මුල් පිටුව
ඛන්ධ පරිත්තං
ඛන්ධ පරිත්තං කඳ පිරිත
එවං මෙසේ
මෙ මා විසින්
සුතං අසන ලදී.
එකං සමයං එක් සමයෙක්හි
භගවා භාග්‍යවතුන් වහන්සේ
සාවත්ථියං සැවතෙහි
විහරති වැඩ වසන සේක
ජෙතවනෙ ජේතවන නම් වූ
අනාථ පිණ්ඩිකස්ස අනේපිඬු සිටුහු ගේ
ආරාමෙ ආරාමෙහි
තෙන ඛො පන සමයෙන එසමයෙහි
සාවත්ථියං සැවැත් නුවර
අඤ්ඤතරො භික්ඛු එක්තරා භික්ෂූ නමෙක්
අහිනා දට්ඨො සර්පයකු විසින් දෂ්ට කරන ලදුව
කාලකතො හොති කලුරිය කෙළේය.
අථ ඛො එකල්හි
සම්බහුලා භික්ඛු බොහෝ භික්ෂූන් වහන්සේලා
යෙන භගවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද
තෙනුපසංකමිංසු එතනට එළඹුනාහු ය
උපසංකමිත්වා එළඹ
භගවන්තං භාග්‍යවතුන් වහන්සේට
අභිවාදෙත්වා වැඳ
එකමන්තං එකත් පසෙක
නිසීදිංසු හුන්නාහු ය
එකමන්තං එකත් පසෙක
නිසින්නො ඛො හුන්නා වූ
තෙ භික්ඛු ඒ භික්ෂූහු
භගවන්තං භාග්‍යවතුන් වහන්සේට
එතදවොචුං මේ පුවත ද‍ැන්වූහ.
ඉධ භන්තෙ සාවත්ථියං ස්වාමීන් වහන්ස, මෙම සැවැත්නුවර සමීපයෙහි
අඤ්ඤතරො භික්ඛු එක්තරා භික්ෂු නමෙක්
අහිනා දට්ඨො සර්පයකු විසින් දෂ්ට කරන ලද්දේ
කාල කතො’ ති කළුරිය කෙළේ ය.
නහ නූන සො භික්ඛවෙ භික්ඛු මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂු තෙම (නොම)
චත්තාරි අහිරාජ කුලානි සතර අභිරාජකුලය
මෙත්තෙන චිත්තෙන මෙත් සිතින්
ඵරි පැතිර නො වී ය
සචෙහි ඉදින් වනාහි
සො භික්ඛවෙ භික්ඛු මහණෙනි, ඒ භික්ෂු තෙම
චත්තාරි අහිරාජ කුලානි සතර අහිරාජකුලයන්
මෙත්තෙන චිත්තෙන මෙත් සිතින්
එරෙය්‍ය පැතිරවී නම්
නහි (නොම)
සො භික්ඛවෙ භික්ඛු මහණෙනි, ඒ භික්ෂු තෙම
අභිනා දට්ඨො සර්පයා විසින් දෂ්ට කරන ලද්දේ
කාලංකරෙය්‍ය කලුරිය නො කරන්නේ ය.
කතමානි කවරහුද යත්?
චත්තාරි අහිරාජකුලානි සතර අභිරාජකුලයෝ.
විරූපක්ඛං අහිරාජකුලං විරූපාක්ෂ නම් සර්ප රාජකුලය
එරාපථං අහිරාජකුලං ඒරාපථ නම් සර්ප රාජකුලය
ඡඛ්‍යාපුත්තං අහිරාජකුලං ඡඛ්‍යාපුත්ත නම් සර්ප රාජකුලය
කණ්හා ගොතමකං අහිරාජකුලං කණ්හා ගොතමක නම් සර්ප රාජකුලය (යන මේ සතරයි.)
නහ නූන සො භික්ඛවෙ භික්ඛු මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂු තෙම (නොම)
ඉමානි චත්තාරි අහිරාජ කුලානි මේ සතර අභිරාජකුලය
මෙත්තෙන චිත්තෙන මෙත් සිතින්
ඵරි පැතිර නො වී ය.
සචෙහි ඉදින් වනාහි
සො භික්ඛවෙ භික්ඛු මහණෙනි, ඒ භික්ෂු තෙම
ඉමානි චත්තාරි අහිරාජ කුලානි මේ සතර අහිරාජකුලයන්
මෙත්තෙන චිත්තෙන මෙත් සිතින්
එරෙය්‍ය පැතිරවී නම්
නහි (නොම)
සො භික්ඛවෙ භික්ඛු මහණෙනි, ඒ භික්ෂු තෙම
අභිනා දට්ඨො සර්පයා විසින් දෂ්ට කරන ලද්දේ
කාලංකරෙය්‍ය කලුරිය නො කරන්නේ ය.
අනුජානාමි (අවසර දෙමි) අනුදනිමි
භික්ඛවෙ මහණෙනි
ඉමානි චත්තාරි අහිරාජකුලානි මේ සතර සර්ප රාජකුලයන්
මෙත්තේන චිත්තෙන මෙත් සිතින්
එරිතුං පතුරු වන්නට (කුමක් හෙයින්ද යත්?)
අත්ත ගුත්තියා තමාගේ සංවරණය පිණිස
අත්තරක්ඛාය තමහට ආරක්ෂාව පිණිස
අත්තපරිත්තායාති තමාහට පිරිත් පිණිස පවත්නා හෙයිනි.
ඉදමවොච භගවා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වද‍ාළ සේක
ඉදං වත්වා මෙසේ වද‍ාරා
සුගතො සුගත නම් වූ
අථාපරං නැවත ද මත්තෙහි
එතදවොච මෙය වද‍ාළ සේක
සත්ථා ශාස්තෘෘන් වහන්සේ
විරූපක්ඛෙහි විරූපාක්ෂ නම් සර්ප කුලයන් සමග ය
මෙ මාගේ
මෙත්තං මෛත්‍රීය
මෙත්තං මෛත්‍රිය
ඵරාපථෙහි ඒරාපථ නම් සර්ප රාජකුලයන් සමඟ ය
මෙ මාගේ
ඡඛ්‍යාපුත්තෙහි ඡඛ්‍යාපුත්ත නම් නාග කුලයන් සමඟ ය
මෙ මාගේ.
මෙත්තං මෛත්‍රිය
මෙත්තං මෛත්‍රීය
කණ්භගොතමකෙහි ව කණ්භාගොතමක නම් සර්ප කුලයන් සමඟ ය
මෙ මාගේ
අපාදකෙහි පා නැති දීර්ඝ ජාතීන් සමග ය
මෙ මාගේ
මෙත්තං මෛත්‍රීය
මෙත්තං මෛත්‍රිය
දීපාදකෙහි (දෙපා ඇති මිනිස් ආදී) දීපාදකයන් සමඟ ය
මෙ මාගේ
චතුප්පදෙහි සිවුපා සතුන් සමඟ ය
මෙ මාගේ.
මෙත්තං මෛත්‍රිය
මෙත්තං මෛත්‍රීය
බහුප්පදෙහි (පත්තෑ ආදී) බොහෝ පා ඇත්තවුන් සමඟ ය
මෙ මාගේ
මා මං හිංසි අපාදකො මා පා නැති සත්වයෙක් නො පෙළාවා
මා මං හිංසි දිපාදකො මා දීපාදක සත්වයෙක් නො පෙළාවා
මා මං හිංසි චතුස්පද‍ො මා සිවුපා සත්වයෙක් නො පෙළාවා
මා මං හිංසි බහුප්පද‍ො මා බොහෝ පා ඇති සත්වයෙක් නො පෙළාවා
සබෙ සත්තා සියලු සත්හු ද
සබ්බ පාණා සියලු ප්‍රාණීහුද
සබ්බෙ භුතා ච කෙවලා හුදෙක් සියලු භූතයෝ ද
සබ්බෙ හැමදෙන
භද්‍රානි යහපතක්ම
පස්සන්තු දකිත්වා.
මා කඤ්චි පාපමාගමා කිසිවකුත් කරා දුකෙක් නො පැමිණේවා!
අප්පමාණො බුද්ධො බුද්ධ ගුණය අපමණය
අප්පමාණො ධම්මො දහම් ගුණය අපමණය
අප්පමාණො සංඝො සංඝ ගුණය අපමණය
පමාණවන්තානි ප්‍රමාණ කළ හැක
සිරිංසපානි සිරිංසපයෝ හෙවත් දීර්ඝ ජාතීහු (එනම්)
අභි සර්පයෝ ය
විච්ඡිකා ගෝනුස්සෝ ය
සතපදී සතපදීහු ය (පත්තෑ ආදීහු)
උණ්ණානාභි මකුළුවෝ ය
සරබු සිකනල්ලු ය
මූසිකා මූසිකය හ (යන මේ වශයෙනි)
කතා මෙ රක්ඛා මා විසින් ආරක්ෂා කරන ලද්ද‍ාහ
කතා මෙ පරිත්තා මා විසින් පිරිත් කරන ලද්ද‍ාහ
පටික්කමන්තු පහවෙත්වා
භූතානි භූතයෝ
සො අහං ඒ මම
නමො නමස්කාර කරමි
භගවතො භාග්‍යවතුන් වහන්සේට
නමො නමස්කාර කරමි
සත්තන්නං සම්මා සම්බුද්ධානං සත් සම්බුදුවරයන්ට වහන්සේ ලාට
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.