(හේතුමූලක ආරම්මණ දුකය)
ඒ හේතුමූලක ආරම්මණදුක සඞ්ඛ්‍යාවාරයෙහි මෝහමූලද්වය යෙහි මෝහය ය අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මොහු ආරම්මණ ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයන් ම වී හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයන් නො වන බැවින් හේතු ප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් ඒ ධර්‍මයෝ පච්චනීයානුලෝමයෙහි “න හෙතු පච්චයා ආරම්මණෙ ද්වෙ” යි වදාරන ලදහ. එහි ද්වෙ යනු අකුසලෙන අකුසලය අබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙවාරය ය.
අකුසලෙන අකුසලයෙහි “අකුසලො ධම්මො” යන කර්‍තෘ පාඨයෙන් අවයව වූ ද සමූහ වූ ද විචිකිත්සා සහගත ඖද්ධත්‍ය සහගත නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ විචිකිත්සා සහගත ඖද්ධත්‍ය සහගත දෙසිතෙහි මෝහය ලැබේ. එබැවින් ඒ ධර්‍මයන් ගේ වීථිවිභඞ්ගය “අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති නහෙතු පච්චයා, ආරම්මණ පච්චයා, විචිකිච්ඡා සහගතෙ උද්ධච්ච සහගතෙ ඛන්‍ධෙ පටිච්ච විචිකිච්ඡා සහගතො උද්ධච්ච සහගතො මොහො” යි ඉදිරිය යුතු ය.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති කාලයෙහි අබ්‍යාකතො ධම්මො යන කර්‍තෘපාඨයෙන් අහේතුක සිත් අටොළොස ය, ඡන්‍දවර්ජිත අන්‍ය සමාන චෛතසික දොළොස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අහේතුක සිත් අටොළොස ය, ඡන්‍ද වර්ජිත අන්‍ය සමාන චෛතසික දොළොස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධි කාලයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘ පාඨයෙන් අහේතුක ප්‍රතිසන්‍ධි දෙක ය, ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය-වර්ජිත අන්‍ය සමාන චෛතසික දසය ය යන අවයව නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ද නිසා උපදනා වූ අහේතුක ප්‍රතිසන්‍ධි දෙක ය, චෛතසික දසය ය යන අවයව වූ ද සමූහවූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්. එ බැවින් ඒ ධර්‍මයන්ගේ වීථිවිභඞ්ගය “අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති නහෙතු පච්චයා ආරම්මණ පච්චයා, අහෙතුකං විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා, තයො ඛන්‍ධෙ පටිච්ච එකො ඛන්‍ධො, ද්වෙ ඛන්‍ධො පටිච්ච ද්වෙ ඛන්‍ධා, අහෙතුක පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා. තයො ඛන්‍ධෙ පටිච්ච එකො ඛන්‍ධො, ද්වෙ ඛන්‍ධෙ පටිච්ච ද්වෙ ඛන්‍ධා. වත්‍ථුං පටිච්ච ඛන්‍ධා” යි ඉදිරිය යුතු ය.
සහේතුක චිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොහු හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයන් ම වී ආරම්මණ ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්නයන් නො වන බැවින් ආරම්මණ ප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් ඒ ධර්‍මයෝ අනුලෝම පච්චනීයයෙහි “හෙතුපච්චයා න ආරම්මණෙ පඤ්ච” යි වදාරන ලදහ. එහි පඤ්ච යනු කුසලෙන අබ්‍යාකතය ය, අකුසලෙන අබ්‍යාකතය ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය ය, කුසලාබ්‍යාකතෙන අබ්‍යාකත ය ය, අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකත ය යන මොහුය.
කුසලෙන අබ්‍යාකතයෙහි අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක් විස්ස ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ චිත්තජරූපයෝ ලැබෙත්. එබැවින් ඒ ධර්‍මයන් ගේ වීථිවිභඞ්ගය “කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා න ආරම්මණ පච්චයා, කුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” යි ඉදිරිය යුතු ය.
අකුසලෙන අබ්‍යාකතයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය. චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධ නිසා උපදනා වූ චිත්තජ රූපයෝ ලැබෙත්. එ බැවින් ඒ ධර්‍මයන් ගේ වීථිවිභඞ්ගය “අකුසලං ධම්මං -පෙ- අකුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං” යි ඉදිරිය යුතු ය.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක අර්‍හන්තච්‍යුති වර්ජිත සහේතුක විපාක සතොළොස ය, සහේතුක ක්‍රියා සතොළොස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ සහේතුක චිත්තජරූපයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘ පාඨයෙන් සහේතුක පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි තෙළෙස ය, චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. ශුද්ධ රූපචාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලා කුශල සහේතුක විපාක සහේතුක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන සහේතුක චිත්තජමහාභූතයෝ ය සහේතුක පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි තෙළෙස හා උපදනා කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ භූතරූප සහිත වූ සහේතුක චිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. එ බැවින් ඒ ධර්‍මයන් ගේ වීථි විභඞ්ගය “අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා න ආරම්මණපච්චයා, විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තා රූපං ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, එකං මහාභූතං පටිච්ච -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, කටත්තාරූපං, උපාදාය රූපං” යි ඉදිරිය යුතු ය.
කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන දෙක හේතුවිභඞ්ගවාරය අනුව විස්තර කරනු.
අහේතුක චිත්තජරූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය, බාහිරරූපයෝ ය, ආහාරජරූපයෝ ය, සෘතුජරූපයෝ ය, අසංඥසත්‍වකර්‍මජරූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජරූපයෝ ය යන ධර්‍මයෝ හේතු ආරම්මණ ප්‍රත්‍යය දෙදෙනා ගේ ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වන්නාහ. එ බැවින් ඒ ධර්‍මයෝ පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ආරම්මණෙ එකං” යි වදාරන ලදහ. එහි එකං යනු අබ්‍යාකතෙන අබ්‍යාකතය ය, එහි අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විපඤ්චවිඥාන වර්ජිත අහේතුක විපාක ක්‍රියාචිත්තයෝ ය ඡන්‍ද වර්ජිත අන්‍යසමාන චෛතසික දොළොස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් අහේතුකප්‍රතිසන්‍ධි දෙක ය ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන චෛතසික දසය ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. ශුද්ධරූපවාරයෙහි කර්‍තෘ පාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විපඤ්චවිඥානවර්ජිත අහේතුක විපාක අහේතුකක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන චිත්තජමහාභූතයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි දෙක හා උපදනා කර්‍මජ මහාභූතයෝ ය, බාහිර මහාභූතයෝ ය, ආහාරජ මහාභූතයෝ ය, සෘතුජ මහාභූතයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ මහාභූතයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ භූතරූපසහිත වූ චිත්තජ උපාදාය අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ලැබෙත්. එබැවින් ඒ ධර්‍මයන් ගේ වීථිවිභඞ්ගය “අබ්‍යාකතං ධම්මං පටිච්ච -පෙ- අහෙතුකවිපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, අහෙතුක පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තාරූපං ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා -පෙ- මහා භූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, කටත්තා රූපං. උපාදාය රූපං - බාහිරං එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච උපාදායරූපං, ආහාර සමුට්ඨානං -පෙ- උතුසමුට්ඨානං -පෙ- අසඤ්ඤසත්තානං එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච කටත්තාරූපං උපාදාය රූපං” යි ඉදිරිය යුතු ය.
සහේතුක සිත් එක්සැත්තෑව ය මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත චෛතසික දෙපනස ය යන සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ හේතු ආරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි නයයට අනුව ද; වාරයට අනුව ද, ත්‍රිකපදාභිධෙයයට අනුව ද කර්‍ම කර්‍තෘ දෙකට අනුව ද “හෙතු පච්චයා ආරම්මණෙ තීණි” යි වදාරන ලදහ. “තීණි” යනු කුසලෙන කුසලය ය, අකුසලෙන අකුසලය ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන මොහු ය.
කුසලෙන කුසලය ය අකුසලෙන අකුසලය ය යන වාර දෙක හේතුප්‍රත්‍යය අනුව අභිධෙය අවුලා විභඞ්ග උදුරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි “අබ්‍යාකතො ධම්මො” යන කර්‍තෘපාඨයෙන් සහේතුකවිපාක එක්විස්ස ය, සහේතුක ක්‍රියා සතළොස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ සහේතුකවිපාක එක්විස්ස ය, සහේතුක ක්‍රියා සතළොස ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් සහේතුකප්‍රතිසන්‍ධි සතොළොස ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ද නිසා උපදනා වූ සහේතුකප්‍රතිසන්‍ධි සතොළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්. එබැවින් ඒ ධර්‍මයන්ගේ වීථිවිභඞ්ගය “අබ්‍යාකතං ධම්මං පටිච්ච -පෙ- විපාකාබ්‍යාකතං -පෙ- වත්‍ථුං පටිච්ච ඛන්‍ධා” යි ඉදිරිය යුතු ය. (ආරම්මණවිභඞ්ගය අනුව පාලිය යොදනු.)
(හේතුමූලක අධිපති දුකය)
හේතුමූල අධිපතිදුකයෙහි අධිපතිප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතුප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයක් නැත්තේ ය. එ බැවින් පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා අධිපතියා” යනාදීන් වාරයක් නො වදාළ සේක.
ඒ ඒ අවස්ථාවට අධිපති වන ධර්‍මය හා මෝහමූලද්වයයෙහි මෝහය හැර අකුසල් සිත් දොළොස ය, මහා කුශල මහා ක්‍රියාය, සහේතුක ලෞකික විපාකයෝ ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, නිරාධිපති චිත්තජරූපයෝ ය සහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොව්හු හේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී අධිපති ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන බැවින් අධිපති ප්‍රත්‍යය බැහැර කෙරෙත්, එබැවින් ඒ ධර්‍මයෝ අනුලෝමපච්චනීය යෙහි “හෙතුපච්චයා න අධිපතියා නව” යි වදාරන ලදහ. එහි ‘නව’ යනු කුසලෙන කුසලය ය, -පෙ- කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන මොහුය.
කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන අවස්ථාවෙහි මහාකුසල් සිත් අට ය, නියමයෙන් අධිපති ප්‍රත්‍යය ලැබෙන මහද්ගත කුශල නවය ය, මාර්‍ගසිත් සතර ය, චෛතසික අට තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අධිපති ධර්‍මයෝ ය, අධිපතිප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ මහා කුසල්සිත් අට ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ මහාකුසල් අට ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. (විභඞ්ගය හේතුවෙහි මෙන් උදුරනු.)
කුසලෙන අබ්‍යාකතයෙහි අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ මහාකුසල් සිත් අට ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා නිරාධිපතිචිත්තජරූපයෝ ලැබෙත්. (හේතුවිභඞ්ගය සේ විස්තර කරනු.)
කුසලෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ මහාකුසල් සිත් අට ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා මහාකුසල් සිත් අට ය, චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය. ඒ නාමස්කන්‍ධයන් විසින් උපදවන නිරාධිපති චිත්තජරූපයෝ ය යන මොව්හු ලැබෙත්. (විභඞ්ගය හේතුව අනුව උදුරනු.)
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් අධිපතිප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අට ය, ද්වේෂමූලසිත් දෙක ය, විචිකිත්සා වර්ජිත චෛතසික සවිස්ස ය යන මොවුන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති ප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය, මෝහමූල ද්වයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය උදුරනු.
අකුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි අකුසල්සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා නිරාධිපති චිත්තජරූපයෝ ලැබෙත්. විභඞ්ගය හේතු ප්‍රත්‍යය අනුව උදුරනු.
අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය, චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අකුසල් සිත් දොළොස ය, මෝහමූලයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්සය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් විසින් උපදවන නිරාධිපති චිත්තජරූපයෝ ය යන මොව්හු ලැබෙත්, විභඞ්ගය හේතුවිභඞ්ගය අනුව විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් අධිපති ප්‍රත්‍යය ලබන අවස්ථාවෙහි වූ මහා ක්‍රියා සිත් අට ය, අධිපති ප්‍රත්‍යය නියමයෙන් ලබන මහද්ගත ක්‍රියා නවය ය ඵලසිත් සතර ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අධිපති ධර්‍මයෝ ය, අධිපති ප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ මහාක්‍රියා සිත් අට ය, සහේතුක ලෞකික විපාක සිත් සතොළොස ය, චෛතසික පන්තිස ය, යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා මහා ක්‍රියා සිත් අට ය, සහේතුක ලෞකික විපාක සතොළොස ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනා නිරාධිපති චිත්තජරූපයෝ ය යන මොව්හු ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි අභිධෙය හේතුප්‍රත්‍යයෙහි මෙන් ගන්නේ ය. ශුද්ධරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක අර්‍හන්තච්‍යුති වර්ජිත නිරාධිපති කුශලාකුශල සහේතුක විපාක සහේතුකක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන නිරාධිපති චිත්තජමහාභූතයෝ ය. සහේතුක පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි තෙළෙස හා සුදුසු පරිදි උපදනා සහේතුක කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ නිරාධිපති සහේතුක චිත්තජ උපාදාය රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදාය රූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ ලැබෙත්. වීථිවිභඞ්ගය හේතුප්‍රත්‍යය අනුව උදුරනු.
කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි අධිපතිප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ මහාකුසල් සිත් අට ය, චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා මහාභූතයන් නිසා උපදනා වූ නිරාධිපති චිත්තජ රූපයෝ ලැබෙත්. විභඞ්ගය හේතුව අනුව උදුරනු.
අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි අධිපතිප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොසය, චෛතසික සත් විස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා මහාභූතයන් නිසා උපදනා නිරාධිපති චිත්තජරූපයෝ ලැබෙත්. විභඞ්ගය හේතු විභඞ්ගය අනුව උදුරනු.
මෝහමූලද්වයයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තජරූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය, බාහිරරූපයෝ ය, ආහාරජරූපයෝ ය, සෘතුජරූපයෝ ය අසංඥසත්ත්‍ව කර්‍මජරූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොව්හු හේතු ආරම්මණ ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ පච්චනීයයෙහි “න හෙතුපච්චයා නාධිපතියා ද්වෙ” යි වදාරන ලදහ. ද්වෙ යනු අකුසලෙන අකුසලය ය අබ්‍යාකතෙන අබ්‍යාකත ය යන මොහු ය. අකුසලෙන අකුසලයෙහි අභිධෙය අවුලා විභඞ්ගය උදුරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි අබ්‍යාකතො යන කර්‍තෘපාඨයෙන් අහේතුක සිත් අටොලොස ය, ඡන්‍දවර්ජිත අන්‍යසමාන චෛතසික දොළොස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අහේතුක සිත් අටළොස ය, ඡන්‍දවර්ජිත අන්‍යසමාන දොළොස ය යන අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ද ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘ පාඨයෙන් අහේතුක ප්‍රතිසන්‍ධි දෙක ය; ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන චෛතසික දශය ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව නිසා උපදනා අහේතුක ප්‍රතිසන්‍ධි දෙක ය, චෛතසික දශය ය යන අවයව වූ ද, අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. ශුද්ධරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විපඤ්චවිඥාන වර්ජිත අහේතුක විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන අහේතුක චිත්තජමහාභූතයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා සුදුසු පරිදි උපදනා අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ මහාභූතයෝ ය. බාහ්‍ය, ආහාරජ, සෘතුජ, අසංඥසත්ත්‍ව කර්‍මජ, ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ උපාදාය රූපයෝ ලැබෙත්. එබැවින් ඒ ධර්‍මයන්ගේ වීථිවිභඞ්ගය “අබ්‍යාකතං -පෙ- නාධිපති පච්චයා, අහේතුකංවිපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා චිත්ත සමුට්ඨානඤ්ච රූපං -පෙ- අහෙතුක පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා කටත්තා ච රූපං -පෙ- ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, වත්‍ථුං පටිච්ච ඛන්‍ධා, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං කටත්තා රූපං උපාදාය රූපං, බාහිරං, -පෙ- ආහාර සමුට්ඨානං -පෙ- උතුසමුට්ඨානං -පෙ- අසඤ්ඤසත්තානං -පෙ- රූපං” යි ඉදිරිය යුතු ය.
අධිපති වන ධර්‍මයන්ගෙන් අන්‍ය වූ දෙපනස් සාධිපති ජවන නාමස්කන්‍ධයෝ ය, සාධිපති චිත්තජරූපයෝ ය යන මොහු හේතු අධිපති ප්‍රත්‍යය දෙක්හි ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි -පෙ- “හේතුපච්චයා අධිපතියා නව” යි වදාරන ලදහ. ‘නව’ යනු කුසලෙන කුසලය ය, -පෙ- අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන මොහු ය. අධිපති ප්‍රත්‍යයෙහි මෙන් අභිධෙය අවුලමින් විභඞ්ග උදුරනු.
හෙතු මූලක අනන්තර සමනන්තර දුක දෙක ආරම්මණ දුකය අනුව විස්තර කරනු.
(හෙතුමූලක සහජාත දුකය)
හේතුමූලක සහජාත දුකයෙහි මෝහමූලද්වයෙහි මෝහය අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුකචිත්තජරූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය, බාහිර රූපයෝ ය. ආහාරජ රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොහු සහජාත ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතුප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න නො වන බැවින් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් ඒ ධර්‍මයෝ පච්චනීයානුලෝමයෙහි “න හෙතුපච්චයා සහජාතෙ ද්වෙ” යි වදාරන ලදහ. ද්වේ යන අකුසලෙන අබ්‍යාකතය හා අබ්‍යාකතෙන අබ්‍යාකතය ය. අකුසලෙන අකුසලයෙහි අභිධෙය අවුලා විභඞ්ග උදුරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අහේතුක සිත් අටළොස ය, ඡන්‍ද වර්ජිත අන්‍යසමාන චෛතසික දොළොසය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අහේතුක සිත් අටොළොස ය ඡන්‍ද වර්ජිත අන්‍ය සමාන චෛතසික දොළොසය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඒ නාමස්කන්‍ධයන් විසින් උපදවන චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අහේතුක ප්‍රතිසන්‍ධි දෙක ය, ඡන්‍ද, ප්‍රීති, වීර්‍ය්‍ය, වර්ජිත අන්‍යසමාන චෛතසික දශ ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. ශුද්ධරූපයේ අභිධෙය ආරම්මණ දුකයෙහි පච්චනීයයෙහි මෙන් ගන්නේ ය. ඒ ධර්‍මයන් ගේ වීථි විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- න හෙතු පච්චයා සහජාතපච්චයා අහෙතුක විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා චිත්ත සමුට්ඨානඤ්ච රූපං -පෙ- අහෙතුක පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා කටත්තා ච රූපං -පෙ- ද්වෙ ඛන්‍ධා -පෙ- බාහිරං -පෙ- ආහාරසමුට්ඨානං -පෙ- උතුසමුට්ඨානං -පෙ- අසඤ්ඤසත්තානං -පෙ- රූපං” යි උදුළ යුතුය.
හේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී සහජාතප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයක් නැත්තේ ය. එබැවින් අනුලෝම පච්චනීයෙහි “හෙතුපච්චයාන සහජාතෙ” යනාදිය නො වදාළ සේක.
හේතු සහජාත දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයක් ද නැත්තේ ය. එබැවින් පච්චනීයෙහි “න හෙතුපච්චයා න සහජාතෙ” යනාදිය නො වදාළ සේක.
සහේතුකසිත් එක්සැත්තෑව ය, මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත චෛතසික දෙපනස ය, යන සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. සහේතුක චිත්තජරූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය, යන මොව්හු හේතු සහජාත දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ මේ අනුලෝමයෙහි -පෙ- “හේතුපච්චයා සහජාතෙ නව” යි වදාරන ලදහ. හේතුප්‍රත්‍යයෙහි මෙන් විස්තර කරනු.
(හේතුමූලක අඤ්ඤමඤ්ඤ දුකය)
හේතුමූලක අඤ්ඤමඤ්ඤ දුකයෙහි මෝහමූලද්වයයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය, ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොව්හු අන්‍යෝන්‍ය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතු ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වීමෙන් හේතු ප්‍රත්‍යය බැහැර කරති. එ බැවින් ඒ ධර්‍මයෝ පච්චනීයානුලෝමයෙහි “න හෙතු පච්චයා අඤ්ඤමඤ්ඤෙ ද්වෙ” යි වදාරන ලදහ. “ද්වේ” යනු අකුසලෙන අකුසලය අබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙවාරය ය. අකුසලෙන අකුසලය ආරම්මණයෙහි මෙන් විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලවාරය ආරම්මණ දුකය අනුව විස්තර කරනු. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අහේතුක ප්‍රතිසන්‍ධි දෙක ය, ඡන්‍ද ප්‍රීති වීර්ය වර්ජිත අන්‍යසමාන චෛතසික දශය ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධ හෘදය වස්තූන් නිසා උපදනා වූ අහේතුකප්‍රතිසන්‍ධි දෙක ය ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍යර් වර්ජිත අන්‍යසමාන චෛතසික දශය ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව ද වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ශුද්ධරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විපඤ්ච විඤ්ඤාණ වර්ජිත අහේතුක විපාකක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන අහේතුක චිත්තජ මහාභූතයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා උපදනා අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය, බාහ්‍යමහාභූතයෝ ය, ආහාරජ මහාභූතයෝ ය, සෘතුජමහා භූතයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ මහාභූතයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා මහාභූත වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. එබැවින් ඒ ධර්‍මයන්ගේ වීථි විභඞ්ගය “අබ්‍යාකතං ධම්මං පටිච්ච -පෙ- පච්චයා. අහෙතුක විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා. අහෙතුක පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයෝ ඛන්‍ධා වත්‍ථු ච, ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, වත්‍ථුං පටිච්ච ඛන්‍ධා, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා -පෙ- මහාභූතා, බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං එකං මහාභූතං පටිච්ච -පෙ- ද්වෙ මහාභූතා” යි ඉදිරිය යුතුය.
නාමස්කන්‍ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුක චිත්තජ රූපයෝ ය හෘදයවස්තුවෙන් අන්‍ය වූ සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය මහා භූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුක චිත්තජ උපාදාය රූපයෝ ය සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදායරූපයෝ ය යන මේ ධර්‍මයෝ හේතු ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී අන්‍යෝන්‍ය ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන බැවින් අන්‍යෝන්‍ය ප්‍රත්‍යය බැහැර කෙරෙති. එබැවින් ඒ ධර්‍මයෝ අනුලෝම පච්චනීයෙහි “හෙතුපච්චයා න අඤ්ඤමඤ්ඤෙ පඤ්ච” යි වදාරන ලදහ. ‘පඤ්ච’ යනු කුසලෙන අබ්‍යාකත ය, අකුසලෙන අබ්‍යාකතය, අබ්‍යාකතෙන අබ්‍යාකතය, කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය, අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන මොහු ය.
කුසලෙන අබ්‍යාකතය අකුසලෙන අබ්‍යාකතය යන දෙවාරය ආරම්මණදුකය මෙන් විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලවාරය ආරම්මණ දුකය අනුව විස්තර කරනු. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් සහේතුක පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි තෙළෙස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා හෘදය වස්තුවෙන් අන්‍යවූ කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. ශුද්ධරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල සහේතුක විපාක සහේතුකක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන සහේතුක චිත්තජ මහාභූතයෝ ය, සහේතුක පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි තෙළෙස හා සුදුසු පරිදි උපදනා වූ සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ සහේතුක චිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදායරූපයෝ ලැබෙත්. එ බැවින් -පෙ- “අබ්‍යාකතං ධම්මං -පෙ- න අඤ්ඤමඤ්ඤපච්චයා, විපාකබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තා රූපං මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං කටත්තා රූපං උපාදාය රූපං” යි ඉදිරිය යුතු ය.
කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙවාරය ආරම්මණදුකය අනුව විස්තර කරන්නේ ය.
නාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජ රූපයෝ ය, හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, මහාභූතයන් ගෙන් ප්‍රත්‍යය ලබන අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදායරූපයෝ ය බාහ්‍යආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ උපාදාය රූපයෝ ය යන මොහු හේතු අන්‍යෝන්‍ය ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එබැවින් ඒ ධර්‍මයෝ පච්චනීයෙහි “න හෙතුපච්චයා න අඤ්ඤමඤ්ඤෙ එකං” යි වදාරන ලදහ. එය අබ්‍යාකතෙන අබ්‍යාකතය ය. එහි ප්‍රවෘත්තිකාලයේ අභිධෙය ආරම්මණ දුකයෙහි මෙන් ගන්නේ ය. ප්‍රතිසන්‍ධිකාලයෙහි අහේතුක ප්‍රතිසන්‍ධි දෙක ය, ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන චෛතසික දශය ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා හෘදයවස්තුවෙන් අන්‍ය වූ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ලැබෙත්. ශුද්ධරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විපඤ්චවිඥාන වර්ජිත අහේතුක විපාක අහේතුක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන අහේතුක චිත්තජ මහාභූතයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි දෙක හා සුදුසු පරිදි උපදනා අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ මහාභූතයෝ ය. බාහිර මහාභූතයෝ ය. ආහාරජ මහාභූතයෝ ය සෘතුජ මහාභූතයෝ ය අසංඥසත්ත්‍ව කර්‍මජ මහාභූතයෝ ය ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. එබැවින් “අබ්‍යාකතං -පෙ- අහෙතුකවිපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්ත සමුට්ඨානං රූපං අහෙතුක පටිසන්‍ධික්ඛණෙ විපාකා බ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තාරූපං, මහාභූතෙ පටිච්චචිත්තසමුට්ඨානං රූපං උපාදාය රූපං, බාහිරෙ මහාභූතෙ පටිච්ච උපාදායරූපං, උතුසමුට්ඨානෙ මහාභූතෙ පටිච්ච උපාදායරූපං, අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච කටත්තාරූපං, උපාදායරූපං” යි ඉදිරිය යුතු ය.
සහේතුක සිත් එක්සැත්තෑව ය මෝහමූලද්වයෙහි මෝහවර්ජිත චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය සහේතුක ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන් ගෙන් ප්‍රත්‍යය ලබන හෘදයවස්තුව ය ඔවුනොවුන් ගෙන් ප්‍රත්‍යය ලබන සහේතුක චිත්තජමහාභූතයෝ ය සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය යන මේ ධර්‍මයෝ හේතු අන්‍යෝන්‍ය ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. එ බැවින් -පෙ- “හෙතුපච්චයා අඤ්ඤමඤ්ඤෙ තීණි” යි වදාරන ලදහ. තීණි යනු කුසලෙන කුසලය අකුසලෙන අකුසලය අබ්‍යාකතෙන අබ්‍යාකතය යන මොහු ය. කුසලෙන කුසලය අකුසලෙන අකුසලය යන දෙවාරය ආරම්මණදුකය අනුව විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි ආරම්මණයෙහි සේ අභිධෙය අවුලනු. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් සහේතුක ප්‍රතිසන්‍ධි සතළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව නිසා උපදනා වූ සහේතුක ප්‍රතිසන්‍ධි සතොළොසය චෛතසික පන්තිසය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව ලැබේ. ශුද්ධරූපවාරයෙහි කර්‍තාපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූප විපාක අර්‍හන්තච්‍යුති වර්ජිත කුශලාකුශල සහේතුකවිපාක සහේතුකක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන සහේතුකචිත්තජ මහාභූතයෝ ය, සහේතුකපඤ්චවෝකාරප්‍රතිසන්‍ධි තෙළෙස හා සුදුසු පරිදි උපදනා වූ ප්‍රතිසන්‍ධිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා මහාභූත වූ ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. විභඞ්ගය අඤ්ඤමඤ්ඤ විභඞ්ගය සේ උදුරනු.
හේතුමූලක නිඃශ්‍රයද්විකය සහජාතදුකය අනුව විස්තර කරනු. හේතුමූලක උපනිඃශ්‍රය ද්විකය ආරම්මණය දුකය සේ විස්තර කරනු.
(හේතුමූලක පුරේජාත දුකය)
හේතුමූලක පුරේජාත දුකයෙහි පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහය ය අහේතුක ප්‍රවෘත්ති නාමස්කන්‍ධ සතර ය යන මොහු -පෙ- “න හෙතුපච්චයා පුරෙජාත ද්වෙ” යි වදාරන ලදහ. ද්වේ යනු අකුසලෙන අකුශලය අබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙවාරය ය.
අකුසලෙන අකුසලයෙහි “අකුසලො” යන කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ විචිකිච්ඡාසහගත උද්ධච්ච සහගත දෙසිත ය චෛතසික තුදුස ය යන අවයව වූ ද සමූහ වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත මෝහය ලැබේ. එ බැවින් ඒ ධර්‍මයන්ගේ විථිවිභඞ්ගයන් “අකුසලං -පෙ- පුරෙජාතපච්චයා, විචිකිච්ඡා සහගතෙ උද්ධච්ච සහගතෙ ඛන්‍ධෙ පටිච්ච විචිකිච්ඡා සහගතො උද්ධච්ච සහගතො මොහො වත්‍ථු පුරෙජාත පච්චයා” ය ඉදිරිය යුතුය.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අහේතුක විපාක අහේතුක ක්‍රියා චිත්තයෝ ය, ඡන්‍ද වර්ජිත අන්‍යසමාන චෛතසික දොළොස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- ලැබෙත්. -පෙ- “අබ්‍යාකතං -පෙ- පච්චයා, අහෙතුකංවිපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- වත්‍ථුං පුරෙජාත පච්චයා” යි ඉදිරිය යුතු ය.
අරූපවිපාක සතර ය අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූලද්වයෙහි මෝහ වර්ජිත වූ ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූප කුශල අරූපක්‍රියාවෝ ය, ප්‍රථම මාර්‍ග වර්ජිත ලෝකෝත්තර නාමස්කන්‍ධයෝ ය සහේතුකචිත්තජ රූපයෝ ය සහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොහු හේතුප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී පුරේජාත ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන බැවින් පුරේජාතප්‍රත්‍යය බැහැර කෙරෙති. එ බැවින් -පෙ- හේතුපච්චයා න පුරෙජාත සත්ත” යි වදාරන ලදහ. “සත්ත” යනු කුසලෙන කුසලය, කුසලෙන අබ්‍යාකතය, අකුසලෙන අකුසලය, අකුසලෙන අබ්‍යාකතය, අබ්‍යාකතෙන අබ්‍යාකතය, කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය, අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන මොහු ය.
කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහා කුසල් අට ය අරූපකුසල් සතර ය උපරිම මාර්‍ගත්‍රය ය චෛතසික සතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ මහාකුසල් අට ය අරූප කුසල් සතරය, උපරිමමාර්‍ගත්‍රයය චෛතසික සතිසය යන අවයව නාමස්කන්‍ධ ප්‍රත්‍යයෝත්පන්නයෝ ල ලැබෙත්, එ බැවින් ඒ ධර්‍මයන් ගේ වීථිවිභඞ්ගයන් “කුසලං -පෙ- හෙතුපච්චයා න පුරෙජාත පච්චයා, අරූපෙ කුසලං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා තයෝ ඛන්‍ධෙ පටිච්ච තයො ඛන්‍ධා තයෝ ඛන්‍ධෙ පටිච්ච එකො ඛන්‍ධො ද්වෙ ඛන්‍ධෙ පටිච්ච ද්වෙ ඛන්‍ධා” යි ඉදිරිය යුතු ය.
කුසලෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල්සිත් එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව වු ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජ රූපයෝ ලැබෙත්. එ බැවින් ඒ ධර්‍මයන් ගේ වීථි විභඞ්ගයන් “කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො -පෙ- කුසලෙ ඛන්‍ධෙ පටිච්ච චිත්ත සමුට්ඨානං රූපං” යි ඉදිරිය යුතු ය.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල සිත් අට ය මෝහමූල සිත් දෙක ය චෛතසික දෙවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ ලෝභමූල සිත් අට ය මෝහ මූල සිත් දෙක ය මෝහ මූලයෙහි මෝහ වර්ජිත චෛතසික තෙවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. එ බැවින් -පෙ- අරූපෙ අකුසලං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා” යි ඉදිරිය යුතුය. අකුසලෙන අබ්‍යාකතය ආරම්මණ දුකයෙහි මෙන් විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අරූපවිපාක සතර ය අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහා ක්‍රියා අට ය අරූපක්‍රියා සතර ය ඵලසිත් සතරය චෛතසික සතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අරූප විපාක සතර ය අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහාක්‍රියා අට ය අරූපක්‍රියා සතර ය ඵලසිත් සතර ය චෛතසික සතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක අර්‍හන්තච්‍යුති වර්ජිත සහේතුකවිපාක සතොළොස ය සහේතුක ක්‍රියා සතොළොස ය චෛතසික අටතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාරයෙහි හා ශුද්ධරූපවාරයෙහි අභිධෙය හේතු විභඞ්ගයෙහි මෙන් ගන්නේ ය. විභඞ්ගය “අබ්‍යාකතං ධම්මං පටිච්ච -පෙ- හෙතුපච්චයා න පුරෙජාතපච්චයා, අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයෝ ඛන්‍ධා -පෙ- විපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්චචිත්තසමුට්ඨානං රූපං පටිසන්‍ධික්ඛණෙ” හේතුවෙහි මෙන් උදුරනු. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන දෙවාර හේතුවිභඞ්ගවාරය මෙන් විස්තර කරනු.
අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය ය, මනෝද්වාරාවර්ජන ය, අහේතුක පඤ්චවෝකාර භූමියෙහි ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය: අහේතුක චිත්තජරූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය බාහිර රූපයෝ ය, ආහාරජරූපයෝ ය, සෘතුජරූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මේ ධර්‍මයෝ හේතු පුරේජාත ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. එ බැවින් ඒ ධර්‍මයෝ පච්චනීයයෙහි “න හෙතුපච්චයා න පුරේජාත ද්වෙ” යි වදාරන ලදහ. ද්වේ යන අකුසලෙන අකුසලය අබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙක ය.
අකුසලෙන අකුසලයෙහි “අකුසලො” යන කර්‍තෘපාඨයෙන් විචිකිච්ඡාඋද්ධච්චසහගත දෙසිත ය චෛතසික තුදුස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත දෙසිතෙහි මෝහය ලැබේ. එ බැවින් ඒ ධර්‍මයෝ වීථි විභඞ්ගය “අකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා, න පුරෙජාත පච්චයා, අරූපෙ විචිකිච්ඡාසහගතෙ උද්ධච්චසහගතෙ ඛන්‍ධෙ පටිච්ච විචිකිච්ඡාසහගතො උද්ධච්චසහගතො මොහො” යි ඉදිරිය යුතු ය.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි උපදනා මනෝද්වාරාවර්ජනය ය ඡන්‍ද ප්‍රීති වර්ජිත අන්‍යසමාන චෛතසික එකොළොස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අවයව නාමස්කන්‍ධයෝ ය, පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විපඤ්චවිඥානයන් ගෙන් අන්‍ය වූ අහේතුක විපාක ක්‍රියාවෝ ය, ඡන්‍ද වර්ජිත අන්‍යසමාන චෛතසික දොළොසය ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධි කාලයෙහි කර්‍තෘපාඨයෙන් අහේතුකප්‍රතිසන්‍ධි දෙක ය ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන දශය ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව නිසා උපදනා වූ අහේතුක ප්‍රතිසන්‍ධිදෙක ය, චෛතසික දශය ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. ශුද්ධරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා ද්විපඤ්චවිඥාන වර්ජිත අහේතුක විපාකක්‍රියා විසින් උපදවන අහේතුක චිත්තජ මහාභූතයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි ද්වය හා සුදුසු පරිදි උපදනා අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ මහාභූතයෝ ය, බාහ්‍ය මහාභූතයෝ ය, ආහාරජ මහාභූතයෝ ය, සෘතුජ මහාභූතයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ මහාභූතයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ චිත්තජාදි උපාදාය රූපයෝ ලැබෙත්. -පෙ- “අබ්‍යාකතං -පෙ- න හෙතු පච්චයා න පුරෙජාත පච්චයා, අරූපෙ අහෙතුක කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ඛන්‍ධා, අහෙතුකවිපාකාබ්‍යාකතෙ කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං අහෙතුක පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා කටත්තා ච රූපං -පෙ- ද්වෙ ඛන්‍ධා කටත්තා ච රූපං, ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, වත්‍ථුං පටිච්ච ඛන්‍ධා, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, -පෙ- මහාභූතා මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං කටත්තා උපාදාය රූපං, බාහිරං -පෙ- ආහාරසමුට්ඨානං -පෙ- උතුසමුට්ඨානං -පෙ- අසඤ්ඤසත්තානං -පෙ- මහාභූතෙපටිච්ච කටත්තා රූපං උපාදාය රූපං” යි ඉදිරිය යුතුය.
පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්ව ය, අරූපවිපාක සතර ය යන මොවුන්ගෙන් අන්‍ය වූ සහේතුක ප්‍රවෘත්ති නාමස්කන්‍ධයෝ හේතුපුරේජාත ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. එ බැවින් -පෙ- “හෙතුපච්චයා පුරේජාතෙ තීණි” යි වදාරන ලදහ. ‘තීණි’ යනු කුසලෙන කුසලය ය, අකුසලෙන අකුසලය ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන මොහු ය. කුසලෙන කුසලවාරය පුරේජාතයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අකුසල් සිත් දොළොස ය, මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය පුරේජාතයෙහි මෙනි.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක වර්ජිත සහේතුකවිපාක සතොළොස ය සහේතුක්‍රියා සතොළොස ය චෛතසික අටතිස ය යන අවයව -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය පුරේජාතයෙහි මෙනි.
(හේතුමූලක ආසෙවන දුකය)
හේතුමූලක ආසේවන දුකයෙහි මෝහමූල ද්විතීයාදි ජවනයන්හි මෝහය ය, හසිතෝත්පාද ද්විතීයාදි ජවනයෝ ය යන මොහු ආසේවන ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයන් නො වීමෙන් හේතුප්‍රත්‍යය බැහැර කෙරෙති. -පෙ- පච්චනීයානු ලෝමයෙහි “න හෙතුපච්චයා ආසෙවනෙ ද්වෙ” යි වදාරන ලදහ. “ද්වෙ” යනු අකුසලෙන අකුසලය අබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙක ය.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘ පාඨයෙන් මෝහමූල ද්විතීයාදි ජවනයෝ ය චෛතසික තුදුස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා මෝහය ලැබේ. විභඞ්ගය උදුරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් හසිතෝත්පාද ද්විතීයාදි ජවනයෝ ය ඡන්‍ද වර්ජිත අන්‍යසමාන දොළොස ය යන අවයව -පෙ- ලැබෙත්. -පෙ- “අහෙතුක කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා” යි ඉදිරිය යුතු ය.
මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත ද්වාදශාකුශල මහාකුශල මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය, සහේතුක විපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝය, සහේතුක චිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොව්හු -පෙ- “හෙතුපච්චයා න ආසෙවනෙ නව” යි වදාරන ලදහ. “නව” යනු කුසලෙන කුසලය ය -පෙ- අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන මොහු ය.
කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් මහාකුශල ප්‍රථම ජවනය ය චෛතසික අටතිස ය යන -පෙ- ලැබෙත්. විභඞ්ගය හේතුවිභඞ්ගය මෙනි. කුසලෙන අබ්‍යාකතය හේතු ප්‍රත්‍යයෙහි මෙන් විස්තර කරනු. කුසලෙන කුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහාකුශල ප්‍රථමජවන ය චෛතසික අටතිස ය යන අවයව -පෙ- අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ද ලැබෙත්. විභඞ්ගය හේතුවෙහි මෙනි.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් දොළොස් අකුසලයන් ගේ ප්‍රථමජවනයෝ ය චෛතසික සත්විස්ස ය යන අවයව -පෙ- ද්වාදශා කුසල ප්‍රථමජවනයෝ ය මෝහමූලද්වයයෙහි මෝහවර්ජිත චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය හේතුවෙහි මෙන් උදුරනු. අකුසලෙන අබ්‍යාකතය හේතුවෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු. අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අකුසල ප්‍රථම ජවනයෝ ය චෛතසික සත්විස්ස ය යන අවයව -පෙ- අකුශල ප්‍රථම ජයනයෝ ය මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ද ලැබෙත්. විභඞ්ගය හේතුවෙහි මෙනි.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි මහාක්‍රියා ප්‍රථම ජවනයෝ ය සහේතුක විපාක එක්විස්ස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් නිසා උපදනා චිත්තජ රූපයෝ ද පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මහාක්‍රියා ප්‍රථමජවනයෝ ය මහද්ගතක්‍රියා නවය ය චෛතසික පන්තිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිවාරයෙහි හා ශුද්ධරූපවාරයෙහි ද හේතුවෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු.
කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙවාරය හේතුවෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ග උදුරනු.
මෝහමූල ප්‍රථම ජවනයෙහි මෝහය ය, හසිතෝත්පාද ප්‍රථමජවනය ය, හසිතෝත්පාදයෙන් අන්‍ය වූ අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය අහේතුක චිත්තජරූපයෝ ය අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොව්හු -පෙ- “න හේතුපච්චයා න ආසෙවනෙ ද්වෙ” යි වදාරන ලදහ. “ද්වෙ” යනු අකුසලෙන අකුසල ය අබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙවාරය ය.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් විචිකිත්සාසහගත ඖද්ධත්‍ය සහගත ප්‍රථමජවනයෝ ය චෛතසික තුදුස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා මෝහය වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මය ලැබේ. විභඞ්ගය “විචිකිච්ඡාසහගතෙ උද්ධච්ච සහගතෙ ඛන්‍ධෙ පටිච්ච විචිකිච්ඡාසහගතො උද්ධච්ච සහගතො මොහො” යි ඉදිරිය යුතු ය.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් හසිතෝත්පාද ප්‍රථම ජවනය ය හසිතෝත්පාද වර්ජිත අහේතුක සිත් සතොළොස ය ඡන්‍දවර්ජිත අන්‍යසමාන දොළොසය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ හසිතෝත්පාද ප්‍රථම ජවනය ය හසිතෝත්පාද වර්ජිත අහේතුක සිත් සතොළොස ය ඡන්‍ද වර්ජිත අන්‍යසමාන දොළොස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය ඒ නාමස්කන්‍ධයන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අහේතුක ප්‍රතිසන්‍ධි දෙක ය ඡන්‍ද ප්‍රීති වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන දශය ය -පෙ- ආරම්මණදුකයෙහි මෙන් විස්තර කරනු. ශුද්ධරූපවාරයෙහි ආරම්මණයෙහි මෙන් අභිධෙය ගන්නේ ය. විභඞ්ගය ද ආරම්මණදුකය අනුව උදුරනු.
අකුසල් සිත් දොළොස ය මහාකුශල මහාක්‍රියා ය යන මොවුන්ගේ ද්විතීයාදි ජවනයෝ ය මහද්ගතකුශල මහද්ගත ක්‍රියා ලෝකෝත්තර කුශලයෝ ය. මෝහමූල ද්වයයෙහි මෝහවර්ජිත චෛතසික දෙපනස ය යන මොව්හු හේතු ආසේවන ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝය යන -පෙ- “හේතුපච්චයා ආසෙවනෙ තීණි” යි වදාරන ලදහ. ‘තීණි’ යන කුසලෙන කුසලය, අකුසලෙන අකුසල ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය යන තුන් වාරය ය.
කුසලෙන කුසලයෙහි ආසේවන ප්‍රත්‍යයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු. අකුසලෙන අකුසලයෙහි ද්වාදශාකුශල ද්විතීයාදි ජවනයෝ ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා ද්වාදශාකුශල ද්විතීයාදි ජවනයෝ ය. මෝහමූලයෙහි මෝහ වර්ජිත චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය උදුරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘ පාඨයෙන් මහාක්‍රියා ද්විතීයාදි ජවනයෝ ය මහද්ගත ක්‍රියා නවය ය චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය ආසේවනයෙහි මෙන් උදුරනු.
(හේතුමූලක කර්‍මප්‍රත්‍යය දුකය)
හේතුමූලක කර්‍මදුකයෙහි මෝහමූලද්වයෙහි මෝහයෙන් හා ක්‍රියා චේතනාවන්ගෙන් ද අන්‍ය වූ අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධ සතර ය, අහේතුක චිත්තජ රූපයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය, අසංඥසත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්ති කර්‍මජ රූපයෝ ය යන මොව්හු කර්‍මප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්නයන් වී -පෙ- “න හෙතුපච්චයා කම්මෙ ද්වෙ” යි වදාරන ලදහ. “ද්වෙ” යනු අකුසලෙන අකුසලය අබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන දෙවාර ය, අකුසලෙන අකුසලය උක්තානුසාරයෙන් විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘ පාඨයෙන් අහේතුක සිත් අටොළොස ය, ඡන්‍දවර්ජිත අන්‍යසමාන දොළොස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අහේතුක සිත් අටොළොසය, ක්‍රියා චේතනා ඡන්‍ද වර්ජිත අන්‍යසමාන චෛතසික දෙළොස ය යන අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් නිසා උපදනා අහේතුක චිත්තජ රූපයෝ ද ලැබෙත්. ප්‍රතිසන්‍ධි කාලයෙහි කර්‍තෘ පාඨයේ අභිධෙය සහජාතයෙහි මෙනි. ශුද්ධරූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අහේතුක විපාක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන අහේතුක චිත්තජ මහාභූතයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිද්වය හා සුදුසු පරිදි උපදනා අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ මහාභූතයෝ ය ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ උපාදායරූපයෝ ලැබෙත්. විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- ක හෙතු පච්චයා කම්මපච්චයා, අහෙතුක විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- රූපං, අහෙතුකපටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච -පෙ- රූපං, අසඤ්ඤසත්තානං එකං මහාභූතං පටිච්ච -පෙ- මහාභූතෙ පටිච්ච කටත්තාරූපං උපාදායරූපං” යි වදාරන ලදහ.
කුශලා කුශල සහේතුක ක්‍රියා චේතනාවෝ හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී කර්‍ම ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන බැවින් කර්‍ම ප්‍රත්‍යය බැහැර කෙරෙති. -පෙ- “හෙතුපච්චයා න කම්මෙ තීණි” යි වදාරන ලදහ. “තීණි” යනු කුසලෙන කුසලය ය, අකුසලෙන අකුසලය ය, අබ්‍යාකතෙන අබ්‍යාකතය යන මොහු ය.
කුසලෙන කුසලයෙහි කර්‍තෘපාඨයෙන් කුසල් සිත් එක්විස්ස ය චේතනා වර්ජිත චෛතසික සත්තිසය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. -පෙ- “කුසලං -පෙ- හෙතුපච්චයා න කම්මපච්චයා, කුසලෙන ඛන්‍ධෙ පටිච්ච කුසලා චෙතනා” යි ඉදිරිය යුතු ය.
“අකුසලො” යන කර්‍තෘ පාඨයෙන් අකුසල් සිත් දොළොස ය චේතනා වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. -පෙ- “අකුසලං -පෙ- අකුසලෙ ඛන්‍ධෙ පටිච්ච අකුසලා චෙතනා” යි ඉදිරිය යුතු ය.
“අබ්‍යාකතො” යන කර්‍තෘ පාඨයෙන් සහේතුක ක්‍රියා සතොළොස ය චේතනා වර්ජිත චෛතසික සූතිස ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. -පෙ- “අබ්‍යාකතං -පෙ- හෙතුපච්චයා න කම්මපච්චයා, කිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කිරියාබ්‍යාකතා චෙතනා” යි ඉදිරිය යුතු ය.
අහේතුකක්‍රියා චේතනාව ය, බාහ්‍ය ආහාරජ සෘතුජ රූපයෝ ය යන මොහු හේතු කර්‍ම ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. -පෙ- “න හෙතුපච්චයා න කම්මෙ එකං” යි වදාරන ලදහ. “එකං” යන අබ්‍යාකතෙන අබ්‍යාකතය ය. ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘ පාඨයෙන් අහේතුක ක්‍රියා තුන ය ඡන්‍ද ප්‍රීති චේතනා වර්ජිත අන්‍යසමාන චෛතසික දශය ය යන අවයව වූ ද සමූහ වූ ද නාමස්කන්‍ධයන් නිසා උපදනා චේතනාව ලැබේ. ශුද්ධරූපවාරයෙහි බාහිර මහාභූතයෝ ය. ආහාරජ මහාභූතයෝ ය සෘතුජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ බාහ්‍ය ආහාරජ සෘතුජ උපාදායරූපයෝ ලැබෙත්. -පෙ- “අබ්‍යාකතං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති න හෙතුපච්චයා න කම්මපච්චයා. අහේතුකකිරියාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච අහෙතුක කිරියාබ්‍යාකතං චෙතනා, බාහිරං -පෙ- ආහාර සමුට්ඨානං උතුසමුට්ඨානං -පෙ- එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච උපාදාය රූපං” යි ඉදිරිය යුතු ය.
මෝහමූලද්වයයෙහි මෝහය හා කුශලාකුශල ක්‍රියා චේතනා ද හැර සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුක චිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු හේතුකර්‍ම ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. “හෙතුපච්චයා කම්මෙ නව” යි වදාරන ලදහ. නවය කුසලෙන කුසල වාරාදිය ය. කුශලපදයේ වාර තුන කර්‍මප්‍රත්‍යයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ග උදුරනු.
අකුසලෙන අකුසලයෙහි කර්‍තෘපාඨයෙන් අකුසල්සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයවනාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අකුසල්සිත් දොළොස ය මෝහමූලද්වයයෙහි මෝහය හා චේතනාව වර්ජිත චෛතසික සවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය හේතුවෙහි මෙනි. අකුසලෙන අබ්‍යාකතය හේතුයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු. අකුසලෙන අකුසලාබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි අකුසල් සිත් දොළොස ය චෛතසික සත්විස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා අකුසල් සිත් දොළොස ය මෝහ මූලද්වයයෙහි මෝහයෙන් හා චේතනාවෙන් අන්‍ය වූ චෛතසික සවිස්ස ය යන අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ද ලැබෙත්. විභඞ්ගය හේතුවෙහි මෙන් උදුරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් සහේතුකවිපාක එක්විස්සය සහේතුකක්‍රියා සතොළොස ය චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා සහේතුකවිපාක එක්විස්ස ය සහේතුකක්‍රියා සතොළොස ය ක්‍රියා චේතනා වර්ජිත චෛතසික අටතිස ය යන අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ද ලැබෙත්. ප්‍රතිසන්‍ධිශුද්ධරූප දෙවාරයෙහි හේතුයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන දෙවාරය ද හේතුයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය යන දෙවාරය ද හේතුයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු.
(හේතුමූලක විපාක දුකය)
හේතුමූලක විපාකදුකයෙහි අහේතුකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය විපාකචිත්තයන් විසින් උපදවන අහේතුකචිත්තජ රූපයෝ ය සහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොවුහු විපාක ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී -පෙ- “න හෙතුපච්චයා විපාකෙ එකං” යි වදාරන ලදහ. ප්‍රවෘත්තිකාලයෙහි අබ්‍යාකතො යන කර්‍තෘ පාඨයෙන් අහේතුකවිපාක සතොළොස ය ඡන්‍ද වීර්‍ය්‍ය වර්ජිත අන්‍යසමාන චෛතසික එකොළොස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා වූ අහේතුක විපාක -පෙ- අන්‍යසමාන එකොළොස ය යන අවයව නාමස්කන්‍ධයන් හා ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝද ලැබෙත්, ප්‍රතිසන්‍ධිකාලයෙහි අභිධෙය වශයෙන් අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා කෘතත්‍වත්රූපයෝ ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අහේතුකවිපාක නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන අහේතුකචිත්තජ මහාභූතයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ අහේතුකචිත්තජ අහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. විභඞ්ගය “අබ්‍යාකතං ධම්මං පටිච්ච -පෙ- න හෙතුපච්චයා, විපාකපච්චයා, අහේතුකවිපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං -පෙ- රූපං, අහෙතුක පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා කටත්තා ච රූපං, -පෙ- රූපං, ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, වත්‍ථුං පටිච්ච ඛන්‍ධා, එකං මහාභූතං පටිච්ච -පෙ- චිත්තසමුට්ඨානං රූපං, කටත්තාරූපං, උපාදායරූපං” යි උදුළ යුතුය.
මෝහමූලද්වයයෙහි මෝහයෙන් අන්‍ය වූ කුශලාකුශල සහේතුක ක්‍රියා නාමස්කන්‍ධයෝ ය, ඔවුන් විසින් උපදවන චිත්තජරූපයෝ ය යන මොව්හු -පෙ- “හෙතුපච්චයා න විපාකෙ නව” යි වදාරන ලදහ. ‘නව’ යනු කුසලෙන කුසලාදිය ය. කුසලපදයෙහි වාර තුන හා අකුසලපදයේ වාර තුන හේතුව අනුව විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් සහේතුක ක්‍රියා සතොළොස ය, චෛතසික පන්තිස ය යන නාමස්කන්‍ධයන් නිසා උපදනා සහේතුක ක්‍රියා සතොළොස ය, චෛතසික පන්තිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ය, ඔවුන් නිසා උපදනා චිත්තජරූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ශුද්ධරූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුශලාකුශල සහේතුක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන සහේතුක චිත්තජ මහාභූතයන් නිසා උපදනා වූ භූතරූප සහිත වූ චිත්තජ උපාදායරූපයෝ ලැබෙත්. -පෙ- “අබ්‍යාකතං ධම්මං -පෙ- හෙතු පච්චයා න විපාක පච්චයා, කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං, -පෙ- රූපං, එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං උපාදාය රූපං” යි උදුළ යුතු ය. කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතය ය යන දෙවාරය හේතුව අනුව විස්තර කරනු.
මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුකක්‍රියා නාමස්කන්‍ධ සතර ය, අහේතුකක්‍රියා සිත්වලින් උපදවන චිත්තජරූපයෝ ය, බාහිරරූපයෝ ය, ආහාරජරූපයෝ ය, සෘතුජරූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජරූපයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ ය යන මොව්හු හේතුවිපාක ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. -පෙ- පච්චනීයයෙහි “න හෙතු පච්චයා න විපාකෙ ද්වෙ” යි වදාරන ලදහ. අකුසලෙන අකුසලයෙහි අභිධෙය අවුලා විභඞ්ගය උදුරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයෙන් අහේතුකක්‍රියා තුන ය ඡන්‍ද වර්ජිත අන්‍යසමාන දොළොස ය යන අවයව නාමස්කන්‍ධයන් නිසා උපදනා -පෙ- නාමස්කන්‍ධයන් හා අහේතුක ක්‍රියා චිත්තජ රූපයෝ ලැබෙත්. ශුද්ධ රූප වාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අහේතුක ක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන අහේතුක චිත්තජ මහාභූතයෝ ය ආහාරජ මහා භූතයෝ ය, සෘතුජ මහාභූතයෝ ය අසංඥසත්ත්‍වකර්‍මජ මහාභූතයෝ ය ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසාා උපදනා වූ භූතරූප සහිත වූ උපාදාය රූපයෝ ලැබෙත්. විභඞ්ගය “අබ්‍යාකතං ධම්මං පටිච්ච -පෙ- න හෙතුපච්චයා න විපාකපච්චයා, අහෙතුක කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානංච රූපං, -පෙ- එකං මහාභූතං පටිච්ච තයො මහාභූතා, -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං, උපාදාය රූපං, බාහිරං -පෙ- ආහාරසමුට්ඨානං -පෙ- උතුසමුට්ඨානං -පෙ- අසඤ්ඤසත්තානං එකං මහාභූතං පටිච්ච -පෙ- මහාභූතෙ පටිච්ච කටත්තාරූපං උපාදායරූපං” යි උදුළ යුතු ය.
සහේතුකවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, විපාකයන් විසින් උපදවන සහේතුකචිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොව්හු -පෙ- “හෙතුපච්චයා විපාකෙ එකං” යි වදාරන ලදහ.
ප්‍රවෘත්තිකාලයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් සහේතුක විපාක එක්විස්ස ය චෛතසික සතිස ය යන -පෙ- නාමස්කන්‍ධයෝ ය ඔවුන් විසින් උපදවන සහේතුක චිත්තජරූපයෝ ය යන මොහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි සහේතුක ප්‍රතිසන්‍ධි පසළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුව නිසා උපදනා සහේතුක ප්‍රතිසන්‍ධි පසළොස ය චෛතසික පන්තිස ය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයෝ ලැබෙත්. රූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූපවිපාක අර්‍හන්තච්‍යුති වර්ජිත සහේතුක විපාක නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන සහේතුකචිත්තජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත වූ උපාදායරූපයෝ ලැබෙත්. විභඞ්ගය විපාකවිභඞ්ගය අනුව උදුරනු.
(හේතුමූලක ආහාර දුකය)
හේතුමූලක ආහාරදුකයෙහි මෝහමූලද්වයෙහි මෝහය ය, අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය, අහේතුකචිත්තජ රූපයෝ ය, යන මොහු -පෙ- “න හෙතු පච්චයා ආහාරෙ ද්වෙ” යි වදාරන ලදහ. අකුසලෙන අකුසලයෙහි අභිධෙය අවුලා විභඞ්ගය උදුරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්තිකාලයෙහි හා ප්‍රතිසන්‍ධිකාලයෙහි පෙර පරිදි අභිධෙය ගන්නේ ය, රූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විපඤ්චවිඥාන වර්ජිත අහේතුක විපාකක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන අහේතුක චිත්තජ මහාභූතයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධිද්වය හා උපදනා අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ මහාභූතයෝ ය ආහාරජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ භූතරූප සහිත වූ උපාදායරූපයෝ ලැබෙත්. විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- ආහාර සමුට්ඨානං එකං මහාභූතං පටිච්ච -පෙ- මහාභූතෙ පටිච්ච උපාදාය රූපං” යි උදුළ යුතු ය.
හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී ආහාර ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයක් නැති බැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න ආහාරෙ” යනාදිය නො වදාරන ලද්දේ ය. බාහ්‍ය රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍ව කර්‍මජ රූපයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොවුහු හේතු ආහාර ප්‍රත්‍යය දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. -පෙ- “න හෙතුපච්චයා න ආහාරෙ එකං” යි වදාරන ලදහ. “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත වූ බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදායරූපයෝ ලැබෙත්. විභඞ්ගය “බාහිරං -පෙ- උතුසමුට්ඨානං - අසඤ්ඤසත්තානං එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච කටත්තා රූපං උපාදාය රූපං” යි උදුළ යුතු ය.
මෝහමූලද්වයෙහි මෝහය වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය, සහේතුකචිත්තජරූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොවුහු -පෙ- හෙතුපච්චයා ආහාර නව” යි වදාරන ලදහ. හේතුප්‍රත්‍යයෙහි මෙන් විස්තර කරනු.
(හේතුමූලක ඉන්‍ද්‍රිය දුකය)
මෝහමූලද්වයෙහි මෝහය හා අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුකචිත්තජ රූපයෝ ය අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය ජීවිතේන්‍ද්‍රිය වර්ජිත අසංඥසත්ත්‍වකර්‍මජ රූපයෝ ය ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොහු ඉන්‍ද්‍රියප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී -පෙ- “න හෙතුපච්චයා ඉන්‍ද්‍රියෙ ද්වෙ” යි වදාරන ලදහ. අකුසලෙන අකුසලය වුක්තානුසාරයෙන් විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි දෙක්හි අභිධෙය වුක්තානුසාරයෙන් ගන්නේ ය. රූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාරභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විපඤ්චවිඥාන වර්ජිත අහේතුක විපාකක්‍රියා නාමස්කන්‍ධයන් විසින් සුදුසු පරිදි උපදවන අහේතුකචිත්තජ මහාභූතයෝ ය අහේතුකප්‍රතිසන්‍ධි දෙක හා සුදුසු පරිදි උපදනා අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ මහාභූතයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ මහාභූතයෝ ය ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා වූ භූතරූප සහිත වූ අහේතුකචිත්තජ උපාදාය රූපයෝ ය, අහේතුකප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදායරූපයෝ ය, ජීවිතේන්‍ද්‍රිය වර්ජිත අසංඥසත්ත්‍වකර්‍මජ උපාදාය රූපයෝ ය, ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ය යන මොවුහු ලැබෙත්. විභඞ්ගය කම්මදුකය අනුව උදුරනු.
හේතුප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න වී ඉන්‍ද්‍රියප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍ම නැත්තේ ය. එ බැවින් “හෙතුපච්චයා න ඉන්‍ද්‍රියෙ” යනාදිය නො වදාළ සේක.
බාහ්‍යරූප ආහාරජරූප සෘතුජරූපයෝ ය අසංඥසත්තවයන් ගේ රූප ජීවිතේන්‍ද්‍රිය යන මොවුහු හේතු ඉන්‍ද්‍රිය දෙක්හිම ප්‍රත්‍යයෝත්පන්නයෝ නො වෙති. -පෙ- “න හෙතුපච්චයා න ඉන්‍ද්‍රියෙ එකං” යි වදාරන ලදහ. “අබ්‍යාකතො” යන කර්‍තෘපාඨයෙන් බාහ්‍ය ආහාරජ සෘතුජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත වූ බාහ්‍ය ආහාරජ සෘතුජ උපාදායරූපයෝ ය අසංඥසත්ත්‍වකර්‍මජ මහාභූතයන් හා ප්‍රවෘත්ති කර්‍මජ මහාභූතයන් නිසා උපදනා රූපජීවිතේන්‍ද්‍රිය රූපය ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- න හෙතු පච්චයා න ඉන්‍ද්‍රියපච්චයා, බාහිරං -පෙ- ආහාර සමුට්ඨානං -පෙ- උතුසමුට්ඨානං එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච උපාදාය රූපං අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච රූපජීවිතින්‍ද්‍රියං” යි උදුළ යුතුය.
මෝහමූල ද්වයයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය යන මොවුහු හේතු ඉන්‍ද්‍රිය දෙදෙනා ගේ ම ප්‍රත්‍යයෝත්පන්නයෝ වෙති. -පෙ- “හෙතුපච්චයා ඉන්‍ද්‍රියෙ නව” යි වදාරන ලදහ. හේතුප්‍රත්‍යය අනුව අභිධෙය ගෙන විභඞ්ග උදුරනු.
(හේතුමූලක ඣාන දුකය)
හේතුමූලක ඣානදුකයෙහි මෝහමූල ද්වයෙහි මෝහය ය ද්විපඤ්චවිඥාන වර්ජිත අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය යන අහේතුක චිත්තජ රූපයෝ ය අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොහු ධ්‍යානප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී හේතුප්‍රත්‍යයා ගේ “න හේතු පච්චයා ඣානෙ ද්වෙ” යි වදාරන ලදහ.
අකුසලෙන අකුසලය විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයෙන් ද්විපඤ්චවිඥාන වර්ජිත අහේතුක විපාකක්‍රියා ය, ඡන්‍ද වර්ජිත අන්‍යසමාන දොළොස ය යන අවයව -පෙ- ඔවුන් විසින් උපදවන අහේතුක විපාක චිත්තජ රූපයෝ ය යන ප්‍රත්‍යයෝත්පන්නයෝ ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි අහේතුක ප්‍රතිසන්‍ධි දෙක ගන්නේ ය. රූපවාරයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විපඤ්චවිඥාන වර්ජිත අහේතුක විපාකක්‍රියා නාමස්කන්‍ධයන් විසින් උපදවන අහේතුක චිත්තජ මහාභූතයෝ ය. අහේතුක ප්‍රතිසන්‍ධි දෙක හා උපදනා අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ උපාදාය රූපයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත වූ අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ උපාදායරූපයෝ ලැබෙත්. විභඞ්ගය උදුරනු.
හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී ධ්‍යානප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න නො වන ධර්‍මයක් නැති බැවින් අනුලෝමපච්චනීයයෙහි “හෙතුපච්චයා න ඣානෙ” යනාදිය නො වදාළ සේක.
ද්විපඤ්චවිඥානනාමස්කන්‍ධයෝ ය, බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොහු -පෙ- පච්චනීයයෙහි “න හෙතුපච්චයා න ඣානෙ එකං” යි වදාරන ලදහ. ප්‍රවෘත්තිකාලයෙහි “අබ්‍යාකතො” යන කර්‍තෘ පාඨයෙන් පඤ්චවිඥාන දශය ය සර්‍වචිත්ත සාධාරණ චෛතසික සත ය යන අවයව -පෙ- අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. (ප්‍රතිසන්‍ධිවාරය නො ලැබේ.) රූපවාරයෙහි කර්‍තෘපාඨයෙන් බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත වූ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ උපාදාය රූපයෝ ලැබෙත්. විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- න හෙතු පච්චයා න ඣානපච්චයා, පඤ්චවිඤ්ඤාණසහගතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා -පෙ- ද්වෙ ඛන්‍ධා බාහිරං ආහාර සමුට්ඨානං අසඤ්ඤසත්තානං එකං මහාභූතං -පෙ- කටත්තාරූපං උපාදායරූපං” යි උදුළ යුතු ය.
මෝහමූලද්වයයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය, සහේතුකචිත්තජ රූපයෝ ය සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොහු -පෙ- “හෙතුපච්චයා ඣානෙ නව” යනු වදාරන ලදහ. හේතුයෙහි මෙන් අභිධෙය ගෙන විභඞ්ගය උදුරනු.
(හේතුමූලක මග්ග දුකය)
හේතුමූලක මග්ග දුකයෙහි මෝහමූලද්වයයෙහි මෝහය මාර්‍ග ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වී -පෙ- “න හෙතුපච්චයා මග්ගෙ එකං” යි වදාරන ලදහ. අභිධෙය දක්වා විභඞ්ගය උදුරනු. හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී -පෙ- ධර්‍ම නැත්තේ ය. එ බැවින් “හෙතුපච්චයා න මග්ගෙ” යනාදිය නො වදාළ සේක.
අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය අහේතුක චිත්තජ රූපයෝ ය අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොහු -පෙ- “න හෙතු පච්චයා න මග්ගෙ එකං” යි වදාරන ලදහ. අබ්‍යාකතො යන කර්‍තෘපාඨයේ අභිධෙය අවුලා විභඞ්ගය උදුරනු.
මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත සහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, සහේතුකචිත්තජ රූපයෝ ය සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොවුහු -පෙ- “හෙතු පච්චයා මග්ගෙ නව” යි වදාරන ලදහ. අභිධෙය අවුලා විභඞ්ග උදුරනු.
(හේතුමූලක සම්පයුත්ත විප්පයුත්ත දුකයෝ)
හේතුමූලක සම්පයුත්ත දුකය ආරම්මණ දුකය අනුව විස්තර කරනු. හේතුමූලක විප්පයුත්ත දුකයෙහි පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයයෙහි මෝහය ය අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. අහේතුක චිත්තජ රූපයෝ ය. අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජරූපයෝ ය යන මොහු -පෙ- “න හෙතු පච්චයා විප්පයුත්තෙ ද්වෙ” යි වදාරන ලදහ. අකුසලෙන අකුසලය පුරේජාත දුකය සේ විස්තර කරනු. “වත්‍ථුං විප්පයුත්ත පච්චයා” යි යෙදීම පමණක් වෙනස ය. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි ප්‍රවෘත්ති කාලයෙහි කර්‍තෘපාඨයේ අභිධෙය පුරේජාත දුකයෙහි මෙනි. ප්‍රතිසන්‍ධි කාලයෙහි අහේතුක ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් ගන්නේ ය. රූපචාරයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ද්විපඤ්චවිඥාන වර්ජිත -පෙ- අහේතුක චිත්තජ මහාභූතයෝ ය, අහේතුක ප්‍රතිසන්‍ධි ද්වය හා -පෙ- අහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ මහාභූතයෝ ය යන මොවුන් නිසා උපදනා භූතරූප සහිත උපාදායරූපයෝ ලැබෙත්. විභඞ්ගය “අහේතුක ද්විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං, -පෙ- රූපං ඛන්‍ධා වත්‍ථුං විප්පයුත්තපච්චයා, චිත්තසමුට්ඨානං රූපං ඛන්‍ධෙ විප්පයුත්තපච්චයා, අහෙතුකපටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා කටත්තා ච රූපං -පෙ- රූපං ඛන්‍ධා වත්‍ථුං විප්පයුත්තපච්චයා කටත්තාරූපං ඛන්‍ධෙ විප්පයුත්ත පච්චයා, ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු, වත්‍ථුං පටිච්ච ඛන්‍ධා, ඛන්‍ධා වත්‍ථුං විප්පයුත්ත පච්චයා වත්‍ථු ඛන්‍ධෙ විප්පයුත්තපච්චය, එකං මහාභූතං පටිච්ච -පෙ- මහාභූතෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූපං කටත්තා රූපං උපාදාය රූපං ඛන්‍ධෙ විප්පයුත්ත පච්චයා” යි උදුළ යුතු ය.
අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය, අරූප භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහ වර්ජිත ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූපකුශල අරූපක්‍රියා උපරිම මාර්‍ග සර්‍ව ලෝකෝත්තරඵල නාමස්කන්‍ධයෝ හේතුප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න වී -පෙ- “හෙතුපච්චයා න විප්පයුත්තෙ තීණි” යි වදාරන ලදහ. කුසලෙන කුසලය අකුසලෙන අකුසලය යන දෙවාරය පුරේජාත දුකය අනු ව විස්තර කරනු.
අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් අරූපවිපාක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි මහාක්‍රියා අට ය, අරූපක්‍රියා සතර ය, ඵලසිත් සතර ය චෛතසික සතිස ය යන අවයව -පෙ- අරූපවිපාක ක්‍රියා මහා ක්‍රියා චිත්තයෝ ය ඵලසිත් සතර ය චෛතසික සතිස ය යන අවයව නාමස්කන්‍ධයෝ ලැබෙත්. විභඞ්ගය අබ්‍යාකතං -පෙ- “හෙතු පච්චයා න විප්පයුත්ත පච්චයා, අරූපෙ විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච්ච -පෙ- ද්වෙ ඛන්‍ධා” යි උදුළ යුතු ය.
අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මෝහමූලද්වයෙහි මෝහය ය, මනෝද්වාරාවර්ජනය ය බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ ය යන මොව්හු -පෙ- “න හෙතු පච්චයා න විප්පයුත්තෙ ද්වෙ” යි වදාරන ලදහ. අකුසලෙන අකුසලය පුරේජාත දුකයෙහි මෙන් විස්තර කරනු. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ මනෝද්වාරාවජ්ජනය ය, ඡන්‍ද ප්‍රීති වර්ජිත අන්‍යසමාන එකොළොස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ලැබෙත්. රූප වාරයෙහි කර්‍තෘපාඨයෙන් බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍ව කර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත වූ බාහ්‍යාදි උපාදායරූපයෝ ලැබෙත්. විභඞ්ගය “අබ්‍යාකතං -පෙ- න හෙතුපච්චයා න විප්පයුත්තපච්චයා, අරූපෙ අහෙතුක කිරියාබ්‍යාකතං එකං ඛන්‍ධං -පෙ- ද්වෙ ඛන්‍ධා, බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං ඒකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච කටත්තාරූපං, උපාදායරූපං” යි උදුළ යුතු ය.
මෝහමූලද්වයයෙහි මෝහයෙන් හා අරූප විපාක සතරෙන් අන්‍ය වූ සහේතුක පඤ්චවෝකාර ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ සතර ය, සහේතුක චිත්තජ රූපයෝ ය, සහේතුක ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයෝ ය යන මොහු හේතු විප්‍රයුක්ත ප්‍රත්‍යය දෙක්හි ම ප්‍රත්‍යයේාත්පන්නයෝ ය. -පෙ- “හෙතුපච්චයා විප්පයුත්තෙ නව” යි වදාරන ලදහ.
“නව” යනු කුසලෙනකුසලාදිය ය. කුසලපදයේ වාර තුන හා අකුසලපදයේ වාර තුන විප්‍රයුක්තය අනුව විස්තර කරනු. වෙනස මෝහමූලද්වයයෙහි මෝහය බැහැර කිරීම පමණෙකි. අබ්‍යාකතෙන අබ්‍යාකතයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක වර්ජිත සහේතුක විපාක සතොළොස ය, සහේතුකක්‍රියා සතොළොස ය යන අවයව -පෙ- නාමස්කන්‍ධයෝ ය. ඔවුන් නිසා උපදනා චිත්තජ රූපයෝ ය යන මොවුහු ලැබෙත්. ප්‍රතිසන්‍ධිකාලයෙහි කර්‍තෘපාඨයෙන් පඤ්චවෝකාර ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි තෙළෙස ය, චෛතසික පන්තිසය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධ හෘදයවස්තූන් නිසා උපදනා පඤ්චවෝකාර ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි තෙළෙස ය චෛතසික පන්තිසය යන අවයව වූ ද අවයව හා සමූහ වූ ද නාමස්කන්‍ධයන් හා කෘතත්‍වාත් රූපයෝ ලැබෙත්. විභඞ්ගය විප්‍රයුක්තයෙහි මෙන් උදුරනු.
හේතුමූලක අත්‍ථිදුකය සහජාතය මෙන් විස්තර කරනු. හේතු මූලක නත්‍ථි විගත දුක දෙක ආරම්මණ දුකය මෙන් විස්තර කරනු. හේතුමූලක අවිගත දුකය ද සහජාත දුකය මෙන් විස්තර කරනු. පාලියෙහි එන සැටියට තිකාදිය ද දැක්විය යුතු වුව ද ඉතා දීර්‍ඝ වීමෙන් ග්‍රහණධාරණය අපහසු වන බැවින් තිකාදිය මෙහි නොදක්වනු ලැබේ.
හේතුදුක සඞ්ඛ්‍යාවාරය නිමි.