ආසේවනමූලක හේතුදුකාදිය ඉහත කී නයයන් අනුව විස්තර කරනු. ආසේවන මූලක කම්මදුකයෙහි කුශලාකුශලක්‍රියා චේතනා වර්ජිත අකුශල හිසතෝත්පාද මහා කුශල මහා ක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවර්ජනද්වයය, විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොහු ආසේවනය බැහැර කෙරෙති. “නව” කුසලො යන කර්‍තෘපාඨයෙන් මහාකුශලප්‍රථමජවනයෝ ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය උදුරනු. කුසලෙන අබ්‍යාකතය කර්‍මප්‍රත්‍යයෙහි මෙන් විස්තර කරනු. කුසලෙන කුසලාබ්‍යාකතයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහාකුශල ප්‍රථමද්වය ය, චේතනා වර්ජිත චෛතසික සත්තිස ය, චිත්තජරූපයෝ ය යන මොවුහු ලැබෙත්. අකුසලපදයේ වාරතුන කියන ලද නයින් විස්තර කරනු.
අබ්‍යාකතයෙහි හසිතෝත්පාද මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවර්ජනද්වය ය, විපාක සිත් සතිස ය, චෛතසික අටතිසය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- ක්‍රියාචේතනා වර්ජිත චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, චිත්තජ රූපයෝ ය, පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ හසිතෝත්පාද මහාක්‍රියාවෝය, මහද්ගත ක්‍රියා නවය ය චෛතසික පන්තිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාරයෙහි හා රූපවාරයෙහි කර්‍මප්‍රත්‍යයෙහි මෙන් අභිධෙය ගන්නේ ය. විභඞ්ගයන් ද කර්‍මවිභඞ්‍ගය මෙන් උදුරනු.
අකුසල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල මහද්ගත ක්‍රියා ය, මාර්‍ග සිත් සතර ය යන මේ සිත්වල චේතනාව කර්‍මප්‍රත්‍යය බැහැර කෙරෙති. “තීණි” කුසලෙන කුසලයෙහි මහාකුශල ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගත කුසල නවය ය, මාර්‍ගසිත් සතර ය, චේතනා වර්ජිත චෛතසික සත්තිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. “කුසලෙ ඛන්‍ධෙ පටිච්ච කුසලා චෙතනා” අකුසලපදයෙහි ද්විතීයාදි අකුසල ජවනයන්හි චේතනාව ලැබේ. විභඞ්ගය උදුරනු. අබ්‍යාකතපදයෙන් හසිතෝත්පාද මහාක්‍රියා ද්විතීයාදි ජවනයන් ගේ හා මහද්ගත ක්‍රියාවන් ගේ චේතනාව ලැබේ. විභඞ්ගය උදුරනු.
අකුශල හසිතෝත්පාද මහාකුශල මහාක්‍රියා ප්‍රථමජවනයන්ගේ ද ආවර්ජනද්වයයා ගේ ද චේතනාව ය. බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි ‘තීණි’ වුක්තානුසාරයෙන් විස්තර කරනු.
අකුසල්සිත් දොළොස ය, හසිතෝත්පාදය ය, මහාකුශල මහා ක්‍රියා ය යන මොවුන් ගේ ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල ක්‍රියාවෝ ය, මාර්‍ගසිත් සතර ය යන චේතනා වර්ජිත නාමස්කන්‍ධයෝ, අනුලෝමයෙහි “තීණි” ආසේවනය අනුව චේතනාව හැර අභිධෙය ගෙන ආසේවනය අනුව ම විභඞ්ගය ද උදුරනු. විපාකදුකය නො ලැබේ.
ආසේවනමූලක ආහාර දුකයෙහි අකුශල හසිතෝත්පාද මහා කුශල මහා ක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවර්ජනද්වය ය, විපාක සිත් සතිස ය යන ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ ආහාරජ රූපයෝ ය යන මොවුහු ආසේවනය බැහැර කෙරෙති. ‘නව’ යට කී නය අනුව අභිධෙය ගෙන ආහාර විභඞ්ගය අනුව විභඞ්ගය උදුරනු. ආහාරප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ පච්චනීයයෙහි “එකං” විභඞ්ගය උදුරනු. අනුලෝමය ආසේවනය අනුව විස්තර කරනු.
ආසේවනමූලක ඉන්‍ද්‍රිය දුකයෙහි අකුශල හසිතෝත්පාද මහා කුශල මහා ක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ආවර්ජනද්වයය විපාකසිත් සතිසය යන නාමස්කන්‍ධයෝ ය, චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය වර්ජිත අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු ආසේවනය බැහැර කෙරෙති. නව, අභිධෙය අවුලා ඉන්‍ද්‍රිය විභඞ්ගය අනුව විභඞ්ගය උදුරනු. ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. බාහ්‍ය ආහාරජසෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ රූපජීවිතේන්‍ද්‍රිය ය යන මොවුහු පච්චනීයයෙහි “එකං” විස්තර කරනු. අනුලෝමය ශුද්ධ ආසේවනය අනුව විස්තර කරනු.
ආසේවනමූලක ඣාන දුකයෙහි අකුශල හසිතෝත්පාද මහා කුශල මහා ක්‍රියා ප්‍රථම ජවනයෝ ය, ආවර්ජන දෙක ය, ද්විපඤ්චවිඥාන වර්ජිත විපාක සිත් සූවිස්ස ය යන ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය යන මොවුහු ආසේවනය බැහැර කෙරෙති. ‘නව’ ඣාන විභඞ්ගය අනුව විභඞ්ගය උදුරනු. ද්විපඤ්චවිඥානනාමස්කන්‍ධයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ ය යන මොහු, පච්චනීයයෙහි ‘එකං’ විස්තර කරනු. අනුලෝමය ආසේවනය අනුව විස්තර කරනු.
ආසේවනමූලක මග්ග දුකයෙහි අකුශල මහාකුශල මහා ක්‍රියා ප්‍රථම ජවනයෝ ය, සහේතුකවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුකචිත්තජ සහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු ආසේවනය බැහැර කෙරෙති. “නව” මෝහමූලයෙහි මෝහය හැර හේතුමූලක ආසේවනය දුකය අනුව විස්තර කරනු. හසිතෝත්පාද ද්විතීයාදි ජවනයෝ මාර්‍ගප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” හසිතෝත්පාද ප්‍රථමජවනය ය, හසිතෝත්පාද වර්ජිත අහේතුකප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුකචිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ -පෙ- ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොහු, පච්චනීයයෙහි “එකං” හේතුමූලක පච්චනීය ය අනුව විස්තර කරනු. අකුශල මහාකුශල මහා ක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය මහද්ගත කුශලක්‍රියාවෝ ය, මාර්‍ගසිත් සතර ය, යන මොහු අනුලෝමයෙහි “තීණි” හසිතෝත්පාදය හැර ආසේවනය අනුව විස්තර කරනු.
ආසේවනමූලක විප්පයුත්ත දුකයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුශල හසිතෝත්පාද මහාකුශල මහා ක්‍රියා ප්‍රථමජවනයෝ ය, ආවර්ජනද්වය ය, අරූපවිපාකවර්ජිත විපාකසිත් දෙවිස්ස ය යන නාමස්කන්‍ධයෝ ය, චිත්තජ ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු ආසේවනය බැහැර කෙරෙති. “නව” වුක්තානුසාරයෙන් විස්තර කරනු.
අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මහාකුශල මහා ක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, අරූපකුශල අරූප ක්‍රියාවෝ ය, උපරිම මාර්‍ගතුන ය යන නාමස්කන්‍ධයෝ විප්පයුත්තය බැහැර කෙරෙති. “තීණි” පුරේජාත දුකය අනුව විස්තර කරනු.
අරූපවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මහාකුශල මහා ක්‍රියා ප්‍රථමජවනයෝ ය, මනෝද්වාරාවර්ජනය ය, ඵල සතර ය යන නාමස්කන්‍ධයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු, පච්චනීයයෙහි “තීණි” වුක්ත නය අනුව විස්තර කරනු.
පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුශල හසිතෝත්පාද මහාකුශල මහා ක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය, මහද්ගතකුශල ක්‍රියා ය, මාර්‍ග සතර ය යන නාමස්කන්‍ධයෝ ය යන මොවුහු අනුලෝමයෙහි “තීණි” පුරේජාත දුකය අනු ව විස්තර කරනු. “වත්‍ථුං විප්පයුත්ත පච්චයා” යි අගය යොදනු. අත්‍ථි අවිගත දුක දෙක සහජාත දුකය මෙනි. නත්‍ථි විගත දෙක අනන්තර දුකය මෙනි.