සෙත් පිරිත්English

බොජ්ඣංග පරිත්තං

බොජ්ඣංග පිරිත · Bojjanga Piritha · Bojjhaṅga Parittaṃ

සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
3:18
හඬ බාගන්න

බොජ්ඣංග පරිත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම

පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.

බොජ්ඣංග සුත්තබොජ්ඣංග සූත්‍රය
සංසාරේ සංසරන්තානංසසර සැරිසරන සත්වයන්ගේ
සබ්බ දුක්ඛ විනාසනේසියලු දුක් විනාශ කරන්නා වූ ද,
සත්තධම්මේච බොජ්ඣංගේසප්ත බොජ්ඣංග ධර්මයන් ද,
මාරසේනාපමද්දනේමාර සේනාව මර්දනය කරන්නා වූ ද,
ඛුජ්ඣිත්වා යේ පිමේ සත්ත‌ේයම් සත්වයෝ මේ දහම අවබෝධ කරගෙන,
තිහවා මුත්තකුත්තමාභව තුනෙන් මිදුණු උත්තමයෝ වී,
අජාතිං අජරාබ්‍යාධිංඉපදීමක්, දිරායාමක්, රෝගී වීමක් නැති,
අමතං නිබ්භයං ගතානිර්භය වූ අමා නිවන් සුවයට පත් වූවාහු ද,
එවමාදී ගුණෝපේතංමෙබඳු ආදී ගුණයන්ගෙන් යුක්ත වූ,
අනේක ගුණසංගහංඅනන්ත ගුණයන්ගෙන් සමන්විත වූ,
ඔසධං ච ඉමං මන්තංඖෂධයක් හා මන්ත්‍රයක් බඳු වූ,
බොජ්ඣංගං ච භණාමහේමේ බොජ්ඣංග පිරිත අපි කියමු.
බොජ්ඣංගෝ සති සංඛාතෝසිහිය නම් වූ බොජ්ඣංගය ද,
ධම්මානං විචයෝ තථාඑසේම ධම්මවිචය (දහම් විමසීම) ද,
විරියං පීති පස්සද්ධිවීරිය, ප්‍රීතිය හා පස්සද්ධිය (සන්සිඳීම) ද,
බොජ්ඣංගා ච තතෝ පරේඉන්පසු එන බොජ්ඣංගයෝ වෙති.
සමාධුපෙක්ඛා බොජ්ඣංගාසමාධිය හා උපේක්ෂාව යන බොජ්ඣංග ද ඇතුළුව,
සත්තේ තේ සබ්බදස්සිනා,මේ සප්ත බොජ්ඣංගයන් සියල්ල දක්නා වූ,
මුනිනා සම්මදක්ඛාතාමුනීන්ද්‍රයන් වහන්සේ විසින් මැනවින් දේශනා කරන ලදී,
භාවිතා බහුලීකතාවඩන ලද්දේය, බහුල වශයෙන් පුරුදු කරන ලද්දේය.
සංවත්තන්ති අභිඤ්ඤායඒවා උසස් ඥානය පිණිස ද,
නිබ්බාණාය ච බෝධියා,නිවන හා අවබෝධය පිණිස ද පවතී.
එතේන සච්ච වජ්ජේනමේ සත්‍ය වචනයේ බලයෙන්,
සොත්ථි (තේ) හෝතු සබ්බදාඔබට සැමදා යහපතක්ම වේවා!
එකස්මිං සමයේ නාථෝඑක් සමයක ලෝක නාථයන් වහන්සේ,
මොග්ගල්ලානඤ්ච කස්සපං,මුගලන් සහ කස්සප යන තෙරණුන් වහන්සේලා,
ගිලානේ දුක්ඛිතේ දිස්වාරෝගීව දුක්ඛිතව සිටිනු දැක,
බොජ්ඣංගේ සත්ත දේසයිසප්ත බොජ්ඣංගයන් දේශනා කළ සේක.
තේ ච තං අභිනන්දිත්වාඋන්වහන්සේලා ද එය සතුටින් පිළිගෙන,
රෝගා මුච්චිංසු තං ඛණේ,එකෙණෙහිම ඒ රෝගයෙන් මිදුණාහ.
ඒතේන සච්ච වජ්ජේනමේ සත්‍ය වචනයේ බලයෙන්,
සොත්ථි (තේ) හෝතු සබ්බදාඔබට සැමදා යහපතක්ම වේවා!
ඒකදා ධම්මරාජාපිදිනක් ධර්මරාජයන් වහන්සේ ද,
ගේලඤ්ඤේනා’භිපීළිතෝ,ගිලන් බවෙන් පෙළුණු සේක්,
චුන්දත්ථෙරේන තං යේවචුන්ද තෙරණුන් ලවාම,
භාණාපෙත්වාන සාදරංඑම පිරිත ආදරයෙන් කියවා ගත් සේක.
සම්මෝදිත්වාන ආබාධාඑයින් සතුටට පත්ව ඒ ආබාධයෙන්,
තම්හා වුට්ඨාසි ඨානාසෝ,එකෙණෙහිම සුවපත් වූ සේක.
ඒතේන සච්ච වජ්ජේනමේ සත්‍ය වචනයේ බලයෙන්,
සොත්ථි (තේ) හෝතු සබ්බදාඔබට සැමදා යහපතක්ම වේවා!
පහීණාතේච ආබාධාඒ ආබාධයෝ දුරු වූහ,
තිණ්ණන්නම්පි මහේසිනංඒ මහා සෘෂිවරයන් වහන්සේලා තුන් නමගේම,
මග්ගාහත කිලේසාවමාර්ග ඥානයෙන් නැසූ කෙලෙසුන් මෙන්,
පත්තානුප්පත්ති ධම්මතංනැවත නූපදින තත්ත්වයට පත් වූහ.
ඒතේන සච්ච වජ්ජේනමේ සත්‍ය වචනයේ බලයෙන්,
සොත්ථි (තේ) හෝතු සබ්බදාඔබට සැමදා යහපතක්ම වේවා!
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. පාලි පෙළ සහ සිංහල පරිවර්තනය උපුටා ගැනීම පිරුවානා පොත් වහන්සේගෙනි.
උපකාර කල සියලුදෙනාට ද පින් අයත් වේවා. යම් දෝෂයක් ගැන අපව දැනුවත් කිරීමට pathnirvana@gmail.com.
මෙම පිරිත් අන්තර්ජාලය නොමැතිව ඇසීමට යෙදුම (offline app): Android iPhone / iPad ෴෴