ආරම්මණමූලක වාරය

star_outline
(ආරම්මණමූලක හේතු දුකය)

ආරම්මණමූලක හේතු දුකයෙහි සහේතුක චිත්තජ රූපයන් හා සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී ආරම්මණ ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් ආරම්මණ ප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් ඒ ධර්‍මයෝ පච්චනීයානුලෝමයෙහි “න ආරම්මණ පච්චයා හෙතුයා පඤ්ච” යි වදාරන ලදහ. අභිධෙය අවුලා විභඞ්ගය උදුරනු.

මෝහමූලද්වයයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආරම්මණප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතු ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න නොවීමෙන් හේතුප්‍රත්‍යය බැහැර කරති. එ බැවින් ඒ ධර්‍මයෝ අනුලෝමපච්චනීයයෙහි ‘ආරම්මණපච්චයා න හෙතුයා ද්වෙ’ යි වදාරන ලදහ. අභිධෙය අවුලා විභඞ්ගය උදුරනු.

අහේතුක චිත්තජ රූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥ සත්ත්‍වකර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොව්හු හේතු ආරම්මණ ප්‍රත්‍යය දෙදෙනාගේ ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නොවෙති. -පෙ- “න ආරම්මණ පච්චයා න හෙතුයා එකං” අභිධෙය අවුලා විභඞ්ගය උදුරනු.

මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආරම්මණ හේතුප්‍රත්‍යය දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. -පෙ- අනුලෝමනයෙහි -පෙ- “ආරම්මණ පච්චයා හෙතුයා තීණි” යි වදාරන ලදහ. අභිධෙය අවුලා විභඞ්ගය උදුරනු.

(ආරම්මණ මූලක අධිපති දුකය)

ආරම්මණමූලක අධිපති දුකයෙහි සාධිපති චිත්තජරූපයෝ අධිපති ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී -පෙ- පච්චනීයානු ලෝමයෙහි “න ආරම්මණ පච්චයා අධිපතියා පඤ්ච” යි වදාරන ලදහ. “පඤ්ච” යනු කුසලෙන අබ්‍යාකතය ය, අකුසලෙන අබ්‍යාකතය ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය ය, කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය, අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන මොහු ය.

කුසලෙන අබ්‍යාකතය අකුසලෙන අබ්‍යාකතය යන දෙවාරය අධිපති ප්‍රත්‍යය අනුව විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහා ක්‍රියා අටය නියමයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන මහද්ගත ක්‍රියා නවය හා ඵලසිත් සතර ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා සාධිපති චිත්තජරූපයෝ ලැබෙත්. රූපවාරයෙහි අභිධෙය අධිපති ප්‍රත්‍යයෙහි මෙනි. විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- න ආරම්මණ පච්චයා අධිපතිපච්චයා, විපාකබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං එකං මහාභූතං පටිච්ච -පෙ- මහාභූතෙ පටිච්ච චිත්ත සමුට්ඨානං උපාදාය රූපං” යි උදුළ යුතු ය. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙවාරය අධිපති ප්‍රත්‍යය අනුව විස්තර කරන්නේ ය.

අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවන්හි අධිපතිප්‍රත්‍යය වන ධර්‍මය, අහේතුක ක්‍රියා තුන ය, අධිපති ප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ මහා ක්‍රියා අට ය ලෞකික විපාක දෙතිස ය යන නාමස්කන්‍ධයෝ -පෙ- “ආමේමණ පච්චයා න අධිපතියා තීණි” යි වදාරන ලදහ.

නිරාධිපතිචිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, බාහිර රූපයෝ ය, ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජරූපයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු ප්‍රත්‍යය දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. “න ආරම්මණ පච්චයා න අධිපතියා පඤ්ච” “පඤ්ච” යනු කුසලෙන අබ්‍යාකතා දිය ය, කුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘ පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි මහාකුසල් අටය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ලැබෙත්. විභඞ්ගය “කුසලං -පෙ- නාරම්මණ පච්චයා න අධිපති පච්චයා කුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” යි උදුළ යුතු ය. අකුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ලැබෙත්. විභඞ්ගය -පෙ- අකුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්ත සමුට්ඨානං රූපං.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපති ප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි අහේතුකක්‍රියා තුනය, මහාක්‍රියා අටය, අරූප විපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත ලෞකිකවිපාක අටොළොස ය, චෛතසික පන්තිස ය යන අවයවවූ ද සමූහ වූද නාමස්කන්‍ධයන් නිසා උපදනා නිරාධිපති චිත්තජ රූපයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. රූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත නිරාධිපති කුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන නිරාධිපති චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා සුදුසු පරිදි උපදනා කර්‍මජ මහාභූතයෝ ය, බාහිර මහාභූතයෝ ය, ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ නිරාධිපති චිත්තජ උපාදාය රූපයෝ ය, -පෙ- ප්‍රවෘත්ති කර්‍මජ උපාදාය රූපයෝ ය යන මොව්හු ලැබෙත්. විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- න ආරම්මණ පච්චයා න අධිපති පච්චයා, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තා රූපං, ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, එකං මහාභූතං පටිච්ච තයො, -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, කටත්තාරූපං උපාදාය රූපං, බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච කටත්තා රූපං උපාදාය රූපං” යි උදුළ යුතු ය. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකත ය යන දෙවාරය හේතු ප්‍රත්‍යය අනුව විස්තර කරනු.

අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි අධිපති වන ධර්‍මය හැර දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ -පෙ- ආරම්මණ පච්චයා අධිපතියා “තීණි” යි වදාරන ලදහ. කුසලෙන කුසලය අකුසලෙන අකුසලය යන දෙවාරය අධිපති ප්‍රත්‍යයෙහි මෙන් විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි වූ මහා ක්‍රියා අට ය, සෑම කල්හි අධිපති ප්‍රත්‍යය ලැබෙන මහද්ගතක්‍රියා නවය ය, ඵල සිත් සතර ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- ආරම්මණපච්චයා අධිපති පච්චයා. විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච -පෙ- ද්වෙ ඛන්‍ධා” යි උදුළ යුතු ය.

(ආරම්මණ මූලක අනන්තර දුකය)

ආරම්මණමූලක අනන්තර දුකයෙහි අනන්තරප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න වී ආරම්මණ ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍ම නැති බැවින් පච්චනීයානුලෝමයෙහි “නාරම්මණ පච්චයා අනන්තරෙ” යනාදිය නො වදාළ සේක.

ආරම්මණ ප්‍රත්‍යයෝත්පන්න වී අනන්තර ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍ම නැති බැවින් අනුලෝම පච්චනීයයෙහි “ආරම්මණ පච්චයා නානන්තරෙ” යනාදිය නො වදාළ සේක.

චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජරූප බාහ්‍යරූප ආහාරජරූප සෘතුජරූප අසංඥසත්ත්‍ව කර්‍මජරූප ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ ආරම්මණ අනන්තර -පෙ- දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. -පෙ- “න ආරම්මණ පච්චයා න අනන්තරෙ පඤ්ච” “පඤ්ච” යනු කුසලෙන අබ්‍යාකතාදිය ය. කුසලෙන අබ්‍යාකත ය අකුසලෙන අබ්‍යාකත ය යන දෙක හේතු ප්‍රත්‍යයෙහි මෙන් විස්තර කරනු.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත විපාක සිත් දෙවිස්ස ය. ක්‍රියා සිත් විස්ස ය. චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. ශුද්ධරූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලා කුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයෝ ය. පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා උපදනා කර්‍මජ මහාභූතයෝ ය. බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍ම ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සසහිත වූ චිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තා රූපං, ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, බාහිරං ආහාර සමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං -පෙ- මහාභූතෙ පටිච්ච කටත්තාරූපං උපාදායරූපං” යි උදුළ යුතු ය. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හා අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හේතුප්‍රත්‍යය අනුව විස්තර කරනු.

එකුන්අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආරම්මණ අනන්තර ප්‍රත්‍යදෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. -පෙ- “ආරම්මණ පච්චයා අනන්තරෙ තීණි” ආරම්මණ ප්‍රත්‍යය අනු ව විස්තර කරනු. සමනන්තරය ද එසේ ම ය.

(ආරම්මණ මූලක සහජාත දුකය)

චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ සහජාත ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී -පෙ- “න ආරම්මණ පච්චයා සහජාතෙ පඤ්ච” අනන්තර දුක පච්චනීය ය අනුව විස්තර කරනු.

ආරම්මණ ප්‍රත්‍යයෝත්පන්න වී සහජාත ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍ම නැති බැවින් අනුලෝම පච්චනීයයෙහි “ආරම්මණ පච්චයා න සහජාතෙ” යනාදිය නො වදාළ සේක. ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයන් ද නැත්තේය. එබැවින් -පෙ- නො වදාළ සේක.

සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ආරම්මණ සහජාත දෙක්හිම -පෙ- “ආරම්මණ පච්චයා සහජාතෙ තීණි” ආරම්මණය මෙන් විස්තර කරනු.

(ආරම්මණ මූලක අඤ්ඤමඤ්ඤ දුකය)

ආරම්මණමූලක අඤ්ඤමඤ්ඤ දුකයෙහි ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන හෘදය වස්තුව ය, ඔවුනොවුන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුහු අන්‍යෝන්‍යප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී -පෙ- න ආරම්මණ පච්චයා අඤ්ඤමඤ්ඤෙ එකං ප්‍රතිසන්‍ධිකාලයෙහි අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා හෘදයවස්තුව ලැබේ. රූපවාරයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්ච විඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයෝ ය. පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස -පෙ- කර්‍මජ මහාභූතයෝ ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා මහාභූතයෝ ලැබෙත්. විභඞ්ගය අබ්‍යාකතං ධම්මං පටිච්ච -පෙ- “පටිසන්‍ධික්ඛණෙ -පෙ- ඛන්‍ධෙ පටිච්ඡ වත්‍ථු, එකං මහාභූතං -පෙ- ද්වෙ මහාභූතා, බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං එකං -පෙ- මහාභූතා” යි උදුළ යුතු ය. ආරම්මණ ප්‍රත්‍යයෝත්පන්න වී අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍ම නැත්තේ ය. -පෙ- නො වදාළ සේක.

නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජරූපයෝ ය, හෘදය වස්තුවෙන් අන්‍ය වූ කර්‍මජරූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන චිත්තජ උපාදාය ප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදාය බාහ්‍ය උපාදාය ආහාරජ උපාදාය සෘතුජ උපාදාය අසංඥසත්ත්‍වකර්‍මජ උපාදාය ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ය. යන මොවුහු ආරම්මණ අන්‍යෝන්‍ය දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. -පෙ- “න ආරම්මණ පච්චයා න අඤ්ඤමඤ්ඤෙ පඤ්ච” කුසලෙන අබ්‍යාකතය හා අකුසලෙන අබ්‍යාකතය හේතුප්‍රත්‍යය අනුව විස්තර කරනු.

අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්ච විඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත විපාකසිත් දෙවිස්ස ය, ක්‍රියා සිත් විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධිපසළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා හෘදයවස්තුවෙන් අන්‍ය වූ කෘතත්‍වාත්රූපයෝ ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස හා උපදනා කර්‍මජ මහාභූතයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා උපාදායරූපයෝ ලැබෙත්. විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- න ආරම්මණ පච්චයා න අඤ්ඤමඤ්ඤපච්චයා, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තාරූපං, මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං කටත්තාරූපං උපාදාය රූපං බාහිරෙ මහාභූතෙ පටිච්ච -පෙ- අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච කටත්තාරූපං උපාදායරූපං.” කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හා අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය හේතුප්‍රත්‍යය අනුව විස්තර කරනු.

සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. ආරම්මණ පච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි. ආරම්මණ සේ විස්තර කරනු.

(ආරම්මණ මූලක නිස්සය දුකය)

ආරම්මණ මූලක නිස්සය දුකය සහජාතදුකය මෙන් ද ආරම්මණ මූලක උපනිස්සය දුකය අනන්තර දුකය මෙන් ද විස්තර කරනු.

(ආරම්මණමූලක පුරේජාත දුකය)

ආරම්මණමූලක පුරේජාතදුකයෙහි පුරේජාතප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න වී ආරම්මණ ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයක් නැත්තේ ය. -පෙ- නො වදාළ සේක. අරූප විපාක සතර ය, අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනෝද්වාරාවර්ජන මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූප ක්‍රියාවෝ ය, උපරිමමාර්‍ග තුන ය. ඵලසතර ය, ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය යන මොහු ආරම්මණ ප්‍රත්‍යයෝත්පන්න වී පුරේජාතප්‍රත්‍යයෝත්පන්න නොවීමෙන් පුරේජාතප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝමපච්චනීයයෙහි “ආරම්මණපච්චයා න පුරෙජාතෙතීණි”

“කුසලො යන කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහාකුශල අට ය, අරූපකුශල සතර ය, උපරිම මාර්‍ග තුනය, චෛතසික සතිසය යන අවයව -පෙ- නාමස්කන්‍ධ ලැබෙත්. “කුසලං -පෙ- ආරම්මණ පච්චයා න පුරෙජාත පච්චයා, අරූපෙ කුසලං එකං ඛන්‍ධං පටිච්ච -පෙ- ද්වෙ ඛන්‍ධා”

“කුසලො” යන කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභ මූල සිත් අට ය, මෝහමූල ද්වය ය, චෛතසික තෙවිස්ස ය, -පෙ- ලැබෙත්. අරූපෙ අකුසලං එකං ඛන්‍ධං පටිච්ච -පෙ- ද්වෙ ඛන්‍ධා”

අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අරූප විපාක සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මහාක්‍රියා අට ය, අරූපක්‍රියා සතර ය, ඵල සිත් සතර ය, චෛතසික සතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාරයේ අභිධෙය ආරම්මණයෙහි මෙනි. විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං -පෙ- ද්වෙ ඛන්‍ධා, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා, වත්‍ථුං පටිච්ච ඛන්‍ධා”

චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ -පෙ- න ආරම්මණපච්චයා න පුරෙජාත පඤ්ච” අභිධෙය අවුලා විභඞ්ග උදුරනු.

අරූප විපාක වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ -පෙ- “ආරම්මණපච්චයා පුරෙජාතෙ තීණි” පුරේජාතයෙහි මෙන් විස්තර කරනු.

(ආරම්මණ මූලක ආසේවන දුකය)

ආරම්මණමූලක ආසේවන දුකයෙහි ආරම්මණප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ආවර්ජන ද්වය ය, විපාකසිත් සතිස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ -පෙ- අනුලෝමපච්චනීයයෙහි “ආරම්මණ පච්චයා න ආසෙවනෙ තීණි” කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් මහාකුශල ප්‍රථම ජවනය හා චෛතසික අටතිස ලැබේ. ආරම්මණය අනුව විභඞ්ගය උදුරනු. අකුසලෙන අකුසලයෙහි කර්‍තෘ වශයෙන් අකුසල ප්‍රථම ජවනයෙන් හා චෛතසික සත්විස්ස ලැබෙත්. විභඞ්ගය උදුරනු. අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, විපාකසිත් සතිස ය, චෛතසික අටතිස ය යන අවයව -පෙ- ලැබෙත්, ප්‍රතිසන්‍ධිකාලයේ ආරම්මණයෙහි මෙන් අභිධෙය ගෙන ආරම්මණය අනුව ම විභඞ්ගය උදුරනු.

චිත්තජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ -පෙ- නාරම්මණපච්චයා න ආසෙවනෙ පඤ්ච” විස්තර කරනු. ප්‍රථමජවන ඵලජවන වර්ජිත පශ්චිම පශ්චිම වූ ජවන එක්පනස ය, චෛතසික දෙපනස ය යන මොහු -පෙ- “ආරම්මණපච්චයා ආසෙවනෙ තීණි” ආසේවනය මෙන් විස්තර කරනු.

(ආරම්මණමූලක කම්ම දුකය)

ආරම්මණමූලක කම්මදුකයෙහි චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ -පෙ- “න ආරම්මණපච්චයා කම්මෙ පඤ්ච” කුසලෙන අබ්‍යාකතය අකුසලෙන අබ්‍යාකතය යන දෙවාරය හේතුව අනුව විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි දෙක්හි අභිධෙය වශයෙන් රූප ම ගත යුතු ය, රූපවාරයෙහි අභිධෙය ද කර්‍මප්‍රත්‍යයෙහි මෙන් ගන්නේ ය. අබ්‍යාකතං -පෙ- න ආරම්මණපච්චයා කම්මපච්චයා, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තා රූපං, ඛන්‍ධෙ වත්‍ථු, එකං මහාභූතං පටිච්ච -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං කටත්තා රූපං උපාදායරූපං, අසඤ්ඤසත්තානං එකං මහාභූතං පටිච්ච -පෙ- රූපං.”

කුශලාකුශලක්‍රියා චේතනාවන් කර්‍ම ප්‍රත්‍ය බැහැර කෙරෙති. “ආරම්මණ පච්චයා කම්මෙ තීණි” කුසලෙන කුසලය අකුසලෙන අකුසලය යන දෙවාරය හේතුව අනුව විස්තර කරනු. අබ්‍යාකතයෙහි ක්‍රියාසිත් විස්ස ය, චේතනා වර්ජිත චෛතසික සූතිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. “කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කිරියාබ්‍යාකතා චෙතනා”

බාහ්‍ය ආහාරං සෘතුජ රූපයෝ -පෙ- පච්චනීයයෙහි “න ආරම්මණ පච්චයා න කම්මෙ එකං” බාහ්‍ය ආහාරජ සෘතුජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත උපාදාය රූපයෝ -පෙ- “බාහිරං එකං මහාභූතං පටිච්ච -පෙ- ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං -පෙ- රූපං”.

කුශලාකුශල ක්‍රියා චේතනා වර්ජිත ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ -පෙ- අනුලෝමයෙහි “ආරම්මණ පච්චයා කම්මෙ තීණි” චේතනාව බැහැර කොට ආරම්මණය අනුව විස්තර කරනු.

(ආරම්මණ මූලක විපාක දුකය)

ආරම්මණ මූලක විපාක දුකයෙහි විපාක චිත්තජ රූපයෝ ය ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොව්හු ආරම්මණ ප්‍රත්‍යය බැහැර කෙරෙති. “න ආරම්මණ පච්චයා විපාකෙ එකං” ප්‍රවෘත්තිකාලයෙහි අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත විපාකසිත් දෙවිස්ස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධි කාලයෙහි පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා කෘතත්‍වාත්රූපයෝ ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත විපාක නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ මහාභූතරූපයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස -පෙ- කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ විපාක චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. “-පෙ- විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තාරූපං, ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං කටත්තාරූපං උපාදාය රූපං.”

කුශලාකුශල ක්‍රියා නාමස්කන්‍ධයෝ -පෙ- අනුලෝම පච්චනීයයෙහි “ආරම්මණපච්චයා න විපාකෙ තීණි” කුසලෙන කුසලය හා අකුසලෙන අකුසලය ආරම්මණ අනුව විස්තර කරනු. අබ්‍යාකත වාරය ක්‍රියා විස්ස ගෙන විස්තර කරනු.

කුසලාකුසල ක්‍රියා චිත්තජ රූපයෝ ය. බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොව්හු පච්චනීයයෙහි “න ආරම්මණ පච්චයා න විපාකෙ පඤ්ච” අබ්‍යාකතවාරයෙහි ප්‍රවෘත්තිකාලයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ක්‍රියාසිත් විස්ස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලා කුශල ක්‍රියා චිත්තයන් විසින් උපදවන චිත්තජ මහාභූතයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත උපාදාය රූපයෝ ලැබෙත්. “කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං -පෙ- එකං මහාභූතං පටිච්ච -පෙ- චිත්තසමුට්ඨානං රූපං උපාදාය රූපං”

සතිස් විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ -පෙ- අනුලෝමයෙහි ආරම්මණ පච්චයා විපාකෙ තීණි. විපාක ප්‍රත්‍යය අනු ව විස්තර කරනු.

(ආරම්මණ මූලක ආහාර දුකය)

ආරම්මණ මූලක ආහාර දුකයෙහි චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ ආහාරජ රූපයෝ -පෙ- ආරම්මණ ප්‍රත්‍යය බැහැර කරති. “ආරම්මණ පච්චයා ආහාරෙ පඤ්ච” එහි අබ්‍යාකතවාරයෙහි “ආහාරසමුට්ඨානං” යි යෙදීම පමණක් වෙනස ය. අනුලෝම පච්චනීයයෙහි ආහාර ප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ “න ආරම්මණ පච්චයා න ආහාරෙ එකං” සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ - අනුලෝමයෙහි “ආරම්මණ පච්චයා ආහාරෙ තීණි”

---

ආරම්මණ මූලක ඉන්‍ද්‍රිය දුකයෙහි චිත්තජ රූපයෝ ය, ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, රූපජීවිතේන්‍ද්‍රිය වර්ජිත අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොහු -පෙ- ආරම්මණය බැහැර කෙරෙති. “පඤ්ච” අබ්‍යාකතයෙහි රූපවාරය පමණක් වෙනස් ය. කර්‍තෘ පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ -පෙ- කුශලාකුශල විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජ මහාභූතයෝ ය, පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි -පෙ- කර්‍මජ මහාභූතයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ මහාභූතයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපජීවිතේන්‍ද්‍රිය වර්ජිත අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. අසඤ්ඤසත්තානං යනාදිය යොදා විභඞ්ගය උදුරනු. ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය බැහැර කිරීමක් නැත.

බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව රූපජීවිතේන්‍ද්‍රිය ය‍, ප්‍රවෘත්ති රූපජීවිතේන්‍ද්‍රියය, පච්චනීයයෙහි “න ආරම්මණ පච්චයා න ඉන්‍ද්‍රියෙ එකං” කර්‍තෘපාඨයෙන් බාහ්‍ය ආහාරජ සෘතුජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත වූ ඒ ඒ උපාදාය රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ මහාභූතයන් හා ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයන් නිසා උපදනා වූ අසංඥසත්ත්‍ව රූපජීවිතේන්‍ද්‍රිය හා ප්‍රවෘත්ති කර්‍මජ රූපජීවිතේන්‍ද්‍රිය ය යන මොවුහු ලැබෙත්. “බාහිරං එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච උපාදාය රූපං, අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච රූපජීවිතේන්‍ද්‍රියං” සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ -පෙ- අනුලෝමයෙහි “තීණි” අභිධෙය අවුලා විභඞ්ගය උදුරනු.

ආරම්මණමූලක ඣානදුකයෙහි චිත්තජරූප ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ, පච්චනීයානුලෝමයෙහි “න ආරම්මණ පච්චයා ඣානෙ පඤ්ච” විස්තර කරනු. ද්විපඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ධ්‍යාන ප්‍රත්‍යය බැහැර කෙරෙති. අනුලෝමපච්චනීයයෙහි ආරම්මණ පච්චයා න ඣානෙ එකං කර්‍තෘපාඨයෙන් පඤ්චවිඥාන නාමස්කන්‍ධයෝ ලැබෙත්. “පඤ්චවිඤ්ඤාණ සහගතං එකං ඛන්‍ධං පටිච්ච -පෙ- ද්වෙ ඛන්‍ධා.”

බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ, පච්චනීයයෙහි ‘එකං’ අභිධෙය අවුලනු. විභඞ්ගය උදුරනු. ද්විපඤ්චවිඥාන වර්ජිත සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “ආරම්මණපච්චයා ඣානෙ තීණි” ආරම්මණයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ග උදුරනු.

ආරම්මණමූලක මග්ගදුකයෙහි සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ආරම්මණ ප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘පඤ්ච’ හේතු දුකය අනුව විස්තර කරනු. අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ මාර්‍ගප්‍රත්‍යය බැහැර කෙරෙති. “ආරම්මණ පච්චයා න මග්ගෙ එකං” අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු. බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ, පච්චනීයයෙහි ‘එකං’ හේතුදුකයෙහි මෙන් විස්තර කරනු. සහේතුක සිත් එක්සැත්තෑව ය -පෙ- ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණී” අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි සහේතුක විපාක ක්‍රියා නාමස්කන්‍ධයෝ අභිධෙයයෝ ය. ආරම්මණය අනුව විභඞ්ගය උදුරනු.

ආරම්මණමූලක සම්පයුත්ත දුකය අනන්තරදුකය සේ විස්තර කරනු. ආරම්මණමූලක විප්පයුත්ත දුකයෙහි චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ආරම්මණප්‍රත්‍යය බැහැර කෙරෙති. “පඤ්ච” විස්තර කරනු. අරූප විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය. අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මනොද්වාරාවර්ජන මහාකුශල මහා ක්‍රියා අරූපකුශල අරූප ක්‍රියා උපරිම මාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ විප්‍රයුක්තප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘ පාඨයෙන් අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝය, අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මනෝද්වාරාවර්ජන මහාක්‍රියා අරූපක්‍රියා ලෝකෝත්තරඵල අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. අරූපෙවිපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ඛන්‍ධා.

බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ පච්චනීයයෙහි “එකං” විස්තර කරනු. අරූපවිපාක වර්ජිත පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” කුසලෙන කුසලයෙහි හා අකුසලෙන අකුසලයෙහි පුරේජාත දුකයෙහි මෙන් අභිධෙය ගන්නේ ය. විභඞ්ගයා ගේ අවසානයට “වත්‍ථුං විප්පයුත්තපච්චයා” යි යොදනු.

අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයේ අභිධෙය පුරේජාතයෙහි මෙන් ගන්නේ ය. ප්‍රතිසන්‍ධි කාලයේ කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොස ය -පෙ- යන අවයව නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව නිසා උපදනා පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි පසළොසය චෛතසික පන්තිස ය යන අවයව වූද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්. අබ්‍යාකතං -පෙ- විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං -පෙ- ද්වෙ ඛන්‍ධා, වත්‍ථුං විප්පයුත්ත පච්චයා, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං -පෙ- ද්වෙ ඛන්‍ධා, වත්‍ථුං විප්පයුත්ත පච්චයා, වත්‍ථුං පටිච්ච ඛන්‍ධා විප්පයුත්ත පච්චයා” අත්‍ථිදුකය සහජාතදුකය මෙනි. නත්‍ථිදුකය අනන්තර දුකය මෙනි. අවිගතදුකය සහජාතදුකය මෙනි.