෛතසික අටතිස ය යන මොවුන් ගන්නේ ය. ප්‍රතිසන්‍ධිකාලයෙහි හා රූපවාරයෙහි අන්‍යෝන්‍යයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු. පච්චනීය ය පුරේජාතදුකයේ පච්චනීය ය මෙනි. අනුලෝමය ශුද්ධආසේවනය අනුව විස්තර කරනු.
අඤ්ඤමඤ්ඤමූලක කම්මදුකයෙහි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය. මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු අඤ්ඤමඤ්ඤය බැහැර කෙරෙති. “පඤ්ච” ඉහත කී නයයන් අනුව විස්තර කරනු.
කුශලා කුශල ක්‍රියා චේතනාවෝ ය, ඔවුනොවුන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය ආහාරජ සෘතුජ මහාභූතයෝ ය යන මොවුහු කර්‍මප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” කුසලෙන කුසලය අකුසලෙන අකුසලය යන දෙවාරය හේතුමූලක කම්මදුකයේ අනුලෝමපච්චනීය ය අනුව විස්තර කරනු. අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්තිකාලයේ කර්‍තෘපාඨයෙන් ක්‍රියාචේතනා ගන්නේ ය, රූපවාරයෙහි බාහ්‍ය ආහාරජ සෘතුජ මහාභූතයන් නිසා උපදනා බාහ්‍යාදි මහාභූතයන් ගන්නේ ය. “කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කිරියාබ්‍යාකතා චෙතනා, බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං මහාභූතං -පෙ- මහාභූතා.”
මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය ආහාරජ සෘතුජ උපාදාය රූපයෝ, පච්චනීයයෙහි “එකං” බාහ්‍ය ආහාරජ සෘතුජ මහාභූතයන් නිසා උපදනා බාහ්‍ය ආහාරජ සෘතුජ උපාදාය රූපයෝ ලැබෙත්. “බාහිරෙ මහාභූතෙ පටිච්ච උපාදායරූපං ආහාරසමුට්ඨානෙ උතුසමුට්ඨානෙ මහාභූතෙ පටිච්ච උපාදායරූපං”
අඤ්ඤමඤ්ඤමූලක විපාක දුකයෙහි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන විපාකචිත්තජ රූපයෝ ය. හෘදය වස්තුවෙන් ප්‍රත්‍යය ලබන හෘදය වස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන විපාක චිත්තජ උපාදායරූපයෝ ය යන මොවුහු අඤ්ඤමඤ්ඤය බැහැර කෙරෙති. “එකං” ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරයෙහි උපදනා අවස්ථාවෙහි අරූප විපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුතිවර්ජිත විපාක සිත් දෙවිස්ස ය, චෛතසික සතිස ය, යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා හෘදය වස්තුවෙන් අන්‍ය වූ කෘතත්‍වාත්රූපයෝ ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත දෙවිසි විපාකනාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා උපදනා ප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා විපාක චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදායරූපයෝ ලැබෙත්. “අබ්‍යාකතෙ ඛන්‍ධෙපටිච්ච චිත්තසමුට්ඨානං රූපං, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්චකටත්තාරූපං, මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං කටත්තා රූපං උපාදායරූපං”
කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ ය. ඔවුනොවුන් ගෙන් ප්‍රත්‍යය ලබන කුශලා කුශල ක්‍රියා චිත්තජ මහාභූතයෝ ය, ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු විපාක ප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” කුසලපදවාරය හා අකුසලපදවාරය විස්තර කරනු. අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්තිකාලයට ක්‍රියා විස්ස ගන්නේ ය. රූපවාරයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි කුශලා කුශල ක්‍රියා චිත්තයන් විසින් උපදවන චිත්තජ මහාභූතයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ මහාභූතයන් විසින් උපදවන කුශලාකුශල ක්‍රියාවන් විසින් උපදවන චිත්තජමහාභූතයෝ ය -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු ලැබෙත්. “කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා, එකං මහාභූතං පටිච්ච -පෙ- ද්වෙ මහාභූතා, බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං එකං -පෙ- මහාභූතා”
නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජරූපයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන කුසලා කුසල ක්‍රියාචිත්තජ උපාදාය රූපයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ උපාදාය රූපයෝය යන මොවුහු පච්චනීයයෙහි “පඤ්ච” කුසලෙන අබ්‍යාකතය සහ අකුසලෙන අබ්‍යාකතය විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි ක්‍රියාසිත විස්සය, චෛතසිකපන්තිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනා අවස්ථාවෙහි කුශලා කුශල ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජ මහාභූතයෝ ය බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ මහා භූතයෝ යන මොවුන් නිසා උපදනා වූ චිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ලැබෙත්. “කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං උපාදායරූපං, බාහිරෙ මහාභූතෙ පටිච්ච උපාදායරූපං -පෙ- අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච උපාදායරූපං ඉතිරි වාර දෙක විස්තර කරනු.
“සකල විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන විපාක චිත්තජ මහාභූතයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු අනුලෝමයෙහි “එකං” අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් ප්‍රවෘත්තිකාලයෙහි විපාකනාමස්කන්‍ධයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාරය අඤ්ඤමඤ්ඤයෙහි මෙනි. රූපවාරයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත දෙවිසි විපාකස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජමහා භූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා මහාභූතයෝ ලැබෙත්. “විපාකාබ්‍යාකතං, එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා, එකං මහාභූතං -පෙ- ද්වෙ මහාභූතා.
අඤ්ඤමඤ්ඤ මූලක අහාරදුකයෙහි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජරූප හා හෘදයවස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ ආහාරජ උපාදායරූපයෝ ය යන මොවුහු අඤ්ඤමඤ්ඤය බැහැර කෙරෙති. පච්චනීයානුලෝමයෙහි “පඤ්ච” පෙර කී නයයන් අනුව විස්තර කරනු.
ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ආහාරප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” විස්තර කරනු. මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ පච්චනීයයෙහි “එකං” ඉහත කී නය අනුව විස්තර කරනු.
සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය. ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ ආහාරජ මහාභූතයෝ ය යන මොවුහු අනුලෝමයෙහි “තීණි” අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිකාලදෙක්හි අභිධෙය ඉහත කී පරිදි ගන්නේය. රූපවාරයට චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ ආහාරජ මහාභූතයන් ගන්නේ ය.
අඤ්ඤමඤ්ඤමූලක ඉන්‍ද්‍රිය දුකයෙහි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජරූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදාය රූපයෝය, ජීවිතේන්‍ද්‍රියෙන් අන්‍ය වූ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු අඤ්ඤමඤ්ඤය බැහැර කෙරෙති. “පඤ්ච” විස්තර කරනු.
ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍යආහාරජ සෘතුජ මහාභූතයෝ ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” විස්තර කරනු. මහා භූතයන් ගෙන් ප්‍රත්‍ය්‍ය ලබන බාහ්‍ය ආහාරජ සෘතුජ උපාදායරූපයෝ ය. අසංඥසත්ත්‍ව රූපජීවිතේන්‍ද්‍රිය ය ප්‍රවෘත්ති රූපජීවිතේන්‍ද්‍රිය ය, යන මොවුහු පච්චනීයයෙහි “එකං” විස්තර කරනු.
සකල ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍වකර්‍මජ මහා භූතයෝ ය යන මොවුහු, අනුලෝමයෙහි “තීණී” අන්‍යෝන්‍යයෙහි ලැබෙන ධර්‍මයන්ගෙන් බාහ්‍ය ආහාරජ සෘතුජ මහාභූතයන් හැර අභිධෙය ගන්නේ ය.
අඤ්ඤමඤ්ඤමූලක ඣාන දුකයෙහි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජරූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු අඤ්ඤමඤ්ඤය බැහැර කෙරෙති. “පඤ්ච” විස්තර කරනු.
ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය, අනුලෝමපච්චනීයයෙහි “එකං” වුක්තානුසාරයෙන් විස්තර කරනු.
මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ පච්චනීයයෙහි “එකං” විස්තර කරනු.
ද්විපඤ්චවිඥානයන් ගෙන් අන්‍ය වූ සකල ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු “තීණි” බාහ්‍යාදි මහාභූතයන් හැර අඤ්ඤමඤ්ඤය අනුව විස්තර කරනු.
අඤ්ඤමඤ්ඤමූලක මග්ගදුකයෙහි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජරූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, මහාභූතයන්ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුක චිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු අඤ්ඤමඤ්ඤය බැහැර කෙරෙති. “පඤ්ච” හේතුව අනුව අභිධෙය ගෙන විභඞ්ග උදුරනු.
අහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය, අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු මාර්‍ගප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” හේතුමූලක අඤ්ඤමඤ්ඤදුකයේ පච්චනීයානුලෝමය අනුව විස්තර කරනු.
නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජරූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොවුහු පච්චනීයයෙහි “එකං” හේතුමූලක අඤ්ඤමඤ්ඤදුක පච්චනීය ය අනුව විස්තර කරනු.
සකල සහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු අනුලෝමයෙහි “තීණි” මෝහමූලයෙහි මෝහය නොහැර හේතුමූලක අඤ්ඤමඤ්ඤදුකයේ අනුලෝමය මෙන් විස්තර කරනු. අඤ්ඤමඤ්ඤ මූලක සම්පයුත්ත දුකය ආරම්මණදුකය මෙනි.
අඤ්ඤමඤ්ඤමූලක විප්පයුත්තදුකයෙහි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජරූප හා හෘදය වස්තුවෙන් අන්‍ය ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍ය්‍ය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදායරූපයෝ ය යන මොහු අඤ්ඤමඤ්ඤය බැහැර කෙරෙති. “පඤ්ච” විස්තර කරනු.
අරූපවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා උපරිමමාර්‍ග සකලඵලනාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොහු විප්පයුත්තය බැහැර කෙරෙති. “තීණි” කුසලෙන කුසලය හා අකුසලෙන අකුසලය ආරම්මණමූලක විප්පයුත්තදුකය අනුව විස්තර කරනු. අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි අභිධෙය ආරම්මණමූලකයෙහි මෙනි. රූපවාරයෙහි බාහ්‍යාදි මහාභූතයෝ ලැබෙත්. විභඞ්ගය උදුරනු.
මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ, පච්චනීයයෙහි “එකං” විස්තර කරනු.
අරූපවිපාක වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය, අනුලෝමයෙහි “තීණි” පඤ්චවෝකාරයෙහි ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍යය යන ධර්‍ම අභිධෙය වශයෙන් ගෙන විස්තර කරනු. රූපවලින් බාහ්‍යාදිකොටස් පස ගන්නේ ය. අඤ්ඤමඤ්ඤමූලක අත්‍ථි අවිගත දුකයෝ සහජාතදුකයට සමාන වෙති. නත්‍ථිවිගතදුකයෝ අනන්තරදුකය මෙනි.
නිස්සයමූලකය සහජාතමූලකය මෙනි. උපනිස්සයමූලකය ආරම්මණමූලකය මෙනි.