ආහාරමූලකයෙහි හේතුදුකයේ පටන් විපාකදුකය දක්වා ඇති දුකයන් කියන ලද නය අනුව දත හැකි ය. ආහාර මූලක ඉන්‍ද්‍රියදුකයෙහි රූපජීවිතේන්‍ද්‍රියයෙන් අන්‍ය වූ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ ආහාරප්‍රත්‍යය බැහැර කෙරෙති. ‘එකං’ ආහාරජරූපයෝ ඉන්‍ද්‍රියප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” බාහිර රූපයෝ ය, සෘතුජ රූපයෝ ය, අසංඥසත්ත්‍වරූපජීවිතේන්‍ද්‍රි ය, ප්‍රවෘත්තිරූපජීවිතේන්‍ද්‍රිය ය යන මොවුහු, පච්චනීයයෙහි “එකං” සකල ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, අනුලෝමයෙහි “නව”
ආහාරමූලක ඣාන දුකයෙහි ආහාරප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. ද්විපඤ්චවිඥානනාමස්කන්‍ධයන් හා ආහාරජරූපයෝ ධ්‍යානප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ, පච්චනීයයෙහි “එකං” ද්විපඤ්චවිඥාන වර්ජිත සකල ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, චිත්තජරූපයෝ ය, ප්‍රතිසන්‍ධිකර්‍මජරූපයෝ ය, අනුලෝමයෙහි “නව” ධ්‍යාන ප්‍රත්‍යය අනුව විස්තර කරනු.
ආහාරමූලක මග්ගදුකයෙහි ආහාරප්‍රත්‍යය බැහැරකිරීමක් නැත. අහේතුක ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අහේතුක චිත්තජ අහේතුකප්‍රතිසන්‍ධිකර්‍මජ ආහාරජ රූපයෝ ය යන මොවුහු මාර්‍ගප්‍රත්‍යය බැහැර කෙරෙති. “එකං” හේතුමූලකය අනුව විස්තර කරනු. බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජරූපයෝ පච්චනීයයෙහි “එකං” සහේතුක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධිකර්‍මජ නාමස්කන්‍ධයෝ ය, සහේතුකචිත්තජ සහේතුක ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයෝ ය, අනුලෝමයෙහි “නව” මාර්‍ගප්‍රත්‍යය මෙන් විස්තර කරනු. ආහාරමූලක සම්පයුත්තදුකය ආරම්මණදුකය මෙනි.
ආහාරමූලක විප්පයුත්තදුකයෙහි ආහාරප්‍රත්‍යය බැහැර කිරීමක් නැත. අරූපවිපාක ප්‍රවෘත්තිප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, අරූපභූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ ලෝභමූල මෝහමූල මහාකුශල මහාක්‍රියා අරූප කුශල අරූපක්‍රියා උපරිමමාර්‍ග සකලඵල නාමස්කන්‍ධයෝ ය, ආහාරජ රූපයෝ ය යන මොවුහු විප්පයුත්තය බැහැර කෙරෙති. “තීණි” බාහ්‍ය සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපයෝ පච්චනීයයෙහි “එකං” අනුලෝමය ශුද්ධ විප්‍රයුක්තය මෙන් විස්තර කරනු. අත්‍ථිදුකාදිය ද වුක්තානුසාරයෙන් දත යුතු.